නේක්ෂ, කනිල්ක සහ දුල්සිත් දක්ෂතා දක්වයි

U19 Sri Lanka Youth League 2026

35
U19 Sri Lanka Youth League 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග ද්විත්වයක් අද (15) පැවැති අතර එහි දී කොළඹ දකුණ සහ ගාල්ල කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුණා.

  • මහනුවර සහ කොළඹ දකුණකණ්ඩායම් අතර තරගය කොළඹ Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

කාසියේ වාසිය – මහනුවර වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

කොළඹ දකුණ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම  

 

රමිරු පෙරේරා (නායක), හිරුන් මතීෂ, ජේඩන් අමරවීර, අසදිස ද සිල්වා, ජේසන් ප්‍රනාන්දු (කඩුලු රකින්නා), නේක්ෂ ඉද්දමල්ගොඩ, හිමරු දේශාන්, ගිම්හාන් මෙන්ඩිස්, අදීශ ලක්ශාන්, මලින්ත සිල්වා සහ ඔෂඳ මනහර.

මහනුවර වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

දිමන්ත මහවිතාන (නායක), ආදීල් ශෙරිෆ්, සිසිල් හේමක, චනිරු සේනාරත්න, චනුල් කොඩිතුවක්කු, කෞෂික කුමාරසිංහ, ප්‍රවීන් රකුණායක (කඩුලු රකින්නා), සෙත්මික සේනෙවිරත්න, රයන් ග්‍රෙගරි, සුමේධ ප්‍රසාද් සහ කනිල්ක ඇන්තනී.

ප්‍රතිවාදීන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොළඹ දකුණ ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 191ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහනුවර ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 171ක් පමණයි.

කොළඹ දකුණ කණ්ඩායම වෙනුවෙන් නේක්ෂ ඉද්දමල්ගොඩ පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 57ක් ලබා ගත්තා. ඊට අමතර ව රෙශාන් සොලමන්ස් පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 39ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී කනිල්ද ඇන්තනී ලකුණු 30කට කඩුලු 6ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහනුවර ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ චනිරු සේනාරත්න. ඔහු පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තා.

ඊට අමතර ව නායක දිමන්ත මහවිතාන පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී හිමරු දේශාන්, රමිරු පෙරේරා සහ ගිම්හාන් මෙන්ඩිස් කඩුල්ල ද්විත්වය බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • කොළඹ දකුණ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 191 (42.1)රෙශාන් සොලමන්ස් 39, ජේසන් ප්‍රනාන්දු 24, නේක්ෂ ඉද්දමල්ගොඩ නොදැවී 57, මලින්ත සිල්වා 23, කනිල්ක ඇන්තනී 6/30
  • මහනුවරවයස අවුරුදු 19න් පහළ කණ්ඩායම– සියලුම දෙනා දැවී 171 (41.5) දිමන්ත මහවිතාන 28, ආදිල් ශෙරිෆ් 23, චනිරු සේනාරත්න 45, කෞෂික කුමාරසිංහ 25, ගිම්හාන් මෙන්ඩිස් 2/40, හිමරු දේශාන් 2/16, රමිරු පෙරේරා 2/22

කොළඹ දකුණ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 20ක ජයක්. .

  • ගාල්ල සහ දඹුල්ලකණ්ඩායම් අතර තරගය කොළඹ NCC ක්‍රීඩාංගණයේදී.

කාසියේ වාසිය – දඹුල්ල වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

ගාල්ල වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

චමරිඳු නෙත්සර (නායක සහ කඩුලු රකින්නා), අරෝෂ සිතුමිණ, අබ්දුල් මාජිඩ්, දුල්සිත් දර්ශන, පුල්ජිත් වත්සුක, ගිම්හාන් රසාංජන, ලිඳුල නෙත්මිණ, සඳරු මල්ශාන්, ටෙනුශ නිම්සර, එස්. ඒ. ඉඳුවර සහ ලතීන්ද්‍ර ආකාශ්.

දඹුල්ල වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම –

 

රජිත් නවෝද්‍ය (නායක සහ කඩුලු රකින්නා), දමේෂ් මතිශාන්, දිනුග අබේසේකර, ජනිඳු රණසිංහ, මහීෂ සිතුම්, සුතර්සන් සුබර්නන්, දිමත් අබේසිංහ, සනුජ නිඳුවර, විග්නේශ්වරන් ආකාශ්, මෙනුර නිරෝෂණ සහ නඳුන් බණ්ඩාර.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ දඹුල්ල කණ්ඩායම් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 209ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි දඹුල්ල ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 165ක් පමණයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් ගාල්ල ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ දුල්සිත් දර්ශන. ඔහු පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 66ක් ලබා ගන්නවා.

ඊට අමතර ව ආරම්භක පිතිකරු අරෝෂ සිතුමිණ පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 44ක් ලබා ගන්නවා. ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 74ක දී ලකුණු 74ක සබඳතාවක් ගොඩ නගනවා.

ඔවුන් දෙදෙනාට අමතර ව නායක චමිරිඳු නෙත්සර පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 41ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී විග්නේශ්වරන් ආකාශ් ලකුණු 27කට කඩුලු 3ක් ද සහ නඳුන් බණ්ඩාර ලකුණු 54කට කඩුලු 3ක් ද දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දඹුල්ල කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ සනුජ නිඳුවර. ඔහු පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුනු 47ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී ලිඳුල නෙත්මිණ ලකුණු 24කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරද්දී ගිම්හාන් රසාංජන, එස්. ඒ. ඉඳුවර සහ ලතීන්ද්‍ර ආකාශ් කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ගාල්ල වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 209 (47.4) අරෝෂ සිතුමිණ 44, දුල්සිත් දර්ශන 66, චමරිඳු නේතසර 41, නදුල් බණ්ඩාර 3/54, විග්නේශ්වරන් ආකාශ් 3/27
  • දඹුල්ල වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 165 (43.5)සතර්සන් සුබර්නන් 22, සනුජ නිඳුවර 47, විගේනේශ්වරන් ආකාශ් 26, එස්. ඒ. ඉඳුවර 2/35, ලිඳුල නෙත්මිණ 4/24, ලතීන්ද්‍ර ආකාශ් 2/39, ගිම්හාන් රසාංජන 2/25

ගාල්ල වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 43ක ජයක්.

මෙම තරගාවලියේ තවත් තරග ද්විත්වයක් හෙට (16) වැනිදා පැවැත්වීමට නියමිතයි. එහි දී ගාල්ල සහ කොළඹ උතුර කණ්ඩායම් අතර තරගය කොළඹ Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත් සහ මහනුවර සහ දඹුල්ල අතර තරගය කොළඹ NCC ක්‍රීඩාංගණයේදීත් පැවැත්විමට නියමිතයි.

වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<