Home Sinhala වනිඳු දඹුලු ක්‍රීඩකයන්ගේ බලාපොරොත්තු වනසා දමයි

වනිඳු දඹුලු ක්‍රීඩකයන්ගේ බලාපොරොත්තු වනසා දමයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය - Coverage powered by My Cola

223

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Dambulla Viiking සහ Jaffna Stallions අතර පැවති දෙවැනි අවසන් පූර්ව වටයේ තරගයෙන් ලකුණු 37ක ජයග්‍රහණයක් ලබා ගත් යාපනය ක්‍රීඩකයෝ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්හ. 

කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල ක්‍රීඩකයන්ගේ කැමැත්ත වූයේ පළමුවෙන් පන්දු යැවීමයි.ඒ අනුව ලද ආරාධනාව අනුව පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 165ක් ලබා ගත් අතර ප්‍රතිවාදී දඹුලු ක්‍රීඩකයන් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 128ක් පමණි. ඔවුන්ගේ ඉනිම අවසන් වීමට තවත් පන්දු 5ක් ද ඉතිරිව තිබුණි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය <<

අද තරගය සඳහා යාපනය කණ්ඩායමේ පෙර තරගයට ක්‍රීඩා නොකළ අවිශ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, Usman Shinwari ඇතුලත්ව තිබුණි. ඒ වෙනුවෙන් තම ස්ථාන අහිමි කරගෙන සිටියේ බිනුර ප්‍රනාන්දු, මහේෂ් තීක්ෂණ සහ Tom Moors ය. දඹුලු කණ්ඩායම වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස්, සහ කසුන් රාජිත නැවත කැඳවා තිබුණ අතර ඒ වෙනුවට පුලින තරංග සහ කවිඳු නදිශාන්ට කණ්ඩායමේ තැන අහිමි වී තිබුණි.

යාපනය ඉනිමේ ආරම්භය දඹුලු ක්‍රීඩකයන්ට එතරම්ම හිතකර වූයේ නැත. අවිශ්ක ප්‍රනාන්දු සහ Jhonson Charles එක්ව පළමු කඩුල්ලට ලකුණු 68ක සබඳතාවක් එක් කළේ දඹුලු පන්දු යවන්නෝ පීඩනයකට පත් කරමිනි. නමුත්  අවිශ්ක පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟ ලකුණු 39ක් ලබා ගනිමින් පළමු කඩුල්ල ලෙසින් දැවී ගියේ ඉනිමේ 9 වැනි පන්දුවාර ක්‍රියාත්මක වෙමින් තිබිය දී ය.

ඉනිමේ පළමු පන්දුවාරයේ කසුන් රාජිත අතහරිනු ලැබූ උඩ පන්දුවෙන් පසුව උපරිම ප්‍රයෝජනය ගත් අනෙක් ආරම්භක පිතිකරු Jhonson මෙම තරගාවලියේ තම මංගල අර්ධ ශතකය 39 වැනි පන්දුවේ දී වාර්තා කළේය. ඔහු ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙසින් දැවී යන විට පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 76ක් ලබා සිටියේය. ඔහු තරගයේ විරයා ලෙසින් ද නම් කෙරුණි.

ඔහු සහ චරිත් අසලංක දෙවැනි කඩුල්ලට ලකුණු 43ක සබඳතාවක් එක් කළහ. ලකුණු පුවරුව නෙල්සන් ලකුණේ නතර වී තිබිය දී චරිත් පන්දු 8කට මුහුණ දී හයේ පහරක් සමඟින් ලකුණු 10ක් ලබා දැවී ගියේය. අනතුරුව පිට පිට යැවුණ පන්දුවාර 4ක දී කඩුලු 5ක් දවා ගැනීමට දඹුලු පන්දු යවන්නෝ සමත් වූහ.  

එහි දී නායක තිසර පෙරේරා (7), Shoaib Malik (1), Jhonson Charles (76), චතුරංග ද සිල්වා (6) සහ ධනංජය ද සිල්වා (1) ඊට ගොදුරු වූහ. පසු පෙළින් පිටියට පිවිසි ක්‍රීඩකයන් අතරින් ඉලක්කම් දෙකේ ලකුණු ප්‍රමාණයක් වාර්තා කිරීමට සමත් වූයේ වනිඳු හසරංග පමණි. ඔහු පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 14ක් ලබා ගත්තේය.

