කාලිංග වසර 23ක වාර්තාවක් බිඳ හෙළද්දී, ජනිදුගෙන් ජාතික වාර්තාවක්

101වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය 2023

1856
101වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය 2023

ජාතික මලල ක්‍රීඩා පිටිය උණුසුම් කරමින් පැවැත්වෙන 101 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දෙවැනි දිනයේ තරග ඉසව් අද (29) පැවැත්වුණා.

තරගාවලියේ මෙතෙක් පැවති වැඩිම අවධානය දිනා ගත් ඉසව්ව වූ පිරිමි මීට 400 ඉසව්ව ජයග්‍රහණය කිරීමට කාලිංග කුමාරගේ සමත් වුනා. කැපී පෙනෙන ධාවනයක් පෙන්නුම් කළ කාලිංග ඉසව්ව අවසන් කිරීමට ගත කළ කාලය තත්පර 45.07ක්.

එම කාලය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් මීටර් 400 ඉසව්ව සඳහා වාර්තා කළ දෙවැනි වේගවත්ම කාලය සහ රොහාන් ප්‍රදීප් කුමාර විසින් වසර 23කට පෙර පිහිටුවා තිබූ තරගාවලි වාර්තා අලුත් කිරීමට ද ඔහු සමත් වුනා.

තරගයේ දෙවැනි ස්ථානය තත්පර 45.45ක කාලයකින් ඉසව්ව අවසන් කළ අරුණ දර්ශන දිනා ගත්තේ ඔහු ද එම ඉසව්ව සඳහා වාර්තා කළ වේගවත්ම කාලය සටහන් කරමිනුයි.

එමෙන්ම තරගාවලියේ පිහිටවූ පළමු ජාතික වාර්තාව පිහිටුවමින් තමන්ගේම වාර්තාව අලුත් කිරීමට කඩුලු පැනීමේ ක්‍රීඩක ජනිඳු ලක්විජයට හැකි වුනා. මීටර් 110 කඩුලු පැනීමේ මූලික තරගයට සහභාගී වූ ඔහු තත්පර 13.77ක කාලයකින් තරගය අවසන් කළා.

තරගාවලියේ වේගවත්ම ඉසව්ව වන මීටර් 100 ඉසව්වේ පිරිමි අදියර තත්පර 10.40ක කාලයකින් අවසන් කරමින් සිය ජාතික ශූරතාවය රැක ගැනීමට චමෝද් යෝදසිංහට හැකි වූ අතර කාන්තා තරගය තත්පර 11.89ක කාලයකින් අවසන් කළ රුමේෂිකා රත්නායක ජයග්‍රහණය සඳහා හිමිකම් කීවා.

කාන්තා මීටර් 400 ඉසව්වේ පළමු ස්ථානය තත්පර 53.46ක කාලයක් වාර්තා කළ ඉන්දීය ක්‍රීඩිකා Soniya Baishya විසින් දිනා ගනිද්දී, තත්පර 53.75ක කාලයකින් අවසන් කළ Soniya Baishya දෙවැනි ස්ථානය දිනා ගත්තා.

දිනයේ බිඳ වැටුණු අනෙක් තරගාවලි වාර්තාව සටහන් කරමින් පිරිමි මීටර් 3000 බාධක දිවීම ඉසව්වේ නව වාර්තාවක් පිහිටුවීමට ඉන්දීය ක්‍රීඩක Bal Kishanට හැකි වුනේ මිනිත්තු 8:51.34ක කාලයකින් තරගය අවසන් කරමිනුයි.

>> තරගාවලියේ දෙවැනි දිනයේ තරග ප්‍රතිඵල <<

තරගාවලියේ තීරණාත්මක සහ අවසන් දිනය වන හෙට (30) සහය දිවීමේ අවසන් තරග පැවැත්වීමට නියමිතයි.

එම තරග සහ තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>>තවත්මලලක්‍රීඩාපුවත්සඳහාපිවිසෙන්න<<