ශ්‍රී‌ ‌ලංකා‌ ‌දඟපන්දු‌ ‌යවන්නන්ගේ‌ ‌වගකීම‌ ‌හිටපු‌ ‌පුහුණුකරුට‌ ‌

216

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම දඟපන්දු යැවීමේ පුහුණුකරුවෙකු වූ පියල් විජේතුංග මහතා නැවත වරක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා.

මේ වන විට 49 වැනි වියේ පසුවන පියල් විජේතුංග මහතා මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ අතර ඔහු 1993 වසරේ පැවති ටෙස්ට් තරගයක දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනයට ද සමත් වුනා.

එමෙන්ම ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම දඟපන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන් සමඟ පාසල් වියේ දී එකට ක්‍රීඩා කළ පියල්, මුරලිදරන් සමඟ එක්ව අනෙකුත් පාසල් හී පිතිකරුවන් අසරණ කිරීමට ද සමත් වූ පන්දු යවන්නෙක්.

මීට අමතරව 1990 වසරේ දී කඩුලු 100ක් ලබා ගැනීමට සමත් වූ පියල් විජේතුංග එම වසරේ දී ශ්‍රී ලංකාවේ හොඳම පාසල් පන්දු වන්නා ලෙස අභිෂේක ලැබීමට ද සමත් වුනා.

තවත් ක්‍රිකට් පුවත්:

ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පුහුණුකරුවෙකු ලෙස ක්‍රීඩාවට සම්බන්ධ වූ පියල් විජේතුංග 2008 වසරේ සිට 2019 වසර දක්වා දශකයකට අධික කාලයක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ දඟපන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළා.

ඔහුගෙන් පසු නිත්‍ය ලෙස සම්පූර්ණ නොවූ එම තනතුර නැවතත් ජුනි 01 වැනිදා සිට නැවතත් ඔහුට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කටයුතු කළ අතර ඔහු එළඹෙන ඉන්දීය සංචාරයේ සිට කණ්ඩායම සමඟින් එක්වීමට සූදානමින් පසු වේ.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<