Tier B ශූරතාව සාන්ත පීතරයන්ට

76
Under 19 Division 1 Tier B Cricket Tournament

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ Tier B කොටසේ ශූරතාව දිනා ගැනීමට බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අද (11) සමත් වූවා.

කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩා පිටියේ දී පැවැති මෙම තරගයෙන් කොළඹ ලුම්බිණි විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගනිමින් ඔවුන් මෙම ශූරතාවට හිමිකම් කීවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත පීතර විද්‍යාලය තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 291ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ලුම්බිණි විද්‍යාලයීය ක්‍රීඩකයෝ ලබා ගත්තේ ලකුණු 169ක් පමණයි.

ප්‍රතිවාදීන් ඉදිරියේ තවත් ලකුණු 122ක් පිටුපසින් සිටි ලුම්බිණි විද්‍යාලය නැවත වතාවක් පන්දුවට පහර දීමට පිටියට පිවිසියා. ඒ අනුව ඔවුන් එවර කඩුලු 9ක් දැවී ලකුණු 220ක් ලබා ගනිමින් ඉනිම අත් හිටුවා සාන්ත පීතර විද්‍යාලයට ජයග්‍රහණය සඳහා ලකුණු 99ක ඉලක්කයක් ලබා දුන්නා. තරගය නතර කරන විට ඔවුන් කඩුලු 3ක් දැවී ලකුණු 59ක් ලබා සිටියා.

අවසන් තරගය, කොළඹ, 10-11 අප්‍රේල්, U 19 Division one Tier B Tournament 2023/24

o කාසියේ වාසිය – සාන්ත පීතර විද්‍යාලය

o ක්‍රීඩාංගණය – වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණය, කොළඹ.

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිමට ලබා ගත් ලකුණු 291ට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ලුම්බිණි විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුල්ලක් දැවී ලකුණු 57ක් ලබා සිටි අතර අද ඔවුන්ට ලබා ගත හැකි වූයේ තවත් ලකුණු 112ක් පමණයි.

ලකුණු 169කින් අවසන් වූ එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ පෙර දින නොදැවී ලකුණු 37ක් ලබා සිටි නබීල් රාජුඩීන්. ඔහු අද දිනයේ පළමු කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 44ක් ලබා සිටියා.

එමෙන් ම පෙර දිනයේ නොදැවී ලකුණු 14ක් ලබා සිටි අශාන් ශනිල්ක අද දැවී යද්දී පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 36ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී ශෙනන් රොද්‍රිගෝ ලකුණු 55කට කඩුලු 6ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

ඊට අමතර ව විශේන් හැළඹගේ කඩුලු 2ක් ද සහ ජනිත් කෞෂාන් සහ චමිඳු පෙරේරා කඩුල්ල බැගින් බෙදා ගත්තා.

ලකුණු 122ක් පිටු පසින් සිටිමින් ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ලුම්බිණි ක්‍රීඩකයෝ එවර සාර්ථක ඉනිමක නිරත වෙමින් අර්ධ ශතක 2ක් සමඟින් කඩුලු 9කට ලකුණු 220ක් ලබා ගත්තා.

එහි දී පළමු ඉනිමේ දී ද සාර්ථක වූ නබීල් රාජුඩීන් පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 53ක් ලබා ගත්තා.

ඊට අමතර දිනිත ද සිල්වා ද පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 67ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී ජනිත් කෞෂාන් ලකුණු 47කට කඩුලු 3ක් දවා ගත් අතර ශෙනන් රොද්‍රිගෝ සහ චමිඳු පෙරේරා කඩුලු 2ක් බැගින් ද විශේන් හැළඹගේ කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 99ක හඹායන ඉනිමකට පිවිසි සාන්ත පීතර විද්‍යාලය තරගය අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 59ක් ලබා සිටියා.

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු දිලන දම්සර පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 20ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී ප්‍රවීන් මනීෂ ලකුණු 26කට කඩුලු 2ක් ද සහ දිනිත ද සිල්වා කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

සාන්ත පීතර විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 291 (87.5) ඔවීන් සල්ගාදු 41, දිලන දම්සර 33, විශේන් හැළඹගේ 32, අසදිස ද සිල්වා 46, ෂෙනන් රොද්‍රිගෝ 29, ලශ්මික පෙරේරා 34, චමිඳු පෙරේරා 35, සහන් කෞෂල්‍ය 3/60, උෂාන් සත්සර 2/55, ප්‍රවීන් මනීශ 3/72

ලුම්බිණි විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 169 (41.4) නබීල් රාජුඩීන් 44, අශාන් ශනිල්ක 36, ෂෙනන් රෝද්‍රිගෝ 6/55, විශේන් හැළඹගේ 2/38

ලුම්බිණි විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 220 (43.0) නබීල් රාජුඩීන් 53ශහන් කෞෂල්‍ය 22, දුමිඳු සෙව්මින 26, දුනිත ද සිල්වා 67, ෂෙනන් රොද්‍රිගෝ 2/94, චමිඳු පෙරේරා 2/39, ජනිත් කෞශාන් 3/47

සාන්ත පීතර විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 59 (16.0) දිලන දම්සර නොදැවී 20, ප්‍රවීන් මනීෂ 2/26

තරගයේ විසඳුමක් නෑ.

දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<