Wasim Khanට ICC තනතුරක්

375
ICC

මීළඟ මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සාමාන්‍යාධිකාරි තනතුරු සඳහා Wasim Khan පත්කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කළ Wasim Khan, Leicestershire ක්‍රිකට් කණ්ඩායමේ ද උසස් නිලධාරියෙකු ලෙස කටයුතු කර තිබුණා.

සිය නව තනතුර පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් Wasim Khan ප්‍රකාශ කර තිබුණේ,

“ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ එක්වෙන්න ලැබුන එක විශාල ගෞරවයක්. අපේ නිලධාරින් සමඟ එක්ව ක්‍රිකට් ක්‍රීඩාව ශක්තිමත්ව වර්ධනය කිරීම පටන් ගන්නකම් මම නොඉවසිල්ලෙන් පසුවෙන්නේ.”

“කාන්තා ක්‍රිකට් වර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කැපවීම පිළිබඳව මම සතුටු වෙනවා වගේම ඉදිරි දශකයේ දී ක්‍රිකට් ක්‍රීඩාව වර්ධනය කිරීමට මම කැපවෙන්න සූදානම්.” යනුවෙන්.

එමෙන්ම වර්තමානයේ දී එම තනතුරෙහි කටයුතු කරන Geoff Allardice මේ පිළිබඳව අදහස් දක්වමින් මෙලෙස ප්‍රකාශ කළා.

“වසීම් ICC වෙත පිළිගැනීමට ලැබීම විශාල සතුටක්. ක්‍රීඩාවට සහ එයට සම්බන්ධ පාර්ශවයන් පිළිබඳව ඇති ඔහුගේ දැනුම ඉදිරි කාලසීමාවේ ගෝලීය ක්‍රිකට් ක්‍රීඩාව වර්ධනයට උපකාරී වෙයි.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<