T20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ICC Women's T20 World Cup Global Qualifier 2024

56

මීළඟ ICC කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වීමට නියමිත තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට චමරි අතපත්තු විසින් සුපුරුදු පරිදි නායකත්වය ලබා දීමට නියමිත අතර, පසුගිය දා ශ්‍රී ලංකාවේ දී පැවැත්වුණු වයස අවුරුදු 19න් පහළ තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ දී පන්දුවෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ශෂිනි ගිම්හානි ද මෙම සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක්.

තවමත් පහළොස් හැවිරිදි වියේ පසු වන ශෂිනි එම තරගාවලියේ දී කඩුලු 7ක් දවා ගැනීමට සමත් වුනා.

මේ දිනවල දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එම තරගාවලියෙන් අනතුරුව, එළඹෙන අප්‍රේල් 25 සිට මැයි මස 07 වැනි දා දක්වා අබුඩාබි හිදි පැවැත්වීමට නියමිත මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා සංචිතය;

චමරි අතපත්තු (නායිකා), විශ්මි ගුණරත්න, නිලක්ෂි ද සිල්වා, හර්ශිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, හසිනි පෙරේරා, අනුෂ්කා සංජීවනී, උදේෂිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර, අචිනි කුලසූරිය, හන්සිමා කරුණාරත්න, කාව්‍යා කාවින්දි, ඉනෝශි ප්‍රනාන්දු, සුගන්දිකා කුමාරි, ශෂිනි ගිම්හානි

තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<