ඉන්දීය ප්‍රධාන පුහුණුකරු භූමිකාවේ වෙනසක්?

703

නිමාව දුටු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ වටය දක්වා ඉතා හොඳින් තරඟ වැදි ප්‍රබල ඉන්දීය කණ්ඩායම හට අවසන් පූර්ව වටයේ දී නවසීලන්ත කණ්ඩායම හමුවේ අත්විඳීමට සිදු වූ අනපේක්ෂිත පරාජය නිසාවෙන් මේ වන විට ආකාර කිහිපයකින් කණ්ඩායමේ ස්ථාවරත්වය පිළිබඳ ගැටලුකාරී තත්වයන් කිහිපයක්ම උද්ගත වී තිබීම බොහෝ පාර්ශවයන්ගේ අවධානයට ලක් වී තිබේ.

රෝහිත් – කෝලි ගැටුම ගැන කෝලි කට අරී

ඉන්දීය නායක විරාත් කෝලි හා ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා අතර යම් මතභේදාත්මක තත්වයක් පවතින බව පසුගිය…

ඒ අතරින් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු භූමිකාව රඟ දැක්වීමේ කාර්‍යභරය කා හට හිමි වේවි ද යන්න පිළිබඳව තවමත් ඇත්තේ දැවැන්ත ප්‍රශ්නාර්ථයකි. මේ සඳහා නාමයෝජනා පත් කැඳවීම පසුගිය අඟහරුවාදා දිනයෙන් අවසන් වූ අතර ක්‍රිකට් ක්ෂේත්‍රයේ දැනට සිටින දක්ෂතම සහ අත්දැකීම් බහුල පුහුණුකරුවන් කිහිප දෙනෙකුගේම නම් ඒ අතර සඳහන් වීම වඩාත් කැපී පෙණුනි.

අන්තර්ජාතික වශයෙන් ඉතාමත් ඉහළ කීර්තිනාමයක් දිනා සිටින නවසීලන්ත ජාතික මයික් හෙසන්, ටොම් මූඩී වැන්නන් මෙන්ම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය හොඹවන මහේල ජයවර්ධන, හිටපු ඉන්දීය ක්‍රීඩක රොබින් සිං සහ හිටපු ඉන්දීය කණ්ඩායමේ කළමනාකරුවෙකු ලෙසින් කටයුතු කළ සහ වර්තමාන සිම්බාබ්වේ කණ්ඩායමේ පුහුණුකරු වන ලාල්චන්ද් රාජ්පුත් වැනි ක්‍රීඩාව පිළිබඳ හසල දැනුමක් සහිත පුහුණුකරුවන් කිහිප දෙනෙකුම නම් මෙම සටනේ ඉදිරියෙන්ම කියැවේ.

මීට අමතරව කණ්ඩායමේ පිතිකරණ අංශය පුහුණු  කිරීම සඳහා හිටපු ඉන්දීය ක්‍රීඩක ප්‍රවීන් අම්රේ මහතා අයැදුම්පත්‍ර භාරදී තිබෙන අතර පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමේ අපේක්ෂාවෙන් පසුවන දකුණු අප්‍රිකානු ජාතික ජොන්ටි රොඩ්ස් ඒ සඳහා සිය කැමැත්ත ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත පළකොට ඇති බව එරට ප්‍රධාන පෙළේ ක්‍රීඩා මාධ්‍ය වාර්තා කිහිපයක්ම සඳහන් කර තිබුණි.

වසර 4කට පසුව ශ්‍රී ලංකාවට මෙරට දී පූර්ණ එක්දින තරගාවලි ජයක්

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින….

කණ්ඩායමේ දැනට  ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රියා කරන රවී ශාස්ත්‍රි මහතාගේ ගිවිසුම, නිමාව දුටු ලෝක කුසලාන තරගාවලියෙන් පසුව අවසන් වූ නමුත් එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අවසන් වන තෙක්, දින 45ක කාලයක් එම ධූරයෙහි රැඳී සිටිමින් ඔහුගේ උපරිමය කණ්ඩායමට ලබා දීමේ අවස්ථාව යළි සකසා දීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ.