තවත් LPL තතුවිත්ති:

දැවී ගිය අනෙක් ක්‍රීඩකයා වූ සුරංග ලක්මාල් රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව 5කි. පන්දු යැවීමේ දී මාලින්ද පුෂ්පකුමාර ලකුණු 24කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව ලහිරු කුමාර, Anwar Ali සහ රමේෂ් මෙන්ඩිස් කඩුල්ල බැගින් දවා ගත්හ.

ලකුණු 166ක හඹායන ඉනිමකට පිටියට පිවිසි දඹුලු ක්‍රීඩකයන්ගේ ආරම්භය එතරම් සාර්ථක වූයේ නැත. ඔවුන්ගේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 18ක් වෙද්දී ක්‍රීඩා විවේකාගාරයට හරවා යැවීමට ඔවුන් සමත් වූහ. එහි දී ආරම්භක පිතිකරු Samit Patel විනිසුරු අභියෝගයට ලක් කිරීමේ අවස්ථාවක් ද ලබා ගනිමින් ලකුණු 10කට දැවී ගියේය. අංක 1 ස්ථානයෙන් පිටියට පිවිසි ඇන්ජලෝ පෙරේරා අද රැස් කළේ ලකුණු 5ක් පමණි.

තෙවැනි පන්දුවාරය යැවූ සුරංග ලක්මාල්ගේ පන්දුවාරයට නිරෝෂන් දික්වැල්ල එල්ල කළ හතරේ පහර 4ක් සමඟින් ලකුණු 14ක් ලබා ගනිමින් ඔවුන් නැවත තරගයට අවතීර්ණ වූහ. ඒ වෙද්දී අනෙක් අන්තයේ සිටියේ උපුල් තරංග ය. ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ලට පන්දු 33ක දී ලකුණු 44ක සබඳතාවක් එක් කිරීමට සමත් වූහ. චරිත් අසලංකගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් දික්වැල්ල තම ඉනිම අවසන් කර ගන්නා විට පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 29ක් ලබා සිටියේය.

ඉන් අනතුරුව පිටියට පිවිසිනේ නායක දසුන් ශානකය. දසුන්ට ද අද තරගයේ දී වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට ඉඩ ලැබුණේ නැත. Usman Shinwari විසින් දමා ගසනු ලැබූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වදින විට තම සීමාවට මෙපිටින් සිටීම නිසා දසුන් දැවී යන විට පන්දු 6ක දී රැස් කරගෙන සිටියේ ලකුණු 5ක් පමණි. දසුන්ට අවශ්‍ය තරගයේ ම ලකුණු අතරට පිවිසීමට නොහැකි වීම විශාල පාඩුවක් විය.

එම පන්දුවාරයේ ම අවසන් පන්දුවේ දී නවක පිතිකරු ලෙසින් පිටියට පිවිසි Samiullah Shinwari දවා ගැනීමට වනිඳු හසරංග සමත් විය. ඒ වෙද්දී දඹුලු ඉනිම කියැවුණේ පන්දුවාර 11ක දී කඩුලු 5කට ලකුණු 73ක් ලෙසිනි. අනතුරුව උපුල් සහ Anwar Ali එක්ව දඹුලු ඉනිම බේරා ගැනීමේ මෙහෙයුම දියත් කළහ.

නමුත් ඔවුන්ට ද වැඩි වේලාවක් එක්ව රැඳී සිටීමට හැකි වන්නේ නැත. නැවත වතාවක් Usman Shinwari එල්ල කළ පහරක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා Anwar Ali (5) ද දැවි ගියේය. එම පන්දුවාරයේ ම අවසන් පන්දුවේ දී උපුල්ගේ ඉනිම ද නිමා විය. ඒ වෙද්දී ඔහු පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 33ක් ලබා සිටියේය.

දඹුලු ඉනිම විනාශ කිරීමේ නියමුවා වූ වනිඳු හසරංගට ගොදුරු වූ අවසානයා වූයේ මාලින්ද පුෂ්පකුමාර (1) ය. වනිඳු අද තරගයේ දී තම පන්දුවාර 4 ලකුණු 15කට සීමා කරමින් කඩුලු 3ක් දවා ගත්තේය.

