දෙවැනි පෙළ Tier A ශූරතාවය පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට

19න් පහළ දෙවන පෙළ Tier A තරගාවලිය 2021

199

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 19න් පහළ දෙවැනි පෙළ Tier A තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (30) කොළඹ BRC පිටියේ දී පැවැත්වුණා. එහි දී පානදුර සාන්ත ජෝන් විද්‍යාලයට එරෙහිව කඩුලු 6ක පහසු ජයක් ලබා ගැනීමට පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සමත් වුනා.

අවසන් මහා තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ පානදුර සාන්ත ජෝන් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. එහි දී ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය පන්දුවාර 33කුත් පන්දු 4ක් අවසානයේ දී සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 68ක් පමණයි.

තවත් ක්‍රිකට් පුවත්:

සාන්ත ජෝන් විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් හුදකලා සටනක නිරත වූ දකුණත් පිතිකරු අමිල තුරුවන් 4 පහර 2ක් එල්ල කරමින් ලකුණු 15ක් වාර්තා කළ අතර වමතින් දඟපන්දු යවන විශ්ව කුමාර ලකුණු 12කට කඩුලු 5ක් ලබා ගත්තා. ඊට අමතරව චාරුක ජයතිලක කඩුලු 3ක් දවා ගත්තා.

ලකුණු 69ක පහසු ඉලක්කයක් හඹා යාමට පැමිණි පානදුර ශ්‍රී සුමංගල කණ්ඩායමේ පිතිකරුවන් ඔවුන්ට ලැබුණු ඉලක්කය පන්දුවාර 19කුත් පන්දු 3ක් අවසානයේ පහසුවෙන්ම හඹා ගියා. ඒ සඳහා ඔවුන්ට වැය වූයේ කඩුලු 4ක් පමණයි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු මිහිරංග ප්‍රනාන්දු නොදැවී ලකුණු 36*ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී දිනුෂ්ක මදුෂාන් පානදුර සාන්ත ජෝන් විද්‍යාලය වෙනුවෙන් කඩුලු 2ක් දවා ගත්තා.

  • පානදුර සාන්ත ජෝන් විද්‍යාලය – 68 (33.4): අමිල තුරුවන් 15, විශ්ව කුමාර 5/12, චාරුක ජයතිලක 3/14
  • පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය – 69/4 (19.3): මිහිරංග ප්‍රනාන්දු 36*, දිනුෂ්ක මදුෂාන් 2/06

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට කඩුලු 6ක පහසු ජයක්

කෙසේ නමුත් මෙවර පැවැත්වෙන පාසල් ක්‍රිකට් තරගාවලි අවසානයේ දී ඉදිරි පෙළකට උසස් වීම් හෝ පහළ පෙළකට පහත දැමීම් සිදු නොකරන නිසා මේ පාසල් දෙකම ඊළඟ වසරේ දී ද දෙවැනි පෙළ කාණ්ඩයේම ක්‍රීඩා කිරීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <