Home Sinhala තියුණු සටනකින් පසු ජයග්‍රහණය ඕස්ට්‍රේලියාවට

තියුණු සටනකින් පසු ජයග්‍රහණය ඕස්ට්‍රේලියාවට

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

267
REUTERS

2021 ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් සුපිරි 12 වටයේ තරග ආරම්භ කරමින් අද (23) සවස් වරුවේ ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අබුඩාබි නුවර Sheikh Zayed ක්‍රීඩාංගණයේ දී තරග බිමට පිවිසියා.

සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගයේ කාසිය වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානු නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා දකුණු අප්‍රිකාවට ආරාධනා කළා.

  • ඕස්ට්‍රේලියාව: Aaron Finch (c), David Warner, Mitchell Marsh, Glenn Maxwell, Steven Smith, Marcus Stoinis, Matthew Wade (wk), Pat Cummins, Mitchell Starc, Adam Zampa, Josh Hazlewood
  • දකුණු අප්‍රිකාව: Quinton de Kock (wk), Temba Bavuma (c), Aiden Markram, Rassie van der Dussen, David Miller, Heinrich Klaasen, Dwaine Pretorius, Keshav Maharaj, Kagiso Rabada, Anrich Nortje, Tabraiz Shamsi

සිය නායකයාගේ තීරණයට උපරිම සාධාරණයක් ඉටු කරමින් දකුණු අප්‍රිකානු මුල් කඩුලු හතර ලකුණු 46ක් තුළ දවා ගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට හැකි වුනේ දකුණු අප්‍රිකානු මුල්පෙළ පිතිකරුවන් නරඹන්නන් බවට පත්කරමිනුයි.

වැටී තිබූ දකුණු අප්‍රිකානු ඉනිමට යම් සහනයක් ගෙන දෙමින් පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 34ක සමබන්ධතාවක් පිහිටුවීමෙන් පසු ලකුණු 16ක් ලබා සිටි David Miller දැවී ගියේ Adam Zampaගේ පන්දුවක් හමුවේයි.

දකුණු අප්‍රිකානු ඉනිමෙහි වැඩිම ලකුණු ලාභියා වෙමින් පන්දු 36ක් තුළ ලකුණු 40ක් රැස්කිරීමට Aiden Markram සමත් වූ අතර අගපෙළ පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි Kagiso Rabada ලබා ගත් ලකුණු 19 නිසාවෙන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 118ක් ලබා ගැනීමට ඔවුන්ට හැකි වුනා.

පන්දු යැවීමේ දී Mitchell Starc, Adam Zampa සහ Josh Hazlewood අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගිය අතර Pat Cummins සහ Glenn Maxwell එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

ලකුණු 119ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු ඉනිම ආරම්භ කළේ අත්දැකීම් බහුල පිතිකරුවන් දෙදෙනෙකු වන Aaron Finch සහ David Warner විසිනුයි.

ඕස්ට්‍රේලියානු පිතිකරුවන් හට ආරම්භයේ සිටම දැඩි පීඩනයක් එල්ල කරමින් මුළු ලකුණු සංඛ්‍යාව 38ක් වන විට Aaron Finch, David Warner සහ Mitchell Marsh නරඹන්නන් බවට පත්කිරීමට දකුණු අප්‍රිකානුවන්ට හැකි වුනා.

එම කඩා වැටීමෙන් පසුව පිටියේ එක්වූ Glenn Maxwell සහ Steven Smith ලකුණු 42ක සම්බන්ධතාවක් ගොඩනගමින් තරගයේ වැඩි වාසි සිය කණ්ඩායමට ගෙන ඒමට සමත්වූවත්, මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 81ක් වන විට Smith ලකුණු 35කට සහ Maxwell ලකුණු 18කට පිටියෙන් ඉවත් කිරීමට දකුණු අප්‍රිකානුවන්ට හැකි වුනේ තරගය නැවත දෙපිලටම විවර කරමිනුයි.

ඉන්පසු පිටියේ එක්වූ Marcus Stoinis සහ Matthew Wade හයවැනි කඩුල්ල සඳහා ලකුණු 40ක නොබිදිණු සම්බන්ධතාවක් පිහිටුවමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියා. Marcus Stoinis නොදැවී ලකුණු 24ක් සහ Wade නොදැවී ලකුණු 15ක් රැස්කළා.

එම ජයග්‍රහණයත් සමඟින් 2021 විස්සයි  විස්ස ලෝක කුසලානය ජයග්‍රහණයකින් අරඹමින් සිය කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියානුවන්ට හැකි වුනා.

  • දකුණු අප්‍රිකාව: 118/9 (20) – Aiden Markram 40, Kagiso Rabada 19, Josh Hazlewood 2/19, Adam Zampa 2/21
  • ඕස්ට්‍රේලියාව: 121/5 (19.4) – Steven Smith 35, Marcus Stoinis 24, Anrich Nortje 2/21

2021 පන්දුවාර විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 වටයේ තවත් තරගයක් අද (23) රාත්‍රියේ එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැත්වෙනවා.

එම තරගයේ තොරතුරු ඇතුළුව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<


Result


Australia
121/5 (19.4)

South Africa
118/9 (20)

Batsmen R B 4s 6s SR
Temba Bavuma b Glenn Maxwell 12 7 0 0 171.43
Quinton de Kock b Josh Hazlewood, 7 12 0 0 58.33
Rassie van der Dussen c Matthew Wade b Josh Hazlewood, 2 10 0 0 20.00
Aiden Markram c Glenn Maxwell b Mitchell Starc 40 36 1 0 111.11
Heinrich Klaasen c Steve Smith b Pat Cummins 13 13 0 0 100.00
David Miller lbw b Adam Zampa 16 18 0 0 88.89
Dwaine Pretorius c Matthew Wade b Adam Zampa 1 2 0 0 50.00
Keshav Maharaj run out () 0 2 0 0 0.00
Kagiso Rabada not out 19 23 0 0 82.61
Anrich Nortje c Aaron Finch b Mitchell Starc 2 3 0 0 66.67
Tabraiz Shamsi not out 0 1 0 0 0.00


Extras 6 (b 2 , lb 3 , nb 0, w 1, pen 0)
Total 118/9 (20 Overs, RR: 5.9)
Bowling O M R W Econ
Mitchell Starc 4 0 32 2 8.00
Glenn Maxwell 4 0 24 1 6.00
Josh Hazlewood, 4 1 19 2 4.75
Pat Cummins 4 0 17 1 4.25
Adam Zampa 4 0 21 2 5.25


Batsmen R B 4s 6s SR
Aaron Finch c Kagiso Rabada b Anrich Nortje 0 5 0 0 0.00
David Warner c Heinrich Klaasen b Kagiso Rabada 14 15 0 0 93.33
Mitchell Starc c Rassie van der Dussen b Keshav Maharaj 11 17 0 0 64.71
Steve Smith c Aiden Markram b Anrich Nortje 35 34 0 0 102.94
Glenn Maxwell b Tabraiz Shamsi 18 21 0 0 85.71
Marcus Stoinis not out 24 16 0 0 150.00
Matthew Wade not out 15 10 0 0 150.00


Extras 4 (b 0 , lb 1 , nb 0, w 3, pen 0)
Total 121/5 (19.4 Overs, RR: 6.15)
Bowling O M R W Econ
Kagiso Rabada 4 0 28 1 7.00
Anrich Nortje 4 0 21 2 5.25
Keshav Maharaj 4 0 23 1 5.75
Tabraiz Shamsi 4 0 22 1 5.50
Dwaine Pretorius 3.4 0 26 0 7.65