ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ (19) පැවැති තරගවල දී සදිල් ඩයස් පන්දු යවන්නේ ලෙසත් මතීෂ අපෝන්සු තුන් ඉරියව්වෙනුත් දක්ෂතා දැක් වූවා.
ඒ අතුරින් කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ දකුණතින් පා දඟ පන්දු යවන සදිල් ඩයස් ප්‍රතිවාදී මහින්ද විද්‍යාලයීය පළමු ඉනිමේ දී කඩුලු 6ක් ලකුණු 56කට දවා ගනිමින් දක්ෂතා දක්වනවා.
මේ අතර මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ මතීෂ අපෝන්සු තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූවා. ඔහු මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට එරෙහි ව පන්දු යැවීමේ දී ලකුණු 32කට කඩුලු 4ක් ද සහ පන්දුවට පහර දීමේ දී පන්දු 137කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 69ක් ලබා ගත්තා.
පැවැති තරගවල දී ගාල්ල මහින්ද විද්‍යාලයේ දුල්සිත් දර්ශන (60) සහ රන්දුල මාබරණ (50) ද කොළඹ නාලන්දා විද්‍යාලයේ රුසඳු සිල්වා (66) සහ ඔෂඳ පමුදිත (නොදැවී 54) ද අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අපරාජිත ව සුපිරි 6 දෙනාගේ වටයට
- සිනෙත් සහ කෞෂික ශතක සබඳතාවක් එක් කරයි
- ආරොන්, මතීෂ සහ අකීල් දක්ෂතා දක්වයි
නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු
කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර තරගය කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයීය පිටියේ දී. (Tier A)
කාසියේ වාසිය – නාලන්දා විද්‍යාලය
- සාන්ත ජෝසප් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 252 (76.2) අවීෂ සමාශ් 100, චේතින කාවින්ද 68, දිල්ප මදුරංග 29, ඔෂද පමුදිත 3/67, සංතුල් විජේරත්න 3/41, රුසඳු සිල්වා 2/58
- නාලන්දා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 69 (44.4) රුසඳු සිල්වා 18, නුශාන් පෙරේරා 3/03, ලෙසඳු විජේතුංග 3/31, තිසඟ පෙරේරා 2/09
- නාලන්දා විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 181 (49.0) නදුල් ජයලත් 42, රුසඳු සිල්වා 66, ඔෂඳ පමුදිත නොදැවී 54, නුශාන් පෙරේරා 2/63
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය සාන්ත ජෝසප් විද්‍යාලයට)
කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර තරගය කදිරාන ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. (Tier B)
කාසියේ වාසිය – මොරටු මහා විද්‍යාලය
- ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 122 (56.3) කෝෂිත ආදිත්‍ය 30, මනීෂ මිහිරංග 24, නිපුන සිතුම් 2/20, සත්සර මිහිරංග 4/27, දිනරු ප්‍රනාන්දු 3/39
- මොරටු මහා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 91 (65.5) සඳුන් සුවාරිස් 22, දිනරු ප්‍රනාන්දු 19, සතිඳු ප්‍රබෝධ 4/30, දම්සිත් මින්තරු 4/27
- ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 113 (39.5) තරිඳු සුදර්ශන 19, කෝෂිත ආදිත්‍ය 18, සත්සර මිහිරංග 3/42, චෙනුර අමරසිංහ 2/35
- මොරටු මහා විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 44 (25.0) සතිඳු ප්‍රබෝධ 2/15
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයට)
- අවීෂ ශතකයක් රැස් කරයි
- Tier B තෙදින තරගාවලියට දින වෙන් කරයි
- වෙළඳ සේවා Super Premier T20 ශූරතාව CDB කණ්ඩායමට
පළමු දිනයට පැවැති තරග තොරතුරු
කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරගය කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier A)
කාසියේ වාසිය – මහින්ද විද්‍යාලය
- මහින්ද විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 251 (76.0) දුල්සිත් දර්ශන 60, රන්දුල මාබරණ 50, කවීෂ ගිත්මාල් 40, විශ්මිත සත්සර 42, සදිල් ඩයස් 6/56, තරුෂ රණසිංහ 2/42
- ඩී. එස්. සේනානායක විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 50 (17.0) පමුල ලොකුලියන නොදැවී 15, තරුෂ රණසිංහ නොදැවී 16
කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය ලකුණු 201ක් පිටුපසින්.
මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය අතර තරගය මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier A)
කාසියේ වාසිය – මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය
- මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 76 (29.4) මනුජ නයනජිත් නොදැවී 18, නෙතුල් අනුහස් 2/20, පසිඳු පෙරේරා 3/12, මතීෂ අපෝන්සු 4/32
- වේල්ස් කුමාර විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 161 (53.0) මතීෂ අපෝන්සු නොදැවී 69, නෙතුල් අනුහස් 32, දිනෙත් ජිනේන්ද්‍ර 20, සවිඳු සත්සර 2/38, ශිනාස් අස්කර් 3/66
මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය ලකුණු 85ක් ඉදිරියෙන්.
මෙම තරග හෙට 20 වැනිදා 2 වැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.
අන්තර් පාසල් පළමු පෙළ දෙදින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















