ක්‍රීඩකයින් සහ අපි අතර කිසිම වැටුප් ආරවුලක් නැහැ – SLC

139

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් අතර ඇතිව තිබෙන ‘වැටුප් ආරවුලක්’ උපුටා දක්වමින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රවෘත්ති කිහිපයකට ප්‍රතිචාර වශයෙන් පහත සඳහන් පැහැදිලි කිරීම් ඉදිරිපත් කරමින් ඊයේ (29) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා.

එහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටින්නේ වාර්ෂිකව ‘ජාතික ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත්තු’ අලුත් කරන බවත්, ඒ සඳහා දෙපාර්ශවය අතර මනා අවබෝධයක් අවශ්‍ය වන බවයි. එය ගොඩනංවා ගැනීම වෙනුවෙන් දෙපාර්ශ්වය අතර ඵලදායී සංවාද පවත්වා එහි අවසන් තීරණය දැනුම් දීමට අපේක්ෂා කරන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම මාධ්‍ය නිවේදනය තුල සඳහන් කර සිටිනවා.

තවත් ක්‍රිකට් පුවත්:

එබැවින්, ‘කොන්ත්‍රාත් සාකච්ඡා’ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩකයින් අතර එවැනි ආරවුලක් හෝ අවහිරයක් නොමැති බවත්, මේ වන විට ක්‍රීඩකයන්ගේ සහ කළමනාකාරිත්වයේ අවධානය යොමු වී ඇත්තේ ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලිය සඳහා බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

ශ්‍රී ලංකා බංග්ලාදේශ සංචාරය අවසන් වූ වහාම ජාතික ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත්තු අලුත් කිරීම පිළිබඳ සාකච්ඡා අවසන් කර දෙපාර්ශවයන් අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ගිවිසුමකට එළඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උත්සාහ කරන බව ද එහි සඳහන් වෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<