වනිඳු, මහීෂ් සහ තුෂාරට CPL වරම් ලැබෙයි

CPL 2024

161
Wanindu, maheesh & thushara

මෙම වසරේ අගෝස්තු මාසයේ දී ආරම්භ වීමට නියමිත Caribbean Premier League තරගාවලියට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙකුට අවස්ථාව හිමි වී තිබෙනවා. 

ඒ අනුව St Kitts & Nevis Patriots කණ්ඩායම විසින් මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩක කෙටුම්පත්කරණය (Draft) සිදු කිරීමට පෙර තම කණ්ඩායමේ රඳවා ගැනෙන සහ නව ගිවිසුම් ලද ක්‍රීඩකයින් හෙළිදරව් කර තිබුණා. ඒ අනුව ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග සහ නුවන් තුෂාර St Kitts & Nevis Patriots කණ්ඩායමට එක් වී ඇති අතර, ඊට අමතරව දකුණු අප්‍රිකාවේ Rilee Rossouw, Tristan Stubbs මෙන්ම සිම්බාබ්වේ ක්‍රීඩක Sikandar Raza ද එම කණ්ඩායමට ඇතුළත් වී තිබීම විශේෂත්වයක්. 

මේ අතර Barbados Royals කණ්ඩායම ද මෙවර තරගාවලිය වෙනුවෙන් දැනට තමන් සතු කණ්ඩායම නිවේදනය කර ඇති අතර එයට ශ්‍රී ලංකා ක්‍රීඩක මහීෂ් තීක්ෂණගේ නම ද ඇතුළත් වනවා. 

ඊට අමතරව දකුණු අප්‍රිකාවේ Quinton de Kock, David Miller, Keshav Maharaj මෙන්ම ඇෆ්ගනිස්තාන ක්‍රීඩක Naveen-ul-Haq ද මෙම කණ්ඩායමේ සාමාජිකත්වය දරනු ඇති. 

2024 CPL තරගාවලියේ ශ්‍රී ලාංකික දක්ෂතා පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<