Home Sinhala Taskinගේ අභියෝගය මැද දික්වැල්ල සහ රමේෂ් එකතු වෙයි

Taskinගේ අභියෝගය මැද දික්වැල්ල සහ රමේෂ් එකතු වෙයි

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

173
Bangladesh tour of Sri Lanka 2021

සංචාරක බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 469ක් ලබාගෙන සිටිනවා.

කෙසේ නමුත් අද (30) දිනයේ අවසන් හෝරා කිහිපය එතරම් ඵලදායී නොවුනේ අයහපත් ආලෝක තත්වය සහ අයහපත් කාලගුණික තත්වය නිසාවෙන් තරගය කිහිපවරක්ම නවතා දැමීමට සිදු වූ නිසාවෙනි. ඒ නිසාවෙන් තරගයේ දෙවැනි දිනය තුල දී ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබුණේ පන්දුවාර 65කුත් පන්දු 5ක් පමණයි.

දිනයේ නිමාව සටහන් වන විට සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 18 වැනි අර්ධ ශතකය රැස්කරගෙන සිටි නිරෝෂන් දික්වැල්ල සමඟ එක්වූ රමේෂ් මෙන්ඩිස් 7 වැනි කඩුල්ල සඳහා අගනා ලකුණු 87ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ලකුණු සටහන තවදුරටත් සවිමත් කිරීමේ වගකීම උපරිමයෙන් ඉටුකරමින් සිටිනවා.

කල්යත්ම මේ තණතීරුව පිතිකරණයට අපහසු වන නිසාවෙන් ශ්‍රී ලංකාවට පළමු ඉනිම තුල ඔවුන් ලබා ගන්නා ලකුණු ප්‍රමාණය තරගයේ ජයග්‍රහණයට ඉතාමත් වැදගත් වනු නිසැකයි.

තවත් ක්‍රිකට් පුවත්:

බංග්ලාදේශ පන්දු යවන්නන් අතරින් වේගපන්දු යවන ක්‍රීඩක Taskin Ahmed ඉතාමත් හොඳින් පන්දු යැවූ අතර දිනයේ පළමු කඩුල්ල වශයෙන් ලකුණු 140ක් ලබාගෙන සිටි ලහිරු තිරිමාන්නව පිටියෙන් ඉවත් කිරීමට Taskin සමත් වුනා.

ඔහු පුරා පැය හත හමාරකට අධික කාලයක් (මිනිත්තු 445ක්) කඩුල්ලේ රැඳී සිටිමින් පන්දුවට පහර දුන් අතර එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ දැනට වාර්තා වී තිබෙන දීර්ඝතම ඉනිම ලෙසින් සටහන් වුනා. පන්දු 298කට මුහුණ දුන් තිරිමන්නගේ ඉනිම සඳහා 4 පහර 15ක් ඇතුළත් වුනා. 

අනතුරුව පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස්ට ද වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට Taskin ඉඩ ලබා දුන්නේ නැහැ. යවන ලද තෙවැනි පන්දුව, මැතිව්ස්ගේ පිත්තේ පිටත දාරයේ වැදී උඩ පන්දුවක් ලෙස කඩුලු රකින ක්‍රීඩක Liton Das වෙත ඇදී ගිය ද, ඒ සඳහා කිසිවකුත් ඉල්ලීමක් නොකිරීම මැතිව්ස්ට වාසනාවන්ත වුනා.

කෙසේ වුවත් ඉන් උපරිම ඵල නෙලාගැනීමට මැතිව්ස්ට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ ඉන් පන්දු 12කට පසු Taskinගේම පන්දුවකටම මැතිව්ස් Das අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගිය නිසයි.

පළමු තරගයේ දී ශතකයක් වාර්තා කර ගත් ධනංජය ද සිල්වා Taijul Islam විසින් දවා ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට දිනයේ තෙවැනි කඩුල්ලත් අහිමි වුනා. Taijul Islamගේ පන්දුවකට ස්ලිප් ස්ථානනයේ පන්දු රැකි Najmul Hossain රැකගත් උඩ පන්දුවක් නිසා ධනංජයගේ ඉනිම ලකුණු දෙකකට සීමා වීමත් සමඟින් ශ්‍රී ලංකා මැදපෙළ තරමක් කඩා වැටීමකට ලක්වුනා.

