වැටුණු ලිං කටින්ම ගොඩ ආ මෙල්බර්න් රෙනෙගේඩ්ස් ශූරතාවය දිනා ගනියි!

288

පුරා දෙමසක කාලයක් මුළුල්ලේ ඉතාමත් උණුසුම් තරග 59ක් පැවැත්වීමෙන් අනතුරුව අද (17) බිග් බෑශ් ලීග් (BBL) අටවැනි අදියරේ ජයග්‍රාහකයින් ලෙස මෙල්බර්න් රෙනෙගේඩ්ස් පිළ අභිෂේක ලැබූහ. ඒ අවසන් මහා තරගයේ දී මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම අත තිබූ ජයග්‍රහණය අනපේක්ෂිත ලෙස උදුරා ගනිමිනි. ඔවුන් අද අවසන් තරගය ජය ගත්තේ ලකුණු 13කිනුයි.

ගප්ටිල්ගේ ලකුණු වැස්ස නිසා බංග්ලාදේශයට දැඩි හානියක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා නවසිලන්තය අතර ක්‍රස්ට්චර්ච් හිදී ඊයේ (16) පැවති දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක ජයක්

මෙම තරගය නැරඹීම සඳහා අද ඩොක්ලන්ඩ්ස් ක්‍රීඩාංගණයට හතළිස් දහසක දැවැන්ත ජනකායක් පැමිණ සිටියහ. අවසන් මහා තරගය සඳහා හෝර්බාට් හරිකේන්ස් පිළ කඩුලු 6කින් පරාජය කළ මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම ද, සිඩ්නි සික්සර්ස් කණ්ඩායම කඩුලු 3කින් පරාජය පරාජය කළ මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායම ද සුදුසුකම් ලබා තිබුණි. අද තරගයේ කාසියේ වාසිය දිනා ගත් මෙල්බර්න් ස්ටාර්ස් නායක ග්ලේන් මැක්ස්වෙල් මුලින් පන්දුවට පහර දීමට තම ප්‍රතිවාදීන්ට ඇරයුම් කළේ තම පන්දු යැවීමේ බල ඇණිය පිළිබඳ උපරිම විශ්වාසය තබමිනි.

ඒ අනුව පිටියට පිවිසි මෙල්බර්න් රෙනෙගේඩ්ස් පිළට සුපිරි ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වූ අතර පන්දුවාර 10ක් ගත වන විට ඔවුන්ගේ ප්‍රධානම කඩුලු 5ක් බිඳ වැටී අසරණ වන්නට සිදු විය. ඒ වන විට රෙනෙගේඩ්ස් ඉනිමට එක්වී තිබුණේ ලකුණු 65ක් පමණි. මාර්කස් හැරිස්, කැමරෝන් වයිට් වැනි ජාත්‍යන්තර තලය ජය ගත් පිතිකරුවන් මෙන්ම ඔවුන්ගේ නායකයා වන ඒරන් ෆින්ච් පවා ඒ වන විට රැඳී සිටියේ ක්‍රීඩාගාරයේයි.

අද ලකුණු 13ක් ලබා සිටිය දී ෆින්ච් අවාසනාවන්ත ලෙස දැවී ගියේ කැමරෝන් වයිට් එල්ල කළ පහරක් පන්දු යවන්නාගේ පාදයේ වැදී අනෙක් අන්තයේ කඩුල්ල බිඳ වැටීමත් සමඟයි. මෙම සිදුවීමෙන් කම්පාවට පත් ෆින්ච් අසල තිබූ ප්ලාස්ටික් පුටුවකට තම පිත්තෙන් වැරෙන් පහර දෙනු තරගය නැරඹූ සියලු දෙනාට සජීවීව දැකගන්නට ලැබුණි. කෙසේ වෙතත් සයවැනි කඩුල්ල වෙනුවෙන් ඩැනියෙල් ක්‍රිස්ටියන් සහ ටොම් කූපර් අතරේ ගොඩ නැගුණු ලකුණු 80ක නොබිඳුණු සබඳතාවය නිසා ලකුණු 146ක ඉලක්කයක් ප්‍රතිවාදීන්ට ලබා දෙන්නට රෙනෙගේඩ්ස් පිළට හැකි විය.

මාලින්ද පුෂ්පකුමාර පොලිස් ක්‍රීඩකයෝ අමාරුවේ දමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී ඊයේ දවසේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වීමට මාලින්ද

කලක් ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමේ නිත්‍ය තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වශයෙන් සිටි ක්‍රිස්ටියන් අද නොදැවී ලකුණු 38ක් රැස්කළේ හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක් සමඟිනි. ඔහුගේ ඉනිමට වැය  වූයේ පන්දු 30ක් පමණි. අනෙක් අන්තයේ සිට සුපිරි ප්‍රහාරයක් දියත් කළ ටොම් කූපර් හතරේ පහර සහ හයේ පහර 2 බැගින් එල්ල කරමින් ලකුණු 43ක් රැස් කළේ පන්දු 35කට පමණක් මුහුණ දෙමිනුයි. පන්දු යැවීමේ දී ඇඩම් සැම්පා සහ ජැක්සන් බර්ඩ් කඩුලු ද්විත්වය බැගින් බිඳ හෙලූහ.

