වර්ෂාවේ කෙණෙහිලිකම් නිසා ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගාවලියේ දින සංශෝධනය කෙරේ

1240

මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා ශ්‍රී ලංකා – බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර ක්‍රියාත්මක වන එක්දින සහ විස්සයි විස්ස තරගාවලිවල දිනයන් සංශෝධනය කිරීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.

වැස්සට සේදුණු තරගයේ චමරි නැවත දිදුලයි

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමඟ අද (2) පැවැත්වීමට තිබී අවලංගු වූ දෙවැනි එක්දින තරගය මේ අනුව මැයි 04 වැනිදා SSC පිටියේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. දෙරට අතර පළමු එක්දින තරගයත් ප්‍රතිඵලයකින් තොරව නිමා වුනේ වර්ෂාවට සේදී යාම නිසයි.

බංග්ලාදේශයට එරෙහිව වන ශ්‍රී ලංකා කාන්තා සංචිතය

මීට පෙර තීරණය කර තිබුණේ සියලුම එක්දින තරග කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වීමට වුවත්, අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඉතිරි එක්දින තරග දෙක SSC පිටියට රැගෙන යාමට තීරණය කර තිබෙනවා.

මෙරට පිතිකාරිණියන් අසරණ වූ පුහුණු තරගයේ ජය බංග්ලාදේශයට

දෙරට අතර පැවැත්වීමට සැලසුම් කර තිබූ ජාත්‍යන්තර විස්සයි විස්ස තරග ත්‍රිත්වය මැයි 09, 11 සහ 12 යන දිනවල දී ක්‍රියාත්මක වන නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සහ බංග්ලාදේශය අතර මැයි 07 වැනිදා පැවැත්වීමට තිබූ විස්සයි විස්ස පුහුණු තරගය නව කාලසටහන අනුව ඉවත් කිරීමටයි තීරණය කර ඇත්තේ.

නව තරග කාලසටහන

දිනය තරගය ක්‍රීඩාංගණය වේලාව
2023 මැයි 04 දෙවැනි එක්දින තරගය SSC ක්‍රීඩාංගණය පෙරවරු 10.00
  2023 මැයි 07 තෙවැනි එක්දින තරගය SSC ක්‍රීඩාංගණය පෙරවරු 10.00
2023 මැයි 09 පළමු විස්සයි විස්ස තරගය SSC ක්‍රීඩාංගණය පෙරවරු 10.00
2023 මැයි 11 දෙවැනි විස්සයි විස්ස තරගය SSC ක්‍රීඩාංගණය පෙරවරු 10.00
2023 මැයි 12 තෙවැනි විස්සයි විස්ස තරගය SSC ක්‍රීඩාංගණය පස්වරු 1.00

තරගාවලියේ උණුසුම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<