>>Photos: Bangladesh tour of Sri Lanka 2021 | 2nd Test – Day 2<<

Taskin තම තුන්වැනි කඩුල්ල වශයෙන් යොවුන් නවක පිතිකරු පැතුම් නිස්සංකගේ කඩුල්ල දවා ගත්තේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වද්දවමිනි. පිට ඉන්නට මඳක් ඈතින් පතිත වුණු එම පන්දුව නිස්සංක සිතූ තරම්  ඉපිලීමකින් තොරව ඔහු වෙත ඇදී ආ නිසාවෙන් සිය කඩුල්ල අනපේක්ෂිත ලෙස අහිමි කරගැනීමට නිස්සංකට සිදු වුනා. ඕෂද සමඟ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54ක සම්බන්ධතාවයක් ගොඩනැංවීමට දායකත්වයක් ලබා දුන් නිස්සංකගේ ඉනිම ලකුණු 30ට සීමා වුනා.

දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්නට අමතරව පළමු දිනයේ සිට එතෙක් වේලා හොඳින් පන්දුවට පහර දුන් ඕෂද ස්වීප් පහරක් එල්ල කිරීමට යෑමෙන් සිය කඩුල්ල අහිමි කරගත්තා. දඟපන්දු යවන Mehidy Hasan Mirazගේ පන්දුවකට එල්ල කරන ලද ස්වීප් පහර ඕෂදගේ අත් ආවරණවලත් පසුව පිත්තේත් වැදී කඩුලු රැකි Dasගේ දෑත් ආවරණ මත රැඳී දැවී යන විට ඔහු ලකුණු 81 ක් ලබාගෙන සිටියා.

පන්දු 221 කින් සමන්විත වුණු ඕෂදගේ ඉනිමට හතරේ පහර 8ක් ඇතුළත් වුනු අතර ඔහු අද දිනයේ දී සම්පූර්ණ කරගත්තේ සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ සිව්වැනි ටෙස්ට් අර්ධ ශතකයයි.

තරගයේ තෙවැනි දිනය හෙට (1) පැවැත්වෙන අතර තරගාවලියේ  සියලු තරග තොරතුරු JAT සහ NDB අනුග්‍රහය ඇතිව ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Result


Sri Lanka
493/7 (159.2) & 194/9 (42.2)

Bangladesh
251/10 (51) & 227/10 (71)

Batsmen R B 4s 6s SR
Dimuth Karunarathne c Liton Das b Shaiful Islam 118 190 15 0 62.11
Lahiru Thirimanne c Liton Das b Taskin Ahamed 140 253 15 0 55.34
Oshada Fernando c Liton Das b Mehidy Hasan Miraz 81 221 8 0 36.65
Angelo Mathews c Liton Das b Taskin Ahamed 5 15 1 0 33.33
Dhananjaya de Silva c Najmul Hossain Shanto b Taijul Islam 2 9 0 0 22.22
Pathum Nissanka b Taskin Ahamed 30 84 3 0 35.71
Niroshan Dickwella not out 77 72 8 1 106.94
Ramesh Mendis c Mushfiqur Rahim b Taskin Ahamed 33 68 2 0 48.53


Extras 7 (b 3 , lb 2 , nb 1, w 1, pen 0)
Total 493/7 (159.2 Overs, RR: 3.09)
Fall of Wickets 1-209 (63.1) Dimuth Karunarathne, 2-313 (104.1) Lahiru Thirimanne, 3-319 (108.1) Angelo Mathews, 4-328 (111.5) Dhananjaya de Silva, 5-382 (135.4) Pathum Nissanka, 6-382 (136.2) Oshada Fernando,

Bowling O M R W Econ
Abu Jayed 22 4 69 0 3.14
Taskin Ahamed 34.2 7 127 4 3.71
Mehidy Hasan Miraz 36 7 118 1 3.28
Shaiful Islam 29 6 91 1 3.14
Taijul Islam 38 7 83 1 2.18
Batsmen R B 4s 6s SR
Tamim Iqbal c Lahiru Thirimanne b 92 15 12 0 613.33
Saif Hassan c Dhananjaya de Silva b 25 62 4 1 40.32
Najmul Hossain Shanto c Lahiru Thirimanne b Ramesh Mendis 0 4 0 0 0.00
Mominul Haque lbw b Ramesh Mendis 49 104 7 0 47.12
Mushfiqur Rahim lbw b 40 62 7 0 64.52
Liton Das c Lahiru Thirimanne b 8 11 2 0 72.73
Mehidy Hasan Miraz lbw b Suranga Lakmal 16 33 1 0 48.48
Taijul Islam hit-wicket b 9 50 1 0 18.00
Taskin Ahamed lbw b 0 11 0 0 0.00
Shaiful Islam b Suranga Lakmal 0 8 0 0 0.00
Abu Jayed not out 0 4 0 0 0.00


