කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර පැවැත්වෙන රන් කුසලාන වාර්ෂික මහා ක්‍රිකට් තරගයට සමගාමී ව පැවැති විස්සයි විස්ස සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඩී. එස්. සේනානායක විද්‍යාලය සමත් වෙනවා.
දෙවිදුහල් අතර පැවැති රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන් වූ අතර පැවැති එක්දින තරගයේ ජය මහානාම විද්‍යාලය සතු වුණා.
කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී රාත්‍රී තරගයක් ලෙසින් පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී මහානාම විද්‍යාලය සතු කළා.
මහානාම විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
දුල්නිත් සිගේරා (නායක), සිනෙත් වීරරත්න, වෙනුර කවීත්‍ර, චාමික හීනටිගල, සනුල් වීරරත්න, සිතුම් විහඟ, ඒශාන් විතානගේ (කඩුලු රකින්නා), ගිමන්ත දිසානායක, තවිරු පෙරේරා, කෞෂික තිලකරත්න සහ ගීත් සඳරුවන්.
ඩී. එස්. සේනානායක විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
රන්දීශ බණ්ඩාරනායක (නායක), බිහාන් ගමගේ, ශානාල් ගමගේ, මියුරු බණ්ඩාර, ශෙවාන් වෙල්ගම (කඩුලු රකින්නා), චනුල් අතලේ, හමීඩ් අෆ්ඩාල්, Ivan Zholobitskyi, බාසුරු කල්හාර, චිතුන් බද්දගේ සහ ඔෂද පෙරේරා.
ප්‍රතිවාදීන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහානාම විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 164ක් ලබා ගන්නවා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ වෙනුර කවීත්‍ර. ඔහු පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 49ක් ලබා ගන්නවා.
ලකුණු 46කට කඩුලු 2ක් දැවී තිබිය දී ක්‍රියාත්මක වූ ඔහු 3 වැනි කඩුල්ලට චාමික හීනටිගල හා එක් ව පන්දු 34ක දී ලකුණු 38ක සබඳතාවක් ද ගොඩ නගනවා. චාමික හීනටිගල ලබා ගත් ලකුණු සංඛ්‍යාව 20ක්. ඔහු ඒ සඳහා පන්දු 20කට මුහුණ දුන් අතර හතරේ පහර 2ක් ද ඊට එක් කරනවා.
ඔවුන්ට අමතර ව මහානාම ඉනිම අවසන් වෙද්දී ඒශාන් විතානගේ පන්දු 15ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 31ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී ශානාල් ගමගේ සහ චිතුන් බද්දගේ කඩුලු 2ක් බැගින් දවා ගත් අතර ඊට අමතර ව බාසුරු කල්හාර, රන්දීශ බණ්ඩාරනායක සහ ඔෂද පෙරේරා කඩුල්ල බැගින් දවා ගත්aතා.
- SLC සියලුම ආකාරයේ තරග කල් දමයි
- රන් සටන විසඳුමකින් තොරව අවසන් වෙයි
- ඩී. එස්. – මහානාම රන් ගැටුමටත් කඳවුරු සූදානම්
- Peshawar Zalmi 2026 PSL ශූරතාව දිනයි!
- කෝට්ටේ එක්දින සටනේ ජයත් CMS විද්‍යාලයට
පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය අවසන් වීමට තවත් පන්දු 4ක් ඉතිරි ව තිබිය දී කඩුලු 4ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගන්නවා.
එහි දී ආරම්භක කඩුල්ල වෙනුවෙන් බිහාන් ගමගේ සහ ශානාල් ගමගේ එක් ව පන්දු 20ක දී ලකුණු 43ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ බිහාන් ගමගේ පන්දු 9කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 17කට දැවී යෑමත් සමඟිනුයි.
ශානාල් ගමගේ 2 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 18ක දී ලකුණු 44ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට ද පත් වෙනවා. ඔහුගේ ඉනිමට හයේ පහර 6ක් ඇතුලත් වූ අතර ඊට අමතර ව හතරේ පහරක් ද ඇතුලත් වෙනවා.
ඔවුන්ට අමතර ව මියුරු බණ්ඩාර ද පන්දු 30කට හතරේ පහර 4ක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තා.
තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී ශෙවාන් වෙල්ගම පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 36ක් ද සහ හමීඩ් අෆ්ඩාල් පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 31ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී චාමික හීනටිගල ලකුණු 26කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර ඊට අමතර ව වෙනුර කවීත්‍ර කඩුල්ලක් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- මහානාම විද්‍යාලය – කඩුලු 9ක් දැවී 164 (20.0)දුල්නිත් සිගේරා 21, වෙනුර කවීත්‍ර 49, චාමික හීනටිගල 20, එශාන් විතානගේ නොදැවී 31, චිතුන් බද්දගේ 2/36, ශානාල් ගමගේ 2/21
- ඩී. එස්. සේනානායක විද්‍යාලය – කඩුලු 4ක් දැවී 168 (19.2)ශානාල් ගමගේ 44, මියුරු බණ්ඩාර 33, ශෙවාන් වෙල්ගම නොදැවී 36, හමීඩ් අෆ්ඩාල් නොදැවී 31, චාමික හීනටිගල 2/26
ඩී. එස්. සේනානායක විද්‍යාලයට කඩුලු 6ක ජයක්.
තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















