ශායි හෝප් ඇෆ්ගනිස්තානය ග්‍රහණයට ගනී

112

ලක්නව් හී භාරත් රත්න ශ්‍රී අත්ල් බිහාරි වජ්බාප් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ (11) අවසන් වූ ඇෆ්ගනිස්තානය හ බටහිර ඉන්දීය කොදෙව් අතර තරගයේ දී කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ සමත් වූහ. 

මෙම ජයග්‍රහණයත් සමඟින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ තරග තුනකින් සමන්විත වූ එක්දින තරගාවලිය 3-0ක් ලෙසින් ද ජයග්‍රහණය කිරීමට සමත් වූහ. 

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අභිබවා බංග්ලාදේශ පිතිකරුවන් නැගිටියි

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා බංග්ලාදේශ වයස අවුරුදු 19න් …

ලක්නව්, භාරත් රත්නා ශ්‍රී අතල් බිහාරි වප්පායි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දි පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදීන් සතු කළහ. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 7ක් දැවී ලකුණු 249ක් රැස් කළහ. පිළිතුරු ලෙසින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 253ක් ලබා ගත්හ. 

ඇෆ්නිස්තාන ඉනිමේ දී ආරම්භක කඩුලු කිහිපය අඩු ලකුණුවලට සීමා වෙද්දී ආරම්භක පිතිකරු හස්රතුල්ලා ශශායි පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තේය. 

එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ පන්දු 85ක දී ලකුණු 86ක් ලබා ගත් අස්ගර් ඇෆ්ගා ය. එම ඉනිම හතරේ පහර 3ක් සහ හයේ පහර 6කින් සමන්විත කර ගැනීමට ඔහු සමත් විය. ඊට අමතර ව ඔහු මොහොමඩ් නබී හා එක්වෙමින් 6 වැනි කඩුල්ලට ලකුණු 127ක සබඳතාවක් ද ගොඩ නැගීමට සමත් විය. මොහොමඩ් නබී ඉනිම අවසන් වන විට පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 50ක් ලබා සිටියේය. 

අජන්ත මෙන්ඩිස්ගේ වාර්තාව චාහර් සොරා ගනී

දකුණතින් වේගපන්දු යවන ඉන්දීය ක්‍රීඩක දීපක් චාහල්ගේ වාර්තා ගත පන්දු යැවීම හේතුවෙන්…

ඊට අමතරව නජිබුල්ලා ශඩ්රාන් පන්දු 32ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තේය. 

කඩුලු ලබා ගැනීමේ දී කීමෝ පාවුල් ලකුණු 44කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර අල්සාරි ජෝසප් කඩුලු 2ක් දවා ගත්තේය. 

පිළිතුර බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 4ක් ලබා සිටිය දී ක්‍රීඩාගාරයට ගාල් කිරීමට ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ සමත් වූවද ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි දකුණත් පිතිකරු ශායි හෝප් පන්දු 145ක් පුරා පිටියේ නොදැවී රැඳී සිටිමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 109ක් ලබා සිටියේය. ඔහු මේ රැස් කළේ තම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 7 වැනි ශතකයයි. 

ඔහුට අමතරව රොස්ටන් චේස් පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 42ක් ලබා ගත්තේය. තම මංගල එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට සහභාගී වූ බ්‍රැන්ඩන් කින්ග් පන්දු 56ක ද හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 39ක් ලබා ගනිමින් ද, නායක කිරන් පොලාඩ් පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලබා ගත් ලකුණු 32ක ද ජයග්‍රාහී බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ කැපී පෙණුන ඉනිම් විය. 

තවත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුට මානසික ගැටලුවක්!

මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් ඇතිව තිබෙන දුෂ්කරතා කිහිපයක් මත ග්ලේන් මැක්ස්වෙල්…

පන්දු යැවීමේ දී ආරම්භක වේගපන්දු යවන මුජිබර් රාහ්මන් ලකුණු 4කට කඩුලු 2ක් දවා ගනිමින් එම ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. 

තරගයේ වීරයා ලෙසින් ශායි හෝප් නම් කෙරුණ අතර තරගාවලියේ වීරයා ලෙසින් රොස්ටන් චේස් නම් කෙරුණි.

ඇෆ්ගනිස්තානය; කඩුලු 7ක් දැවී 249 (50) හස්රතුල්ලා ශශායි 50, අස්ගර් ඇෆ්ගා 86, නජිබුල්ලා ශඩ්රාන් 30, මොහොමඩ් නබි නොදැවී 50, අල්සාරි ජෝසප් 2/59, කීමෝ පාවුල් 3/44

බටහිර ඉන්දීය කොදෙව්; කඩුලු 5ක් දැවී 253 (48.4) ශායි හොප් නොදැවී 109, බ්‍රැන්ඩන් කින්ග් 39, නිකලස් පූරාන් 21, කිරන් පොලාඩ් 32, රොස්ටොන් චේස් නොදැවී 42, මජීබුර් රාහ්මන් 2/49

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<