19න් පහළ යෞවනයින්ට නේවාසික පුහුණු කඳවුරක්

258

ශ්‍රී ලංකාව ඉදිරියේ දී සහභාගී වීමට නියමිත 19න් පහළ ආසියානු කුසලානය සහ 19න් පහළ ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින්, 26 දෙනෙකුගෙන් සමන්විත 19න් පහළ සංචිතය සඳහා නේවාසික පුහුණු කඳවුරක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

කොළඹ SSC පිටියේ දී දින 22ක කාලයක් පුරාවට පැවැත්වීමට නියමිත මෙම පුහුණු කඳවුර ජෛව ආරක්ෂිත වටපිටාවක් තුල සංවිධානය කර තිබෙනවා.

සියලුම යෞවන ක්‍රීඩකයින් නිපුණතා, ශරීර සුවතා, තරග අවස්ථා (match scenarios) ඇතුළු පුහුණුවීම් කිහිපයකට සහභාගී වීමට නියමිත අතර කඳවුර අවසානයේ දී පන්දුවාර 50 තරග 3ක් සඳහා ද ක්‍රීඩා කරනු ඇත.

ක්‍රීඩා පිටියේ දක්ෂතා පමණක් නොව ක්‍රීඩකයින්ගේ පෞරුෂත්ව ගුණාංග ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම් ද මෙම කඳවුර සඳහා ඇතුළත් අතර පුහුණු කඳවුර සැප්තැම්බර් 9 වැනිදා (අද) ආරම්භ වීමට නියමිතයි.

දිවයින පුරා සංවිධානය කෙරුණු දක්ෂතාවලින් පරිපූර්ණ ක්‍රීඩකයින් හඳුනා ගැනීමේ වැඩසටහන්වලින් තෝරාගන්නා ලද 75 දෙනෙකුගෙන් සමන්විත නවකයින් අතරින් මේ ක්‍රීඩකයින් 26 දෙනා තෝරා ගෙන තිබෙනවා. ඒ මහනුවර දී පැවති තවත් නේවාසික පුහුණු කඳවුරකින් අනතුරුවයි. 

19න් පහළ කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස වැඩ භාර ගත් අවිශ්ක ගුණවර්ධන, උපුල් චන්දන (පන්දු රැකීමේ පුහුණුකරු), චමිල ගමගේ (වේගපන්දු පුහුණුකරු), සචිත් පතිරණ (දඟපන්දු පුහුණුකරු) සහ දම්මික සුදර්ශන (පිතිකරණ පුහුණුකරු) යන පුහුණුකරුවන්ගේ අධීක්ෂණය යටතේ මෙම පුහුණු කඳවුර පැවැත්වෙනවා. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<