ආනන්දය පරාජය කළ ත්‍රිත්ව විද්‍යාලයට විශිෂ්ට ජයක්

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022/23

439

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (3) ක්‍රියාත්මක වුනා.

තර්ස්ටන් විද්‍යාලය සහ ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර පැවති තරගයේ දෙවැනි දිනය ආරම්හ වන විට තර්ස්ටන් කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 183ක් ලබාගෙන සිටියා.

කෙසේ නමුත් දෙවැනි දිනයේ පළමු පන්දුවාර කිහිපය තුල තර්ස්ටන් අවසන් කඩුලු 2ක් ද දවා ගත් ඩී. එස්. දඟපන්දු යවන්නන් තර්ස්ටන් පළමු ඉනිම ලකුණු 197කට සීමා කළා. අනතුරුව ඔවුන් සිය පිළිතුරු පළමු ඉනිම දියත් කළත් එහි දී ඔවුන්ට ලබා ගන්නට හැකි වුනේ ලකුණු 113ක් පමණයි.

ලකුණු 84ක පළමු ඉනිමේ වාසියක් අතැතිව සිය දෙවැනි ඉනිම දියත් කළ තර්ස්ටන් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 69ක් ලබාගෙන සිටිය දී ආලෝක තත්වය අයහපත් වීම නිසාවෙන් තරගය නවතා දැමුණා.

මේ තරගයේ දී පිතිකරුවන් ලෙස තරමක හෝ සාර්ථකත්වයක් ලබා ගත්තේ තර්ස්ටන් විද්‍යාලයේ විහාස් තෙව්මික පමණයි. ඔහු පළමු ඉනිම තුල ලකුණු 44ක් ලබා ගත් අතර තනුග පලිහවඩන ඩී. එස්. පළමු ඉනිමේ කඩුලු 4ක් තමන් සතුකර ගත්තා.

ආනන්ද විදුහල් පිටියේ දී පැවැත්වුණු ත්‍රිත්ව – ආනන්ද තරගයෙන් කඩුලු 7ක සුපිරි ජයක් ලබා ගන්නට ත්‍රිත්ව විද්‍යාලය සමත් වුනා.

ආනන්ද විද්‍යාලය ලබා ගත් ලකුණු 102ට පිළිතුරු පළමු ඉනිම දියත් කළ ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 221ක් ලබාගෙන ලකුණු 119ක පළමු ඉනිමේ වාසියක් ලබා ගත්තා.  එහි දී මනුල කුලරත්න ලකුණු 47ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුනා. පිළිතුරු දෙවැනි ඉනිම දියත් කළ ආනන්ද විද්‍යාලය ඉනිමක පරාජයෙන් ගලවා ගත් දිනද අතලගේ අර්ධ ශතකයක් ලබාගෙන ලකුණු 53ක් ලබා ගත්තා.

අනතුරුව ලකුණු 61ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ත්‍රිත්ව විද්‍යාලය වේගයෙන් එම ලකුණු ප්‍රමාණය හඹා යමින් පන්දුවාර 8කුත් පන්දු 3ක් අවසානයේ සිය ඉලක්කය සපුරා ගත්තා. එහි දී නොදැවී ක්‍රීඩා කළ මනුල ලකුණු 28*ක් ලබා ගත්තා. තීරක රණතුංග ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් තරගය තුල කඩුලු 5ක් දවාගෙන දස්කම් දැක්වූවා.

ඩී. එස් සේනානායක විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය

තර්ස්ටන් විද්‍යාලය – 197 (58.3): විහාස් තෙව්මික 44, රිශෝන් ජැන්සන් 33, උදීප එදිරිසිංහ 33, ශානික්‍ය දේශප්‍රිය 31, දේශාන් හෙට්ටිගේ 3/27, පූර්ණ සුලක්ෂණ 3/45, සෙනුර සිල්වා 2/11, රන්දිෂ බණ්ඩාරනායක 2/66 & 69/5 (31)

ඩී. එස් සේනානායක විද්‍යාලය – 113 (34.5): සෙනුර සිල්වා 32, හිමන්ත කේෂාන් 26, තනුග පලිහවඩන 4/11, ගගන පෙරේරා 4/29, විහාස් තෙව්මික 2/40.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්


ආනන්ද විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය

ආනන්ද විද්‍යාලය – 102 (35.5): කිත්ම සිත්මල් 22, දිනුක තෙන්නකෝන් 3/15, තීරක රණතුංග 3/28 & 179 (48.4) දිනද අතලගේ 53, ලක්වින් අබේසිංහ 3/21, තීරක රණතුංග 2/42, තරණ විමලධර්ම 2/47.

ත්‍රිත්ව විද්‍යාලය – 221 (41.5): මනුල කුලරත්න 47, ලක්වින් අබේසිංහ 43, රහල් අමරසිංහ 33, ජයවි ලියනගම 23*, තරන විමලධර්ම, අශිංස නයිනායක 4/30, අයේෂ් ශෂීමාල් 3/50. &  61/3 (8.3) මනුල කුලරත්න 28*

ත්‍රිත්ව විද්‍යාලයට කඩුලු 7ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<