කාලිංග ඉන්දියාවේ දී රන් දිනයි

62 වැනි අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවය 2023

1295

ඉන්දියාවේ දී පැවැත්වෙන අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා උළෙලේ පළමු පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට කාලිංග කුමාරගේ අද (16) සමත් වුනා.

පිරිමි මීටර් 400 අවසන් තරගය සඳහා සහභාගී වූ කාලිංග එහි අවසන් තරගය තත්පර 45.64ක කාලයකින් අවසන් කරමින් රන් පදක්කම දිනා ගත්තා.

කාලිංග මෙම තරගයේ දී තත්පර 46කට අඩු කාලයක් වාර්තා කිරීම කැපී පෙනෙන අතර ඔහු මෙම තරගාවලියේ වාර්තා කළ වේගවත්ම කාලය ද මෙයයි.

තරගාවලියේ මූලික වටයේ දී කාලිංග තත්පර 46.76ක කාලයක් වාර්තා කළ අතර අවසන් පූර්ව වටයේ දී තත්පර 46.27ක දස්කමක් වාර්තා කරමින් ඔහු අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.

මෙය මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු දිනා ගත් පළමු පදක්කම වන අතර කාලිංගට අමතරව තරගාවලිය සඳහා චමෝද් යෝදසිංහ සහ ජනිඳු ලක්විජය සහභාගී වෙනවා.

තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<