අවීෂ ශතකයක් රැස් කරයි

SLSCA U 19 Inter Schools 2 Day Tournament 2026/27

1
SLSCA U 19 Inter Schools 2 Day Tournament 2026/27

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියට ශතකයක් එක් කිරීමට කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ ආරම්භක දකුණත් පිතිකරු අවීෂ සමාශ් අද (18) සමත් වෙනවා.

කොළඹ නාලන්දා විද්‍යාලයට එරෙහි ව වාර්තා කළ ඔහුගේ ඉනිම පන්දු 140කින් සමන්විත වූ ලකුණු 100ක්. ඊට හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් එක් කිරීමට ද ඔහු සමත් වෙනවා.

ඔහු එම ඉනිමේ දී චේතින කාවින්ද හා එක් වෙමින් 3 වැනි කඩුල්ලට ලකුණු 146ක සබඳතාවක් ද ගොඩ නගනවා. එහි දී චේතින කාවින්ද පන්දු 140කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 68ක් ලබා ගත්තා.

මේ අතර ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර පැවැති තරගයේ දී සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් සශිදු සිල්වා, ජොෂුවා සෙබස්තියන් සහ සදීශ සිල්වා අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

ඔවුන් මෙම ඉනිම් වාර්තා කළේ තම කණ්ඩායම ප්‍රතිවාදීන් හමුවේ පළමු ඉනිමේ දී පරාජය වෙද්දීයි. එහි දී සාන්ත පීතර විද්‍යාලයීය පළමු ඉනිමේ දී 15 හැවිරිදි වියේ පසුවෙන ආරම්භක පිතිකරු සශිදු සිල්වා පන්දු 236කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 87ක් ද සහ ජොෂුවා සෙබස්තියන් පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ද සහ 2 වැනි ඉනිමේ දී සදීශ සිල්වා පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ දකුණතින් මද වේග පන්දු යවන ටෙනුර ඩයස් ප්‍රතිවාදී පළමු ඉනිමේ දී ලකුණු 43කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

අද නිමා වූ තරගයේ කෙටි ලකුණු පුවරු

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර තරගය කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී. (Tier A)

කාසියේ වාසිය – සාන්ත පීතර විද්‍යාලය

  • සාන්ත පීතර විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 212 (67.3) සශිදු සිල්වා 87, ජොෂුවා සෙබස්තියන් 50, ජනිත් පණ්ඩිතරත්න 29, ටෙනුර ඩයස් 4/43, ටෙනුශ නිම්සර 3/64
  • රිච්මන්ඩ් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 216 (75.3)රිසිනු රූපසිංහ 21, විනුද රවිශාන් 30, රවිනු රන්දිනු 24, බෙවින් ජයවර්ධන 31, උදුල කුමුදක නොදැවී 32, විහග මිහිරංග 26, ධහම් මෙන්ඩිස් නොදැවී 18, රෙනිශ් ඇන්තනී 2/30, සදීශ සිල්වා 3/70
  • සාන්ත පීතර විද්‍යාලය – දෙවැනිඉනිම කඩුලු 5ක් දැවී 168(34.0) සශිදු සිල්වා 30, සදීශ සිල්වා 50, ජේසන් ප්‍රනාන්දු 37, ජොෂුවා සෙබස්තියන් 37, ටෙනුශ නිම්සර 3/52

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට.)  

අද ආරම්භ වූ තරගවල කෙටි ලකුණු පුවරුව

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර තරගය කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයීය පිටියේ දී. (Tier A)

කාසියේ වාසිය – නාලන්දා විද්‍යාලය

  • සාන්ත ජෝසප්විද්‍යාලය– පළමු ඉනිම කඩුලු 9ක් දැවී 252 (76.2) අවීෂ සමාශ් 100, චේතින කාවින්ද 68, දිල්ප මදුරංග 29, ඔෂද පමුදිත 3/67, සංතුල් විජේරත්න 3/41, රුසඳු සිල්වා 2/58
  • නාලන්දාවිද්‍යාලය– පළමු ඉනිම කඩුල්ලක් දැවී 0 (1.0)

කොළඹ නාලන්දා විද්‍යාලය ලකුණු 252ක් පිටුපසින්.

කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර තරගය කදිරාන ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. (Tier B)

කාසියේ වාසිය – මොරටු මහා විද්‍යාලය

  • ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය– පළමු ඉනිම සියලුම දෙනා දැවී 122 (56.3)කෝෂිත ආදිත්‍ය 30, මනීෂ මිහිරංග 24, නිපුන සිතුම් 2/20, සත්සර මිහිරංග 4/27, දිනරු ප්‍රනාන්දු 3/39
  • මොරටු මහාවිද්‍යාලය– පළමු ඉනිම කඩුලු 5ක් දැවී 49 (36.0) විසල් සත්සර 12, දම්සිත් මින්තරු 2/08

මොරටු විද්‍යාලය ලකුණු 73ක් පිටුපසින්.

මෙම තරග හෙට (19) 2 වැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.

අන්තර් පාසල් පළමු පෙළ දෙදින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<