Extras 12 (b 2 , lb 9 , nb 1, w 0, pen 0)
Total 251/10 (51 Overs, RR: 4.92)
Fall of Wickets 1-98 (25.4) Saif Hassan, 2-151 (43.2) Tamim Iqbal,

Bowling O M R W Econ
Suranga Lakmal 10 0 30 2 3.00
Vishwa Fernando 7 1 19 0 2.71
Angelo Mathews 2 0 7 0 3.50
Ramesh Mendis 31 7 86 2 2.77
Dhananjaya de Silva 1 0 6 0 6.00
Batsmen R B 4s 6s SR
Lahiru Thirimanne c Najmul Hossain Shanto b Mehidy Hasan Miraz 2 6 0 0 33.33
Dimuth Karunarathne c Tamim Iqbal b Saif Hassan 66 78 7 1 84.62
Oshada Fernando st Liton Das b Taijul Islam 1 5 0 0 20.00
Angelo Mathews c Saif Hassan b Taijul Islam 12 35 0 1 34.29
Dhananjaya de Silva c Najmul Hossain Shanto b Mehidy Hasan Miraz 41 52 4 1 78.85
Pathum Nissanka c Shaiful Islam b Taijul Islam 24 31 2 0 77.42
Niroshan Dickwella c Taijul Islam b Taskin Ahamed 24 25 2 0 96.00
Ramesh Mendis c Tamim Iqbal b Taijul Islam 8 12 1 1 66.67
Suranga Lakmal b Taijul Islam 12 6 0 0 200.00
Praveen Jayawickrama not out 3 5 0 0 60.00


Extras 1 (b 0 , lb 0 , nb 1, w 0, pen 0)
Total 194/9 (42.2 Overs, RR: 4.58)
Bowling O M R W Econ
Mehidy Hasan Miraz 14 3 66 2 4.71
Shaiful Islam 1 0 8 0 8.00
Taijul Islam 19.2 2 72 5 3.75
Taskin Ahamed 4 0 26 1 6.50
Saif Hassan 4 0 22 1 5.50


Batsmen R B 4s 6s SR
Tamim Iqbal c Niroshan Dickwella b Ramesh Mendis 24 26 3 1 92.31
Saif Hassan c Suranga Lakmal b Praveen Jayawickrama 34 46 5 1 73.91
Najmul Hossain Shanto b Praveen Jayawickrama 26 44 4 0 59.09
Mominul Haque b Ramesh Mendis 32 48 4 0 66.67
Mushfiqur Rahim c Dhananjaya de Silva b Ramesh Mendis 40 63 5 0 63.49
Liton Das lbw b Praveen Jayawickrama 17 46 1 0 36.96
Mehidy Hasan Miraz c Pathum Nissanka b Praveen Jayawickrama 39 89 4 0 43.82
Taijul Islam c Niroshan Dickwella b Dhananjaya de Silva 2 30 0 0 6.67
Taskin Ahamed c Dimuth Karunarathne b Ramesh Mendis 7 33 0 0 21.21
Shaiful Islam not out 0 2 0 0 0.00
Abu Jayed lbw b Praveen Jayawickrama 0 3 0 0 0.00


Extras 6 (b 3 , lb 2 , nb 1, w 0, pen 0)
Total 227/10 (71 Overs, RR: 3.2)
Fall of Wickets 1-31 (7.1) Tamim Iqbal, 2-73 (16.4) Saif Hassan, 3-104 (22.5) Najmul Hossain Shanto, 4-134 (31.6) Mominul Haque, 5-171 (41.4) Mushfiqur Rahim, 6-183 (50.2) Liton Das, 7-206 (61.2) Taijul Islam, 8-227 (69.4) Taskin Ahamed, 9-227 (70.3) Mehidy Hasan Miraz, 10-227 (70.6) Abu Jayed,

Bowling O M R W Econ
Suranga Lakmal 4 2 14 0 3.50
Ramesh Mendis 28 2 103 4 3.68
Praveen Jayawickrama 32 10 86 5 2.69
Dhananjaya de Silva 7 1 19 1 2.71



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <