වසර 20කට පසුව ශ්‍රී ලංකාව කළින්ම එළියට විසිවෙයි

949

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග සියල්ලම අවසන් වීමටත් පෙර එනම්, තරග 38ක් අවසානයේ ශ්‍රී ලංකාවට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.

ශ්‍රී ලංකාව ජය ගත යුතුම කොදෙව් තරගයට පෙර

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 7කට ……

ඊයේ (31) ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවති ක්‍රිකට් තරගය එංගලන්තය ලකුණු 31කින් ජය ගැනීමත් සමඟම ශ්‍රී ලංකාවට අවසන් කණ්ඩායම් 4 සඳහා පැමිණීමට තිබූ අවස්ථාව ගිලිහී යන ලදි. 

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඇෆ්ගනිස්තානය, දකුණු අප්‍රිකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් තරගාවලියේ මූලික වටය අවසන් වීමට තරග රැසක්ම ඉතිරිව තිබිය දී ම තරගාවලියෙන් ඉවත් විය. ඒ අනුව ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වන සිව්වැනි කණ්ඩායම බවට පත්විය. 

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 7කට මුහුණ දී තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් තරග 2ක් ජයගෙන තරග 3ක් පරාජය වී මේ වන විට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ රැඳී සිටියි. ශ්‍රී ලංකාව මෙතෙක් ජය ගත් තරග දෙක ඇෆ්ගනිස්තානය හා එංගලන්තයට එරෙහිව ජය ගන්නා ලදි. 

ශ්‍රී ලංකාවට මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් ඉතිරිව තිබෙන අතර ඔවුන් එම තරග දෙකම ජය ගත්ත ද ලබා ගැනීමට හැකි වන්නේ ප්‍රසාද ලකුණු 10ක් පමණි. නමුත් ප්‍රසාද ලකුණු සමාන වූ විට සලකා බලන්නේ වාර්තා කර ගත් තරග ජයග්‍රහණ ප්‍රමාණය වන අතර එංගලන්තය තරග 5ක් දැනටමත් ජයගෙන තිබෙන නිසා ශ්‍රී ලංකාවට අවසන් 4ට ඒමට තිබූ අවස්ථාව ඇහිරී ගියේය.

ඉන්දියාව පරාජය කළ එංගලන්තය නැවත ඉදිරියට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (30) බර්මින්ග්හැම්……

ඒ අනුව ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ 1999 වසරට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් පළමු වටයෙන්ම ඉවත් වූ එනම් පිළිමළුන් පිටුදැකීමේ තරග වටයකට සහභාගී නොවී ඉවත් වූ පළමු අවස්ථාව ලෙස මෙය සැලකේ.

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 සඳහා වර්තමාන ලෝක ශූරයින් වන ඕස්ට්‍රේලියාව දැනටමත් සුදුසුකම් ලබාගෙන තිබෙන අතර ඉන්දියාව, නවසීලන්තය, එංගලන්තය, පාකිස්තානය හා බංග්ලාදේශය අවසන් අසුන් 3 සඳහා සටන් වදිනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතිරි ලෝක කුසලාන තරග

  • ජූලි 01:  බටහිර ඉන්දීය කොදෙව් – චෙස්ටර් ලී ස්ට්රීට්
  • ජූලි 06: ඉන්දියාව – ලීඩ්ස්

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<