Narine නැවත කොදෙව්වන් සමඟ එක් වේවි ද?

IPL 2024

105
IPL 2024

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Sunil Narine පසුගිය වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කළ අතර, ඔහු නැවත ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමේ කිසිඳු අදහසක් නැති බවයි මීට පෙර වාර්තා වුනේ.

කෙසේ වෙතත් ඔහු තවමත් ජාත්‍යන්තර විස්සයි විස්ස ලීග් පිටියට නැතිවම බැරි ක්‍රීඩකයකු බව සනාථ කරමින් ඊයේ (16) Kolkata Knight Riders සහ Rajasthan Royals කණ්ඩායම් අතර පැවැත්වුණු IPL තරගයේ දී සිය මංගල විස්සයි විස්ස ශතකය වාර්තා කිරීමට සමත් වුනා. එමෙන්ම මෙම විශිෂ්ට ඉනිමෙන් පසුව තමන් නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණීමට යම් ඉඩක් පවතින බවට ද ඔහු ඉඟි ලබා දීම විශේෂත්වයක්.

ඒක එහෙම තමයි, ඒත් අනාගතයේ දී මොනවා වේවිද කියලා අපිට බලන්න වෙනවා.

අවසන් වරට 2019 වසරේ දී කොදෙව්වන් නියෝජනය කළ Narine 2023 වසරේ දී තරග බිමෙන් සමුගත් අතර, ඔහුට පන්දුව දමා ගැසීම සම්බන්ධයෙන් ද යම් චෝදනා එල්ල වුනා.

කෙසේ වෙතත් මේ වන විට Narine පන්දුවෙන් පමණක් නොව පිත්තෙන් පවා නොකඩවාම දස්කම් දක්වමින් සිටීම නිසා ඔහුගේ තුන් ඉරියව් දක්ෂතා එළඹෙන ලෝක කුසලානයේ දී කොදෙව්වන්ට අතිශය වැදගත් වන බව සහතික කළ හැකි.

මේ හේතුවෙන් ම ඔහුව කෙසේ කෝ නැවත කොදෙව්වන් සමඟ එක් කර ගැනීමට තමන් වෙහෙස වන බවයි කොදෙව් නායක Rovman Powell සඳහන් කරන්නේ.

පසුගිය මාස 12ක කාලය තුළ මම ඔහුගේ කණට කොඳුරමිනුයි සිටියේ. නමුත් ඔහු සියල්ලන්  අවහිර කරමිනුයි ඉන්නේ.”

මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට Kieron Pollard, Dwayne Bravo සහ Nicholas Pooran යන ක්‍රීඩකයින්ගේ සහය ද තමා ලබාගත් බවයි Powell හෙළිදරව් කළේ. බොහෝ විට Narineව නැවතත් කණ්ඩායමට එක් කර ගැනීමට හැකි වනු ඇති බවයි ඔහු විශ්වාස කරන්නේ.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<