සාන්ත පීතරයන්ගෙන් තරගකාරී ලකුණු පුවරුවක්

U 19 Division one Tournament 2023/24

109
U 19 Division one Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ Tier B කොටසේ අවසන් මහා තරගය අද (10) කොළම වෙළඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩා පිටියේ දී ආරම්භ වූවා.

එහි දී පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත පීතර විද්‍යාලය තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 291ක් ලබා ගත් අතර තරගය නතර කරන විට ඊට පිළිතුරු ලෙසින් තම පළමු ඉනිම සඳහා ලුම්බිණි විද්‍යාලය ලබා සිටියේ කඩුල්ලක් දැවී ලකුණු 57ක් පමණයි.

අවසන් තරගය, කොළඹ, 10-11 අප්‍රේල්, U 19 Division one Tier B Tournament 2023/24

o කාසියේ වාසිය – සාන්ත පීතර විද්‍යාලය

o ක්‍රීඩාංගණය – වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණය, කොළඹ.

සාන්ත පීතර විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: විශේෂ් හැළඹගේ (නායක), ඔවින් සල්ගාදු, දිලන දම්සර, අසදිස ද සිල්වා, රූසඳ ගමගේ, ශෙනාන් රොද්‍රිගෝ, ලශ්මික පෙරේරා, චමිඳු පෙරේරා, නාතන් ඩේවිඩ් (කඩුලු රකින්නා), ඉෂිර ආයුපාල, ජනිත් කෞශාන්.

ලුම්බිණි විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: බිම්සර වීරසිංහ, නබීල් රාජුඩීන්, අශාන් ශනිල්ක, ශහන් කෞශල්‍ය, ගිම්හාන විජයපුර, දුමිඳු සෙව්මිණ, දිනිත ද සිල්වා, පසිඳු මහීෂ, ප්‍රවීන් මනීෂ, උශාන් සත්සර, ගිහාන් ලක්ෂිත.

මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත පීතර විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් අතර එය ඔවුන්ගේ වාසියට නතු වූවා. ඔවුන් තම පළමු ඉනිම සඳහා සියලුම දෙනා දැවී ලකුණු 219ක් ලබා ගත්තේ පිතිකරුවන් 8 දෙනෙක් ම ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවන් රැස් කර ගැනීමේ දක්ෂතාව හේතුවෙනුයි.

එම ඉනිමේ ආරම්භයේ සිට ම ප්‍රතිවාදී පන්දු යවන්නෝ අපහසුතාවට ලක් කිරීමට සාන්ත පීතර විද්‍යාලයීය පිතිකරුවෝ සමත් වූ අතර එහි දී වැඩිම ලකුණුලාභියා වූයේ අසදිස ද සිල්වා යි. ඔහු පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 46ක් ලබා ගත්තා.

ඊට අමතර ව ආරම්භක පිතිකරු ඔවීන් සල්ගාදු පන්දු 115කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තා.

සාන්ත පීතර විද්‍යාලයීය ඉනිම ශක්තිමත් කිරීමේ දී චමිඳු පෙරේරා (35), ලශ්මික පෙරේරා (34), දිලන දම්සර (33), නායක විශේන් හැළඹගේ (32) සහ ශෙනන් රොද්‍රිගෝ (29) ලකුණු අතරට පිවිසෙමින් දායකත්වය දැක් වූවා.

ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණු සබඳතාව වූයේ 7 වැනි කඩුල්ලට ලශ්මික පෙරේරා සහ චමිඳු පෙරේරා එක් ව එක් කරන ලද ලකුණු 57යි.

කඩුලු දවා ගැනීමේ දී ශහන් කෞෂල්‍ය ලකුණු 60කට කඩුලු 3ක් ද සහ ප්‍රවීන් මනීෂ ලකුණු 72කට කඩුලු 3ක් ද බැගින් දවා ගත්තා. ඊට අමතර ව උශාන් සත්සර ද කඩුලු 2කට හිමිකම් කීවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ලුම්බිණි විද්‍යාලයේ පළමු කඩුල්ල පළමු පන්දුවේ දී ම දවා ගැනීමට ශෙනන් රොද්‍රිගෝ සමත් වූවා. නමුත් ඉන් පසුව පිටියේ එක් වූ නබීල් රාජුඩීන් සහ අශාන් ශානික එක් ව 2 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 57ක සබඳතාවක් එක් කිරීමට සමත් වූවා.

තරගය පළමු දිනයට අවසන් වන විට නබීල් රාජුඩීන් පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 37ක් ද සහ අශාන් ශානික පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 14ක් ද ලබා සිටියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

සාන්ත පීතර විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 291 (87.5) ඔවීන් සල්ගාදු 41, දිලන දම්සර 33, විශේන් හැළඹගේ 32, අසදිස ද සිල්වා 46, ෂෙනන් රොද්‍රිගෝ 29, ලශ්මික පෙරේරා 34, චමිඳු පෙරේරා 35, සහන් කෞෂල්‍ය 3/60, උෂාන් සත්සර 2/55, ප්‍රවීන් මනීශ 3/72

ලුම්බිණි විද්‍යාලය – පළමු ඉනිම කඩුල්ලක් දැවී 57 (10.0) නබීල් රාජුඩීන් නොදැවී 37, අශාන් ශානික නොදැවී 14, ෂෙනන් රෝද්‍රිගෝ 1/16

මෙම තරගය හෙට (11) දෙවැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මකයි.

දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<