ලහිරු මදුශංක ගෙන් සුපිරි පන්දු යැවිමක්

33rd Singer - MCA Super Premier T20 - 2026

4

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය 33 වැනි වරටත් සංවිධානය කරන Singer – MCA Super Premier විස්සයි විස්ස  ක්‍රිකට් තරගාවලියේ අද (5) නිමා වූ තරග අතුරින් දිනයේ කැපී පෙණුන ක්‍රීඩකයා බවට පත් වීමට CDB කණ්ඩායමේ නායක ලහිරු මදුශංක සමත් වුණා.  

දකුණතින් මඳ වේග පන්දු යැවු ඔහු Colombo Aces කණ්ඩායමට එරෙහි ව ලකුණු 17කට කඩුලු 6ක් දවා ගත් අතර එය මෙම තරගාවලියේ මෙතෙක් වාර්තා වූ හොඳම පන්දු යැවීමයි.  

ඊට අමතර ව පෙර දිනයේ සේ ම නිමා වූ දිනයේ දී ද තරගාවලියට අර්ධ ශතක 5ක් තරගාවලියට එක් වූවා. එහි දී Fairfirst Insuarance කණ්ඩායමේ ගවිරු සෙන්හස් (74), David Pieris Group A කණ්ඩායමේ ජෙහාන් ඩැනියෙල් (89), Hayleys Group A කණ්ඩායමේ අහන් වික්‍රමසිංහ (නොදැවී 68), BBK Partnership කණ්ඩායමේ සිනෙත් ජයවර්ධන (76) සහ CDB කණ්ඩායමේ ශෙවෝන් ඩැනියෙල් (70) අර්ධ ශතක ඉනිම් වාර්තා කරමින් දිනය වර්ණවත් කළා.  

නිමා වූ තරගවල දී CDB, Fairfirst Insuarance, Hayleys Group A සහ HNB A යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූවා.  

පැවැති තරගවල කෙටි ලකුණු පුවරු 

CDB සහ Colombo Aces අතර තරගය කොළඹ වෙළඳ සේවා ක්‍රිකට්  ක්‍රීඩාංගණයේ දී. 

  • Colombo Aces – සියලුම දෙනා දැවී 128 (19.4) සචිත ජයතිලක 26, දිනුර කළුපහන 30, ලහිරු මදුශංක 6/17
  • CDB – කඩුලු 4ක් දැවී 129 (14.1) ශෙවෝන් ඩැනියෙල් 70, අශේන් බණ්ඩාර නොදැවී 34, මල්ශ ප්‍රනාන්දු 2/22

CDB කණ්ඩායමට කඩුලු 6ක ජයක්. 


Fairfirst Insuarance සහ David Pieris Group A අතර තරගය, කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. 

  • Fairfirst Insuarance – කඩුලු 8ක් දැවි 217 (20.0) ගවිරු සෙන්හස් 74, ඉසුරු ප්‍රනාන්දු 44, සනෝජ් දර්ශික 27, අනුක් ප්‍රනාන්දු 34, ශක්ති උදාර 2/51, ලහිරු සමරකෝන් 2/40, තරින්ද නිර්මාල් 2/22
  • David Pieris Group A – කඩුලු 7ක් දැවී 143 (18.0) අසිත වන්නිනායක 19, ජෙහාන් ඩැනියෙල් 89, දුශාන් විමුක්ති 2/04, සනෝජ් දර්ශික 2/19

Fairfirst Insuarance කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 50ක ජයක්. 


Hayleys Group A සහ Amzet Lanka අතර තරගය, කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී. 

  • Amzet Lanka – කඩුලු 9ක් දැවී 149 (20.0) සචිරු කුලසූරිය 22, චාර්ය පරණවිතාන 24, ලසිත් අබේරත්න 34, රශ්මික හිරුෂාන් 25, ඉඳුවර උදේන 3/25, කවිශ්ක අංජුල 2/31, ඉනුක කරන්නාගොඩ 3/24 
  • Hayleys Group A – කඩුල 4ක් දැවී 151 (15.3) නිශාන් මදුශ්ක 49, නුවනිඳු ප්‍රනාන්දු 20, අහන් වික්‍රමසිංහ නොදැවී 68, දුල්නිත් සිගේරා 2/18

Hayleys Group A කණ්ඩායමට කඩුලු 6ක ජයක්. 


BBK Partnership සහ HNB A අතර තරගය, කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී. 

  • BBK Partnership – කඩුලු 7ක් දැවී 184 (20.0) සිනෙත් ජයවර්ධන 76, නිපුන් කරුණානායක නොදැවී 46, අනන්තන් කාජන් නොදැවී 24, අශේන් ඩැනියෙල් 3/21, චමිඳු විජේසිංහ 2/37
  • HNB A – කඩුලු 6ක් දැවී 161 (17.0) හිරුන් කපුරුබණ්ඩාර 22, සොහාන් ද ලිවේරා 29, ජනිශ්ක පෙරේරා 35, චාමික හීනටිගල නොදැවී 42, තීසාන් විතුසාන් 2/37

HNB A කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 10ක ජයක්. 

Singer – MCA Super Premier League විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<