රෙනෙගේඩ්ස් පිළ ලබා දුන් ඉලක්කය සැහැල්ලුවෙන් හඹා යන්නට පටන් ගත් ස්ටාර්ස් ක්‍රීඩකයින් එක් අවස්ථාවක දී කඩුලු කිසිවක් නොදැවී ලකුණු 93ක් ලබා සිටියේ මෙවර BBL කිරුළේ හිමිකරුවන් තමන් බව කියාපාමිනි. ඒ වන විට ඔවුන්ට ජයග්‍රහණය කරා යන්නට ඕනෑ තරම් පන්දු ඉතිරිව තිබූ නිසා රෙනෙගේඩ්ස් ප්‍රේක්ෂකයින් ද තරගය අත්හැර ඇති අයුරක් දිස්විය. විශිෂ්ට අයුරින් පන්දුවට පහර දෙමින් සිටි ස්ටාර්ස් ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන බෙන් ඩන්ක් හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 57ක් ද, මාර්කස් ස්ටොයිනිස් ලකුණු 39ක් ද ලබා සිටියේ ප්‍රතිවාදීන්ට තරගයට පිවිසීමට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමිනි.

නමුත් 13 වැනි පන්දුවාරයේ දී කැමරොන් බෝයිස්ගේ පන්දුවක් හමුවේ ස්ටොයිනිස් දැවී යාමත් සමඟ තරගය සම්පූර්ණයෙන්ම කණපිට හැරුණු අතර ඉතාමත් දුර්වල පහරවල් එල්ල කරමින් ස්ටාර්ස් ක්‍රීඩකයින් එකාපිට එකා දැවී ගියේ තමන්ට උරුම වන්නට තිබූ BBL කුසලානය ප්‍රතිවාදීන්ට තිලිණ කරමිනි. වගකීම පැහැර හැරි ස්ටාර්ස් පිතිකරුවන් අතර ලොව සුපිරි T20 ලීග් සියල්ලටම පාහේ සහභාගි වී ඇති ග්ලේන් මැක්ස්වෙල් (01) සහ ඩ්වේන් බ්‍රාවෝ (03) ද සිටියහ. අවසන් මොහොතේ දී දඟ පන්දු යවන ක්‍රීඩක ඇඩම් සැම්පා පන්දු 10කින් ලකුණු 17ක් ලබා ගත්ත ද එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වූයේ නැත.

75 ඇරඹි එක්දින ලෝක කුසලානයේ සිංහ දස්කම්

70 දශකයේ ආරම්භයත් සමඟම ඇරඹුණු එක්දින ක්‍රිකට් තරග රටාව ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණයට ලක්වුණු නිසාම 1975 වසර වන විට එක්දින ලෝක

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසන් වන විට මෙල්බර්න් ස්ටාර්ස් පිළට කඩුලු 7ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 132ක් පමණි. අවසානයේ තරගයෙන් තුන් කාලක් ගතවන තුරු සියලු බලාපොරොත්තු කඩවී සිටි රෙනෙගේඩ්ස් ප්‍රේක්ෂකයින්ගේ ඔල්වරසන් නාදයෙන් ඩොක්ලන්ඩ්ස් ක්‍රීඩාංගණය ගිගුම් දෙද්දී BBL රන් කුසලානය මෙල්බර්න් රෙනෙගේඩ්ස් නායක ඒරන් ෆින්ච්ට හිමි විය. තරගයේ වීරයා ලෙස අභිෂේක ලැබුවේ කණ්ඩායමට අත්‍යවශ්‍ය මොහොතේ පිත්තෙන් ලකුණු 38ක් සහ පන්දුවෙන් කඩුලු 2ක් දවා ගත් ඩැනියෙල් ක්‍රිස්ටියනුයි.

මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගන්නට හෝබාර්ට් හරිකේන්ස් පිළේ ඩී ආර්චි ශෝට් සමත් වූ අතර ඔහු තරග 15ක් තුල ලකුණු 637ක් ලබා ගත්තේ ලකුණු සාමාන්‍යය 53.08ක රඳවා ගනිමිනි. එම ලැයිස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් මැතිව් වේඩ්ට සහ මාර්කස් ස්ටොයිනිස්ට හිමි විය. පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට කේන් රිචඩ්සන් සමත් වූ අතර ඔහු තරග 14ක් තුල කඩුලු 24ක් බිඳ හෙලීය. ඔහුට පහළින් වැඩිම කඩුලු ලාභීන් ලෙස රැඳී සිටින්නේ සීන් ඇබට් සහ ස්ටීව් ඕ’කීෆ් යන ක්‍රීඩකයින් දෙපළයි.

මෙල්බර්න් රෙනෙගේඩ්ස් – කඩුලු 5ක් දැවී ලකුණු 145 (පන්දුවාර 20)

ටොම් කූපර් 43*, ඩැනියෙල් ක්‍රිස්ටියන් 38*, මැකෙන්සි හාර්වි 14, ඒරන් ෆින්ච් 13, මාර්කස් හැරිස් 12, කැමරෝන් වයිට් 12, ඇඩම් සැම්පා 2/21, ජැක්සන් බර්ඩ් 2/25.

මෙල්බර්න් ස්ටාර්ස් – කඩුලු 7ක් දැවී ලකුණු 132 (පන්දුවාර 20)

බෙන් ඩන්ක් 57, මාර්කස් ස්ටොයිනිස් 39, ඇඩම් සැම්පා 17*, ක්‍රිස් ට්‍රෙමේන් 2/21, කැමරෝන් බෝයිස් 2/30, ඩැනියෙල් ක්‍රිස්ටියන් 2/33.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<