නවසීලන්ත ක්‍රිකට් නායක විලියම්සන්ට ආබාධයක්

නවසීලන්ත කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2021

111

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක Kane Williamson හට එංගලන්තය සමඟ හෙට (10) Edgbaston හිදී ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමිව යන බව වාර්තා වෙනවා. ඒ ඔහුගේ ඒ, ඔහුගේ එක් අතක අතක වැලමිටෙහි ඇතිව තිබෙන ආබාධයක් නිසයි.

Williamson වෙනුවට හෙට ආරම්භ වන එංගලන්ත තරගයේ දී Tom Latham නවසීලන්ත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය පවසා සිටිනවා. ඒ අනුව Tom Latham නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දරන තෙවැනි තරගය මෙය වනු ඇත.

Williamsonගේ අදාළ ආබාධ තත්ත්වය හේතුවෙන් මෙම වසර මුලදී විලියම්සන්ට බංග්ලාදේශය සමඟ පැවති එක්දින තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව ගියා.

තවත් ක්‍රිකට් පුවත්:

නවසීලන්තය සතුව සිටින දක්ෂ පිතිතිකරුවෙක් සහ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් වන Williamsonගේ පාඩුව විශාල හිදැසක් වන නමුත් එම ආබාධය සුව වීම සඳහා ඔහුට යම් විවේකයක් ලබා දීම අවශ්‍යව තිබෙන්නේ ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරගය ජුනි 18 වැනිදා ආරම්භ වන නිසයි.

Williamson වෙනුවට හෙට (11) තරගය සඳහා දකුණතින් පිතිකරණයේ නිරත වන Will Young ක්‍රීඩා කරන අතර, ඔහු අංක 3 ස්ථානයේ ද පන්දුවට පහර දීමට නියමිත බව ද වාර්තා වෙනවා.

මේ අතර, වේගපන්දු යවන ක්‍රීඩක Trent Boult දෙවැනි තරගය සඳහා ක්‍රීඩා කරන බව වැඩබලන නායක Tom Latham ඊයේ (09) පැවති මාධ්‍ය හමුවේ දී තහවුරු කළා. කෙසේ අතෙහි ඇඟිල්ලක ඇතිව තිබෙන ආබාධයක් නමුත් ආබාධයක් හේතුවෙන් දඟපන්දු යවන ක්‍රීඩක Mitchell Santner හට ද දෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<