දෙස් විදෙස් දස්කම් වලින් උණුසුම් වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවය

101 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය 2023

215
101st National Athletics Championship

ජාතික මලල ක්‍රීඩා පිටියේ පැවැත්වෙන ප්‍රධානතම තරගාවලිය වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ 101 වැනි අදියර හෙට (28) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. 

දින තුනක් පුරාවට (28 සිට 30 දක්වා) පැවැත්වෙන මෙම තරගාවලිය ලෝක ශූරතාවය සහ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ කාලසීමාව තුළ පැවැත්වෙන නිසා මෙම තරගාවලිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉතා වැදගත් වෙනවා.  

මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආසියානු තලයේ ඉහළ දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව ආරාධිත කණ්ඩායම් ලෙස ඉන්දීය සහ මාලදිවයින් කණ්ඩායම් සහභාගී වීම විශේෂත්වයක්.  

තරගාවලියේ ආරම්භක දිනය වන හෙට (28) මීටර් 1000 කාන්තා සහ පිරිමි, මීටර් 1500 කාන්තා අවසන් තරග පැවැත්වෙන අතර එදිනම කාන්තා රිටි පැනීම, දුර පැනීම, හෙල්ල විසි කිරීම, මිටිය විසිකිරීම වැනි ඉසව්වල අවසන් තරග ද පැවැත්වීමට නියමිතයි. 

තරගාවලියේ උණුසුම් දිනයක් වන සෙනසුරාදා (29) උදෑසන කාන්තා සහ පිරිමි මීටර් 100 සහ 400 අවසන් තරග පැවැත්වෙන අතර සවස මීටර් 3000 බාධක දිවීමේ අවසන් තරග පැවැත්වෙනවා. 

අවසන් දිනය වන ඉරිදා (30) උදෑසන මීටර් 800 සහ 200 අවසන් තරග පවත්වා කාන්තා සහ පිරිමි මීටර් 4×400 සහය දිවීමේ තරගයන්ගෙන් තරගාවලිය අවසන් කිරීමට නියමිතයි. 

ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම් වලට ලෝක ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීමට වැඩි ඉඩක් ඇති නිසා මෙම සහය දිවීමේ තරග ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ඉතා වැදගත් වෙනවා.  

මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික තලයේ ක්‍රීඩකයින් සියල්ලම පාහේ සහභාගී වීමට අපේක්ෂාවෙන් පසු වන නමුත් ලෝක විශ්ව විද්‍යාල තරගාවලියට සහභාගී වීම නිසා කෙටි දුර ධාවන ශූරී අමාෂා ද සිල්වා හට මෙවර තරගාවලිය අහිමි වෙනවා.  

තරගාවලියේ කාලසටහන,

2023 ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.  

>>තවත්මලලක්‍රීඩාපුවත්සඳහාපිවිසෙන්න<<