2024 LPL තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචිය ඇරඹෙයි

LPL 2024

106
LPL 2024

5 වැනි වරට පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචිය ආරම්භ වී ඇති බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

මෙවර ද ක්‍රීඩකයින්ට Capped සහ Uncapped යන කාණ්ඩ දෙක යටතේ ම තරගාවලියට ලියාපදිංචි වීමට හැකියාව හිමි වන අතර, ඒ සඳහා https://srilankacricket.lk/lpl-playerregistration-portal/

වෙබ් අඩවියට පිවිසීමෙන් ලියාපදිංචි විය හැකි.

capped ක්‍රීඩකයන්

ටෙස්ට්, එක්දින හෝ විස්සයි විස්ස තරග ආකෘතිවලින් තම රට වෙනුවෙන් අවම වශයෙන් එක් ජ්‍යෙෂ්ඨ තරගයක ආරම්භක කණ්ඩායමට ඇතුළත් වූ ක්‍රීඩකයින්.

uncapped ක්‍රීඩකයින්

තම රට නියෝජනය නොකළ නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) පූර්ණ හෝ අර්ධ සාමාජික රටක පවත්වන ලද ලීගයක විස්සයි ක්‍රිකට් ක්‍රීඩා කර ඇති හෝ රට තුළ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයින්.

හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) පූර්ණ හෝ අර්ධ සාමාජික රටක් විසින් අනුමත කරන ලද ලීගයක තවමත් ක්‍රිකට් ක්‍රීඩා කරන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ද මෙම තරගාවලියට ලියාපදිංචි වීමට හැකියාව පවතිනවා.

එළඹෙන අප්‍රේල් මස 26 දින දහවල් 12.00ට පෙර මෙම ලියාපදිංචි වීම් සිදු කළ යුතු අතර, ජුලි මස පළමු වැනිදා තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<