කෙසේ නමුත් පුරප්පාඩු වන ප්‍රධාන පුහුණුකරු ධූරය රඟ දැක්වීමේ භාග්‍ය නැවත වරක් ශාස්ත්‍රි හට හිමි වේවි යැයි බොහෝ දෙනා විශ්වාස කරන නමුත් රොබින් සිං මහතා උපුටා දක්වමින් The Hindu පුවත්පත සඳහන් කර සිටියේ අඛණ්ඩව එක්දින ලෝක කුසලාන තරගාවලි දෙකක දී අත් වූ පරාජයන්ගෙන් පෙනී යන්නේ කණ්ඩායමට නව උපායමාර්ගයන් සහ නිවැරදි දැක්මක් සහිත සැබෑ වෙනසක් අවශ්‍යව ඇති බවයි.

මෙම තීරණාත්මක පුටුවට අයිතිවාසිකම් කිව යුතු සැබෑම සුදුස්සා තේරීමේ භාරධූර කටයුත්තේ වගකීම පාලක මණ්ඩලය යටතේ පවතින ක්‍රිකට් උපදේශක කමිටුව වෙත පැවරී ඇති අතර එම කමිටුව හිටපු ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා ශාන්තා රංගස්වාමි මහත්මිය, හිටපු ඉන්දීය නායක කපිල් දේව් සහ 1997-2000 දක්වා කාලවකවානුව තුල ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස සේවය කළ අනුශ්මාන් ගයෙක්වාඩ් යන මහත්වරුන් දෙපලගෙන් සමන්විත වේ.

ලෝක ටෙස්ට් ශූරතාවයේ ඔබ දැනගත යුතු සියලු දේ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (29) ලෝක ටෙස්ට් ශූරතාව නිල වශයෙන් ආරම්භ කළේ සාම්ප්‍රදායික ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට….

මේ අතරවාරයේ ආරම්භ වීමට නියමිත කොදෙව් තරග සංචාරයට නික්ම යාමට මත්තෙන් පැවති මාධ්‍ය හමුවකට එක්වුණු සුපිරි පිතිකරු විරාත් කෝලී සඳහන් කර සිටියේ රවී ශාස්ත්‍රි මහතා කණ්ඩායමත් සමඟ පසුගිය කාලසීමාව තුල එක්ව කටයුතු කළ ආකාරය පිළිබඳ ඔහු ඉතාමත් පැහැදීමකින් පසුවන අතර එම නිසාවෙන් ඉදිරියටත් ශාස්ත්‍රි මහතාගේ සේවය ලබාගැනීමට හැකි වේ නම් එය කණ්ඩායමේ අභිවෘද්ධිය සඳහා මනා පිටිවහලක් වනු ඇති බවයි.

නාමයෝජනා ඉදිරිපත් වී ඇති පුහුණුකරුවන් සඳහා සම්මුඛ පරීක්ෂණයන් ඉදිරි දින කිහිපයේ දී පැවැත්වීමට තමන් කටයුතු යොදා ඇති බව ප්‍රකාශ කර සිට ක්‍රිකට් උපදේශක මණ්ඩලය, දැනට තරග සංචාරය සඳහා එක්ව සිටින රවී ශාස්ත්‍රි මහතා Video Call තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගනිමින් එම කටයුත්ත සම්පූර්ණ කිරීමට බලාපොරොත්තුවෙන් පසු වේ.

57 වැනි වියෙහි පසුවන ශාස්ත්‍රි මහතා 2014 අගෝස්තු මාසයේ සිට 2016 අප්‍රේල් මාසය දක්වා කාලපරිච්ඡේදය තුල ඉන්දීය කණ්ඩායමේ කළමනාකරු ලෙසින් ඔහුගේ සේවය මැනවින් කණ්ඩායම වෙත ලබා දුන් අතර 2017 වසරේ දී අනිල් කුම්බ්ලේ ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉවත්ව යාමෙන් අනතුරුව පුරප්පාඩු වූ එම ස්ථානය ගැනීමට රවී ශාස්ත්‍රි මහතා හට හැකි විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<