ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති 2 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තවත් දිනයක් ඉතිරි ව තිබිය දී ම ජයග්‍රහණය කිරීමට පාකිස්තාන ක්‍රීඩකයෝ අද (20) සමත් වෙනවා. ඒ සමඟින් ඔවුන් තරග ද්විත්වයකින් යුත් ටෙස්ට් තරගාවලිය 1-0කින් ද ජයග්‍රහණය කරනවා.
Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්තාන නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 98ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි පාකිස්තානය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 325ක් ලබා ගත්තා. ඉන් අනතුරු ව ලකුණු 227ක් පිටුපස සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එවර සියලුම දෙනා දැවී ලකුණු 316ක් ලබා ගන්නා ලද අතර ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය වූ ලකුණු 90 කඩුලු 2ක් පමණක් දැවී ලබා ගැනීමට පාකිස්තාන ක්‍රීඩකයෝ සමත් වෙනවා.
>>කුසල්, සොනාල් සහ මිලාන් ශ්‍රී ලංකාව සනසවයි
තරගයේ සිව් වැනි දිනය ආරම්භ වෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම 2 වැනි ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 309ක් ලබා සිටි අතර ඒ වෙද්දී මිලාන් රත්නායක නොදැවී ලකුණු 60ක් ද සහ අසිත ප්‍රනාන්දු නොදැවී ලකුණු 2ක් ද ලබා සිටියා.
ඔවුන් දෙදෙනාට අද ක්‍රීඩා කිරීමට හැකි වෙන්නේ පන්දු වාර 2ක් පමණයි. ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 7ක් එක් වෙද්දී අසිත ප්‍රනාන්දු ඉනිමේ අවසන් කඩුල්ලට දැවී යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 10කට මුහුණ දෙමින් ලකුණු 2ක් ලබා සිටි අතර නොදැවී පිටියේ රැඳී සිටි මිලාන් රත්නායක පන්දු 88කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 66ක් ලබා සිටියා. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ 2 වැනි අර්ධ ශතකයයි.
කඩුලු දවා ගැනීමේ දී Mohammad Abbas සහ Aamer Jamal කඩුලු 3ක් බැගින් දවා ගත් අතර ඊට අමතර ව සහ Razaullah කඩුලු ද්විත්වයක් ද, Saqib Khan සහ Salman Agha කඩුල්ල බැගින් ද දවා ගත්තා.
- ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ පහසුවෙන් ම ඇෆ්ගනිස්තානය පරාජය කරයි
- ලහිරුට කඩුලු 5ක්; ශ්‍රී ලංකාව තවත් ලකුණු 153ක් පිටුපසින්
- Tier B තෙදින තරගාවලියට දින වෙන් කරයි
ජයග්‍රහණය සඳහා ගිය ගමනේ දී Tayyab Arif (13) සහ Mohammad Taha (4) අඩු ලකුණුවලට දැවී ගිය ද ආරම්භක පිතිකරු වූ Azan Awais හා Aamer Jamal එක් ව ප්‍රතිවාදී ශ්‍රී ලංකා ඉනිමේ අභියෝගය සපුරා ගන්නවා.
එහි දී Azan Awais පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 32ක් ද සහ Aamer Jamal පන්දු 22ක දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 34ක් ද ලබා සිටියා.
ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 36ක දී ලකුණු 53ක ලකුණු සබඳතාවක් එක් කරනවා.
පාකිස්තාන 2 වැනි ඉනිමේ දැවී ගිය කඩුලු ද්විත්වය ලහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු බෙදා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ශ්‍රී ලංකාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 98 (35.3)කුසල් මෙන්ඩිස් 32, සොනාල් දිනූෂ 21, Mohammad Abbas3/14, Razaullah 3/21, Aamer Jamal 3/24
- පාකිස්තානය– පළමු ඉනිමසියලුම දෙනා දැවී 325 (87.5) Azan Awais 47, Tayyab Arif 46, Saqib Khan 37, Saud Shakeel 24, Salman Agha 21, Ghazi Ghori 54, Razaullah 42, අසිත ප්‍රනාන්දු 3/88, ලහිරු කුමාර 5/95
- ශ්‍රී ලංකාව – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 316 (95.0)පසිඳු සූරියබණ්ඩාර 38, ධනංජය ද සිල්වා 37, කුසල් මෙන්ඩිස් 53, සොනාල් දිනූෂ 54, මිලාන් රත්නායක නොදැවී 66, Mohammad Abbas3/55, Razaullah 2/116, Aamer Jamal 3/67
- පාකිස්තානය –දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 90 (13.0) Azan Awaisනොදැවී 32, Aamer Jamal නොදැවී 34
පාකිස්තානයට කඩුලු 82ක ජයක්.
තරගයේ වීරයා – Mohammad Abbas (පාකිස්තානය)
තරගාවලියේ වීරයා – Mohammad Abbas (පාකිස්තානය)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන ක්‍රිකට් සංචාරයේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















