ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරග අද (19) අවසන් වූ අතර එහි දී තරගාවලියේ මංගල ශතකය වාර්තා කිරීමට කොළඹ උතුර කණ්ඩායමේ සෙනුජ වැකුණුගොඩ සමත් වුණා.
මේ සමඟින් ගාල්ල, මහනුවර, කොළඹ දකුණ සහ කොළඹ උතුර කණ්ඩායම් පිළිවෙළින් ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථාන 4ට පත් වෙමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.
- කොළඹ උතුරසහ දඹුල්ල කණ්ඩායම් අතර තරගය කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රිකට්ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – කොළඹ උතුර වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
දඹුල්ල වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
රජිත් නවෝද්‍ය (නායක සහ කඩුලු රකින්නා), ජනිඳු රණසිංහ, දිනුග අබේසේකර, හිමත් පණ්ඩිතරත්න, කුශාන් සුබසිංහ, සුතර්සන් සුබර්නන්, සනුජ නිඳුවර, දිමත් අබේසිංහ, විග්නේශ්වරන් ආකාශ්, මෙනුර නිරෝෂණ සහ නඳුන් බණ්ඩාර.
කොළඹ උතුර වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
රිශ්ම අමරසිංහ (නායක සහ කඩුලු රකින්නා), දුල්නිත් සිගේරා, අවීශ සමාස්, නදුල් ජයලත්, සෙනුජ වැකුණුගොඩ, කිත්ම විතානපතිරණ, තරුෂ රණසිංහ, ශවීන් පෙරේරා, නුශාන් පෙරේරා, තිශාන් නිපුන් සහ මිනුග නෙත්සර.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දඹුල්ල ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 243ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් කොළඹ උතුර කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 215ක් පමණයි.
පරාජිත එම ඉනිම වෙනුවෙන් මෙවර තරගාවලියේ වාර්තා වූ පළමු ශතකය වාර්තා කිරීමට සෙනුජ වැකුණුගොඩ සමත් වෙනවා. ඔහු පන්දු 105කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 100ක් ලබා ගත්තා.
ඊට අමතර ව දුල්නිත් සිගේරා පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණ 32ක් ද නදුල් ජයලත් පන්දු 36කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ද සහ කිත්ම විතානපතිරණ පන්දු 19කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී දිමත් අබේසිංහ ලකුණු 18කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව නඳුන් බණ්ඩාර සහ වෙනුර නිරෝෂන් කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දඹුල්ල කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ ජනිඳු රණසිංහ. ඔහු පන්දු 142කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 68ක් ලබා ගත්තා.
ඊට අමතර ව දිනුග අබේසේකර පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 49ක් ද සහ සනුජ නිඳුවර පන්දු 24කට මුහුණ දෙමින් හයේ පහර 4ක් සමඟින් ලකුණු 44ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී ශවීන් පෙරේරා සහ නුශාන් පෙරේරා කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- දඹුල්ල වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 8ක්දැවී 243 (50.0)ජනිඳු රණසිංහ 68, දිනුග අබේසේකර 49, සනුජ නිඳුවර 44, ශවීන් පෙරේරා 2/23, නුශාන් පෙරේරා 2/30
- කොළඹ උතුරවයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 215(46.5) දුල්නිත් සිගේරා 32, නදුල් ජයලත් 21, සෙනුජ වැකුණුගොඩ 100, කිත්ම විතානපතිරණ 20, මෙනුර නිරෝෂන 2/40, නදුල් බණ්ඩාර 2/36, දිමත් අබේසිංහ 4/18
දඹුල්ල වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 28ක ජයක්.
- පුලිඳු පෙරේරා පළමු පෙළ හොඳම ඉනිම ක්‍රීඩා කරයි
- නේක්ෂ, කනිල්ක සහ දුල්සිත් දක්ෂතා දක්වයි
- ශ්‍රී ලංකාව T20 තරගාවලිය සම කරමින් විශිෂ්ට ජයක් ලබයි!
- රන් සටනේ විස්සයි විස්ස ජය සේනානායකවරුන්ට
- කොළඹ දකුණසහ ගාල්ලකණ්ඩායම් අතර තරගය කොළඹ රාජකීය විද්‍යාලයීය ක්රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – ගාල්ල වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
ගාල්ල වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
චමරිඳු නෙත්සර (නායක), අරෝෂ සිතුමිණ, දුල්සිත් දර්ශන, පුල්ජිත් වත්සුක, සඳරු මල්ශාන්, , චමත්ක කවිශාන් (කඩුලු රකින්නා), ලිදුල නෙත්මිණ, ගිම්හාන් රසාංජන, තරුන් දම්සිත්, එස්. ඒ. ඉඳුවර සහ මොහොමඩ් සදික්.
කොළඹ දකුණ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
රමිරු පෙරේරා (නායක), හිරුන් මතීශ, අසදිස ද සිල්වා, ජනිරු ඇතුලත්මුදලි, දිනෙත් සිතුමිණ (කඩුලු රකින්නා), නේකෂ ඉද්දමල්ගොඩ, හිමරු දේශාන්, ගිම්හාන් මෙන්ඩිස්, අදීශ ලක්ශාන්, නෙතුල් අනුහස්, ඔෂඳ මනහර.
පැවැති වර්ෂාව හේතුවෙන් මෙම තරගය පන්දුවාර 37කට සීමා වූ අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ගාල්ල ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 154ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි කොළඹ දකුණ ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 113ක් පමණයි.
පරාජිත එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු හිරුන් මතීෂ. ඔහු පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් ලබා ගන්නවා. ඊට අමතර ව නේක්ෂ ඉද්දමල්ගොඩ පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 25ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී එස්. ඒ. ඉඳුවර ලකුණු 20කට කඩුලු 4ක් දවා ගත් අතර ඊට අමතර ව තරුන් දම්සිත් සහ ගිම්හාන් රසාංජන කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ අරෝෂ සිතුමිණ. ඔහු පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තා.
ඊට අමතර ව සඳරු මල්ශාන් පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 30ක් ද සහ චමත්ක කවිශාන් පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී ඔෂඳ මනහර ලකුණු 27කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව නෙතුල් අනුහස් සහ හිමරු දේශාන් කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ගාල්ලවයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනාදැවී 154 (35.4) අරෝෂ සිතුමිණ 38, සඳරු මල්ශාන් 30, චමත්ක කවිශාන් 26, ඔෂඳ මනහර 3/27, නේතුල් අනුහස් 2/23, හිමරු දේශාන් 2/23
- කොළඹ දකුණවයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 113(25.3) හිරුන් මනීශ 35, නේක්ෂ ඉද්දමල්ගොඩ නොදැවී 25, තරුන් දම්සිත් 2/07, එස්. ඒ. ඉඳුවර 4/20, ගිම්හාන් රසාංජන 2/21
ගාල්ල වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 41ක ජයක්.
තරගාවලියේ පැවැත්වෙන අවසන් පූරව වටයේ තරග හෙට (20) පැවැත්වෙන අතර ඒ අනුව ගාල්ල සහ කොළඹ උතුර කණ්ඩායම් අතර තරගය කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී ද සහ මහනුවර සහ කොළඹ දකුණ කණ්ඩායම් අතර තරගය කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණවල දී ද පැවැත්වීමට නියමිතයි.
වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















