ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ ආණ්ඩුකාරවරුන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ 2026 වසරේ ශූරයන් බවට පත් වීමට Saracens SC කණ්ඩායම සමත් වුණා. Sandalanka CC කණ්ඩායම සමඟින් පැවැති අවසන් මහා තරගයේ දී Saracens SC ක්‍රීඩකයෝ ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණ 23ක ජයග්‍රහණය ලබා ගනිමින් ඊට හිමිකම් කීවා.
කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් Sandalanka CC කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් කඩුලු 9ක් දැවී ලකුණු 237ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Saracens SC කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ලැබෙන්නේ පන්දු වාර 27ක් පමණයි. ඒ වෙද්දී ඔවුන් කඩුලු 3ක් දැවී ලකුණු 132ක් ලබා සිටියා.
Sandalanka CC
සුලේක රණසිංහ (නායක), බිනර සංකේත්, හසිඳු පෙරේරා, අමිල දයානක (කඩුලු රකින්නා), චතුමාල් නිමේෂ්, රිශ්ම අමරසිංහ, ජනිත් රත්නසිරි, රමිත් බණ්ඩාර, අයේෂ් හර්ෂණ, පසිඳු උස්හෙට්ටි සහ චනුර ප්‍රනාන්දු.
Saracens SC
චතුර හේමකුමාර පීරිස් (නායක), ජනක සම්පත්, අනුෂ්ක පෙරේරා, ශිහාන් ප්‍රනාන්දු, අමිත් දාබරේ, නයන ප්‍රනාන්දු (කඩුලු රකින්නා), ඩිල්ශාන් මෙන්ඩිස්, දේශාන් ප්‍රනාන්දු, ඩෙලෝන් පීරිස්. චමත් ගෝමස් සහ දනුශ්ක මදුශංක.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Sandalanka CC කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ ජනිත් රත්නසිරි. ඔහු පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 60ක් ලබා ගත්තා.
ඔහු රිශ්ම අමරසිංහ හා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 96ක දී ලකුණු 73ක සබඳතාවක් ද එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ රිශ්ම අමරසිංහ ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 27ක් ලබා සිටියා.
ඔවුන් දෙදෙනාට අමතර ව අමිල දයානක පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ද සහ අයේෂ් හසරංග පන්දු 14ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී චමත් ගෝමස් ලකුණු 65කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව දේශාන් ප්‍රනාන්දු කඩුලු 2ක් ද, ඩෙලෝන් පීරිස්, ඩිල්ශාන් මෙන්ඩිස් සහ ජනක සම්පත් කඩුල්ල බැගින් දවා ගත්තා.
- ශ්‍රී ලංකාවේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට ක්‍රීඩක සංචිත නම් කරයි
- Colombo Kaps නව මුහුණුවරකින් LPL තරගාවලියට පිවිසෙයි
- ශ්‍රී ලංකා, ඉන්දියා සහ ඇෆ්ගනිස්තාන A කණ්ඩායම් අතර තුන්කොන් තරගාවලියේ තොරතුරු
- Showdown විස්සයි විස්ස ශූරතාව SLIIT විශ්වවිද්‍යාලයට
- දඹුලු ක්‍රීඩකයෝ නැවතත් NSL ශූරතාව දිනා ගනී
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Saracens SC කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ලබා සිටියේ කඩුලු 3ක් දැවී ලකුණු 132ක් පමණයි. එතැන් සිට නැවත තරගය ආරම්භ කිරීමට නොලැබෙන අතර තරගයේ විසඳුම ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ගණනය කෙරුණා.
ඒ අනුව ඒ වෙද්දී පන්දුවට පහර දෙමින් සිටි Sandalanka CC කණ්ඩායම තරගයෙන් ජයග්‍රහණය කරන්නට නම් ලකුණු 110ක් ලබා ගත යුතුව තිබුණා. ඒ වෙද්දී ද ඔවුන් එම ඉලක්කය සපුරා සිටි බැවින් තරගයේ තිරණයේ වාසිය Sandalanka CC කණ්ඩායම සතු වෙනවා.
එම ඉනිමේ දී ආරම්භක පිතිකරුවන් වූ ජනක සම්පත් සහ අනුෂ්ක පෙරේරා එක් ව පළමු කඩුල්ලට පන්දු 57ක දී ලකුණු 65ක සබඳතාවක් එක් කර තිබුණා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ ජනක සම්පත් ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යද්දී පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 32ක් ලබා සිටියා.
ඉනිමේ 3 වැනි කඩුල්ල ලෙසින් අනුෂ්ක පෙරේරා පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 47ක් ලබා සිටියා.
තරගය නතර කරන විට නයන ප්‍රනාන්දු පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 27ක් ද සහ අමිත් දාබරේ පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 23ක් ද ලබා සිටියා.
ඔවුන් දෙදෙනා අතර 4 වැනි කඩුල්ලට නොදැවී එක් කර තිබූ ලකුණු සංඛ්‍යාව 35ක්. ඒ සඳහා ඔවුන් දෙදෙනා පන්දු 45ක් වැය කර තිබුණා.
කඩුලු දවා ගැනීමේ දී පසිඳු හෙට්ටිගේ ලකුණු 28කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව චතුරමල් නිමේෂ් කඩුල්ලක් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
Sandalanka CC – කඩුලු 9ක් දැවී 237 (50.0) හසිඳු පෙරේරා 23, අමිල දයානක 31, රිශ්ම අමරසිංහ 27, ජනිත් රත්නසිරි 60, රමිත් බණ්ඩාර 22, අයේෂ් හර්ෂණ 27, චමත් ගෝමස් 3/65, දේශාන් ප්‍රනාන්දු 2/38
Saracens SC – කඩුලු 3ක් දැවී 132 (27.0) ජනක සම්පත් 32, අනුෂ්ක පෙරේරා 47, අමිත් දාබරේ නොදැවී 23, නයන ප්‍රනාන්දු නොදැවී 27, පසිඳු උස්හෙට්ටි 2/38
Saracens SC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 23ක ජයක්.
- අවසන් මහා තරගයේ වීරයා – අනුෂ්ක පෙරේරා (Saracens SC)
- තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – සහන් කෞශල්‍ය (Lankan CC)
- තරගාවලියේ දක්ෂතම පිතිකරු – බිනර සංකේත් (Sandalanka CC)
- තරගාවලියේ වටිනා ම ක්‍රීඩකයා – විරංග යෙශාන් (Old Dharmapalians SC)
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















