23න් පහළ කාන්තා දිස්ත්‍රික් ක්‍රිකට් කාලසටහන

අවුරුදු 23න් පහළ දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් තරගාවලිය 2023

273

දේශීය කාන්තා ක්‍රිකට් පිටියේ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය දස්කම් පෙන්නුම් කිරීමට අවස්ථාවක් හිමි වන වයස අවුරුදු 23න් පහළ දිස්ත්‍රික් තරගාවලියේ කාලසටහන් නිකුත් කර තිබෙනවා.

මෙම තරගාවලිය උතුර, උතුරු මැද, දකුණ, බස්නාහිර සහ මධ්‍යම යන පළාත් වශයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා දිස්ත්‍රික් කණ්ඩායම් 26ක් සහභාගී වීමට නියමිත අතර තරගාවලිය පැවැත්වෙන්නේ විස්සයි විස්ස තරගාවලියක් ලෙසයි.

දකුණු පළාතට අදාළ තරග අප්‍රේල් 28 වැනිදායින් ආරම්භ වී මැයි 10 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර බස්නාහිර පළාතට අදාළ තරග අප්‍රේල් 28 වැනිදා සිට මැයි 15 වැනිදා දක්වා කාලසීමාව තුළ පැවැත්වීමට නියමිතයි.

උතුරු පළාත් තරග අප්‍රේල් 29 වැනිදා සිට 7 වැනිදා දක්වාත්, උතුරු මැද පළාත් තරග මැයි 4 වැනිදා සිට 12 වැනිදා දක්වාත් සහ මධ්‍යම පළාත් තරග මැයි 04 වැනිදා සිට 15 වැනිදා දක්වා කාලසීමාව තුළ පැවැත්වීමට නියමිතයි.

අන්තර් පළාත් තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙම තරගාවලියේ සියලු කණ්ඩායම් සිය පළාත තුළ ක්‍රීඩා කරන අනෙක් කණ්ඩායම් සමඟ තරග වැදීමෙන් පසු කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම ශූරයින් ලෙස අභිෂේක ලබනවා.

දකුණු පළාත නියෝජනය කරන කණ්ඩායම්

  • ගාල්ල
  • මාතර
  • මොනරාගල
  • බදුල්ල
  • හම්බන්තොට
  • රත්නපුර

>> දකුණු පළාත් තරග කාලසටහන << 

උතුරු පළාත නියෝජනය කරන කණ්ඩායම්,

  • මුලතිව්
  • වව්නියා
  • මන්නාර්
  • යාපනය
  • කිලිනොච්චිය

>> උතුරු පළාත් තරග කාලසටහන <<

බස්නාහිර පළාත නියෝජනය කරන කණ්ඩායම්,

  • කොළඹ උතුර
  • කළුතර
  • ගම්පහ
  • කොළඹ දකුණ

>> බස්නාහිර පළාත් තරග කාලසටහන <<

උතුරු මැද පළාත නියෝජනය කරන කණ්ඩායම්,

  • අනුරාධපුර
  • මාතලේ
  • කුරුණෑගල
  • පොලොන්නරුව
  • පුත්තලම

>> උතුරු මැද පළාත් තරග කාලසටහන << 

මධ්‍යම පළාත නියෝජනය කරන කණ්ඩායම්,

  • කෑගල්ල
  • නුවර එළිය
  • නුවර
  • අම්පාර
  • ත්‍රිකුණාමලය
  • මඩකලපුව

>> මධ්‍යම පළාත් තරග කාලසටහන << 

දේශීය සහ ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් පිටියේ සියලු තරග තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<