බංග්ලාදේශයට එරෙහි වන ශ්‍රී ලංකා කාන්තා සංචිතය

බංග්ලාදේශ කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

361

හෙටින් (29) ආරම්භ වීමට නියමිත බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරය සඳහා සහභාගී වන 21 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද (28) නිවේදනය කරනු ලැබුවා.

එක්දින තරගාවලියෙන් ආරම්භ වන මෙම තරග සංචාරය සඳහා විස්සයි විස්ස තරග 3ක් ද ඇතුළත් වනවා. මෙම එක්දින තරගාවලිය ICC කාන්තා ශූරතාවය සඳහා ඇතුළත් තරගාවලියක් වීම විශේෂත්වයක්.

සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි අත්දැකීම් බහුල ප්‍රවීණ ක්‍රීඩිකාවක් වන චමරි අතපත්තු හට ලබා දී තිබෙනවා.

  • සංචිතය: චමරි අතපත්තු (නායිකාව), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, නිලක්ෂි ද සිල්වා, හංසිමා කරුණාරත්න, හසිනි පෙරේරා, ඉනෝකා රණවීර, සුගන්දිකා කුමාරි, අනුෂ්කා සංජීවනී, කෞෂිනි නුත්‍යාංගනා, ප්‍රසාදිනී වීරක්කොඩි, තාරිකා සෙව්වන්දි, තාරිකා සෙව්යාන්දි, කාව්‍යා කාවින්දි, රෂ්මි සිල්වා, මල්ෂා ශෙහානි, ඉනෝකා ප්‍රනාන්දු, ඕෂදී රණසිංහ, උදේශිකා ප්‍රබෝධනී, කවිෂා දිල්හාරි, සත්‍යා සංදීපනී, ඉමේෂා දුලානි

හෙට පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලියට පෙර ඊයේ (27) පුහුණු තරගයක් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කාන්තා කණ්ඩායම සමඟ CCC පිටියේ දී පැවැත්වුනා. එහි දී බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 27ක ජයක් ලබා ගැනීමට සමත් වුනා.

තරග කාලසටහන:

  • අප්‍රේල් 29 – පළමු එක්දින තරගය (පී.සරා)
  • මැයි 2 – දෙවැනි එක්දින තරගය (පී.සරා)
  • මැයි 4 – තෙවැනි එක්දින තරගය (පී.සරා)
  • මැයි 7 – පුහුණු විස්සයි විස්ස තරගය CCC පිටියේ දී.
  • මැයි 9 – පළමු විස්සයි විස්ස තරගය (SSC)
  • මැයි 11 – දෙවැනි විස්සයි විස්ස තරගය (SSC)
  • මැයි 12 – තෙවැනි විස්සයි විස්ස තරගය (SSC)

මෙම තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<