SSC පිළට දින තුනෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක්

740
SLC Premier League

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධාන ශක්තියෙන් පැවැත්වෙන දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තම තරගාවලිය වන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරමින් තරග 3ක් අද (30) ක්‍රියාත්මක විය. එහිදී යුධ හමුදා ක්‍රීඩා සමාජය කඩුලු 10කින් පරාජය කළ SSC කණ්ඩායම තරගාවලි ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ වැජඹෙන්නට සමත්ව සිටියි.

හලාවත ක්‍රීඩා සමාජය සිව්දින තරගය දින දෙකකින් නිමා කරයි

දේශීය ක්‍රිකට් පිටිය උණුසුම් කරන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරන ක්‍රීඩා සමාජ 14ක් අද (29) ක්‍රීඩාංගණ 7කදී එකිනෙකා හා තරග වැදුනි. එහිදී සුපිරි 8 වටයේ තරගයකට මුහුණ දුන් හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය දින දෙකක් වැනි අඩු කාලයක් තුලදී ප්‍රතිවාදී කෝල්ට්ස් කණ්ඩායම පරාජය කිරීමට සමත් විය.

යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ සිංහල ක්‍රීඩා සමාජය අතර තරගය

සුපිරි 8 වටයේ සිව්දින තරගයක් ලෙසින් ක්‍රියාත්මක වූ මෙම තරගයේ තවත් දිනයක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය තහවුරු කරගන්නට සිංහල ක්‍රීඩා සමාජය සමත් විය. යුධ හමුදා කණ්ඩායම ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස්කල ලකුණු 228ට පිලිතුරු ලෙස සිංහල ක්‍රීඩා සමාජය ලකුණු 323ක් රැස් කල නිසා තරගයේ වාසිය මුල සිටම පැවතුනේ SSC කණ්ඩායම සතුවයි.
එවැනි තත්වයක් යටතේ තම දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යුධ හමුදා පිතිකරුවන් එහිදී ලකුණු 106කට දැවී ගියේ ජයග්‍රහණය සඳහා SSC කණ්ඩායමේ සියලු අවශ්‍යතා සපුරාලමිනි. ඒ අනුව ලකුණු 12ක පහසු ඉලක්කය කිසිදු කඩුල්ලක් නොදැවී ලඟා කරගත් SSC ක්‍රීඩකයින් මෙම තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සමත් විය.

යුධ හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 228 (පන්දුවාර 67.3): දිල්හාන් ද සොයිසා 74, සීක්කුගේ ප්‍රසන්න 40, දුශාන් විමුක්ති 31, කසුන් මධුශංක 3/29, දසුන් ශානක 2/41, සචිත්‍ර සේනානායක 4/43.

සිංහල ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 323 (පන්දුවාර 81.5): දසුන් ශානක 91, චරිත් අසලංක 50, රමේෂ් මෙන්ඩිස් 31*, කවිඳු කුලසේකර 30, මිනෝද් භානුක 28, සචිත්‍ර සේනානායක 31*, සීක්කුගේ ප්‍රසන්න 3/84, දුශාන් විමුක්ති 2/35, කේ. වයි. එන්. මෙන්ඩිස් 2/58, නුවන් ලියනපතිරණ 2/76.

යුධ හමුදා ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 106 (පන්දුවාර 37.3): සීක්කුගේ ප්‍රසන්න 38, කසුන් ද සිල්වා 23, විමුක්ති පෙරේරා 4/16, දසුන් ශානක 3/21, තරිඳු රත්නායක 2/24.