කඩුලු එකින් එක බිඳ වැටි අසරණව සිටි අවස්ථාවේ දී  ක්‍රියාත්මක වූ රමේෂ් මෙන්ඩිස්, Duanne Olivier විසින් යැවුණ 18 වැනි පන්දුවාරයේ පළමු පන්දු තුනට 4, 4, 6ක් ලෙසින් පහරවල් එල්ල කළ අතර අනතුරුව පන්දුවේ දී උඩ පන්දුවක් දී දැවි යන විට පන්දු 10ක දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ලබා සිටියේය. අවසන් පිතිකරු ලෙසින් කසුන් රාජිත ලකුණු 2කට දැවී ගිය අතර ඉනිම අවසන් වන විට ලහිරු කුමාර නොදැවී ලකුණක් ලබා සිටියේය.

කඩුලු දවා ගැනීමේ දී වනිඳු හසරංගට අමතරව ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල්. චරිත් අසලංක, Duanne Olivier සහ චතුරංග ද සිල්වා කඩුල්ල බැගින් දවා ගත්හ.

Result


Dambulla Aura
128/10 (19.1)

Jaffna Kings
165/9 (20)

Batsmen R B 4s 6s SR
Avishka Fernando c Angelo Perera b Anwar Ali 39 26 2 4 150.00
Johnson Charles c Anwar Ali b Lahiru Kumara 76 56 10 1 135.71
Charith Asalanka c Anwar Ali b Malinda Pushpakumara 10 8 0 1 125.00
Thisara Perera c Anwar Ali b Ramesh Mendis 7 3 0 1 233.33
Shoaib Malik st Niroshan Dickwella b Malinda Pushpakumara 1 2 0 0 50.00
Chathuranga de Sliva run out (Malinda Pushpakumara) 6 4 1 0 150.00
Wanindu Hasaranga run out (Kasun Rajitha) 14 15 1 0 93.33
Dhananjaya de Silva run out (Kasun Rajitha) 1 1 0 0 100.00
Suranga Lakmal run out (Ramesh Mendis) 5 6 0 0 83.33
Usman Shinwari not out 0 1 0 0 0.00


Extras 6 (b 0 , lb 0 , nb 1, w 5, pen 0)
Total 165/9 (20 Overs, RR: 8.25)
Did not bat Duanne Olivier,

Bowling O M R W Econ
Lahiru Kumara 4 0 31 1 7.75
Kasun Rajitha 4 0 33 0 8.25
Samit Patel 4 0 28 0 7.00
Malinda Pushpakumara 4 0 24 2 6.00
Anwar Ali 2 0 27 1 13.50
Dasun Shanaka 1 0 13 0 13.00
Ramesh Mendis 1 0 10 1 10.00


Batsmen R B 4s 6s SR
Niroshan Dickwella lbw b Charith Asalanka 29 18 5 0 161.11
Samit Patel c Shoaib Malik b Suranga Lakmal 10 10 2 0 100.00
Angelo Perera c Thisara Perera b Dhananjaya de Silva 5 4 1 0 125.00
Upul Tharanga c Johnson Charles b Wanindu Hasaranga 33 39 5 0 84.62
Dasun Shanaka run out (Usman Shinwari) 5 6 0 0 83.33
Samiullah Shinwari lbw b Wanindu Hasaranga 4 4 1 0 100.00
Anwar Ali run out (Usman Shinwari) 5 9 0 0 55.56
Ramesh Mendis c Usman Shinwari b Duanne Olivier 26 10 4 1 260.00
Malinda Pushpakumara c Thisara Perera b Wanindu Hasaranga 1 2 0 0 50.00
Kasun Rajitha b Chathuranga de Sliva 2 11 0 0 18.18
Lahiru Kumara not out 1 3 0 0 33.33


Extras 7 (b 2 , lb 1 , nb 1, w 3, pen 0)
Total 128/10 (19.1 Overs, RR: 6.68)
Bowling O M R W Econ
Dhananjaya de Silva 4 0 23 1 5.75
Suranga Lakmal 3 0 24 1 8.00
Usman Shinwari 2 0 13 0 6.50
Shoaib Malik 1 0 8 0 8.00
Charith Asalanka 1 0 7 1 7.00
Duanne Olivier 4 0 35 1 8.75
Wanindu Hasaranga 4 1 15 3 3.75
Chathuranga de Sliva 0.1 0 0 1 0.00



Galle Gladiators සහ Jaffna Stallions අතර පැවැත්වෙන අවසන් මහා තරගය එළඹෙන 16 වැනිදා හම්බන්තොට දී පැවැත්වීමට නියමිතය.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු My Cola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<