සිංහල ක්‍රීඩා සමාජය – කිසිවෙකු නොදැවී ලකුණු 12 (පන්දුවාර 1)


කොළඹ ක්‍රිකට් සමාජය සහ NCC අතර තරගය

කොළඹ පී. සරා ඕවල් පිටියේදී පැවැත්වෙන මෙම තරගයේ ලකුණු 240ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන කොළඹ ක්‍රිකට් සමාජය මේ වනවිට එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 60ක් රැස් කරමින් හොඳ ආරම්භයක් ලබා ගැනීමට සමත්ව සිටියි. ඊයේ දිනය නිමාවන විට කඩුලු 5ක් දැවී ලකුණු 187ක් ලබාසිටි NCC පිළ අද ලකුණු 332ක් දක්වා තම දෙවැනි ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ නංවා ගැනීම නිසා තරගයේ අවසන් ප්‍රතිඵලය නැවතත් දෙපිළටම දෝලනය වන තත්වයක් උදාවී තිබේ. NCC දෙවන ඉනිම වෙනුවෙන් අද ඇන්ජෙලෝ පෙරේරා හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 108ක් රැස් කිරීමට සමත් විය.

NCC – සියල්ලන්ම දැවී ලකුණු 200 (පන්දුවාර 49): අනුක් ප්‍රනාන්දු 43, ලහිරු උදාර 40, තිමිර ජයසිංහ 34, හෂාන් උපේන්ද්‍ර 30, ලහිරු ගමගේ 4/52, උස්මාන් ඉශාක් 2/51, වනිඳු හසරංග 2/33.

කොළඹ ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 293 (පන්දුවාර 78.2): රොන් චන්ද්‍රගුප්ත 108, වනිඳු හසරංග 59, රොෂාන් අනුරුද්ධ 29, රවීන් සේයර් 25, තරිඳු කෞෂාල් 4/71, ලසිත් ඇඹුල්දෙණිය 4/110.

NCC (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 332 (පන්දුවාර 85.3): ඇන්ජෙලෝ පෙරේරා 108, ජෙහාන් මුබාරක් 46, තිමිර ජයසිංහ 42, ෆර්වීස් මහරූෆ් 30, තරිඳු කෞෂාල් 22, අනුක් ප්‍රනාන්දු 22, උස්මාන් ඉශාක් 3/47, අශාන් ප්‍රියන්ජන් 2/42, ශාලුක සිල්වා 2/64.

කොළඹ ක්‍රිකට් සමාජය – එක් කඩුල්ලක් දැවී ලකුණු 60 (පන්දුවාර 25.1): රොන් චන්ද්‍රගුප්ත 26*, මාධව වර්ණපුර 20*.


ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගය

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය තම ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස්කල ලකුණු 318 හඹායමින් සිටි රාගම පිතිකරුවන් ඊයේ දෙවැනි දිනයට තරගය නතර කරන විට එක් කඩුල්ලක් පමණක් දැවී ලබාසිටි ලකුණු සංඛ්‍යාව 212කි. ඒ වනවිටත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ද්විත්ව ශතක සබඳතාවයක් පවත්වා තිබූ ලහිරු මිලන්ත සහ ජනිත් ලියනගේ නොදැවී ශතක ලබාගෙන සිටියහ. මිලන්ත අද හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 144ක් ලබා සිටියදී දැවී ගිය අතර ඊට නොදෙවෙනි වූ සුපිරි ඉනිමක නිරත වුනු ජනිත් ලියනගේ හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 130ක් රැස් කළේය. මේ වනවිට කඩුලු 4කට ලකුණු 387ක් ලබා සිටින රාගම ක්‍රිකට් සමාජය ටැමිල් යූනියන් ප්‍රථම ඉනිමට වඩා ලකුණු 69ක් ඉදිරියෙන් පසුවේ.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 318 (පන්දුවාර 101.5): දිනෙත් තිමෝද්‍යය 113, තරංග පරණවිතාන 109, සිතාර ගිම්හාන් 31, අමිල අපොන්සු 3/43, චතුර පීරිස් 3/57, නිලංක ප්‍රේමරත්න 2/84, ජනිත් ලියනගේ 2/32.

රාගම ක්‍රිකට් සමාජය – කඩුලු 4ක් දැවී ලකුණු 387 (පන්දුවාර 142): ලහිරු මිලන්ත 144, ජනිත් ලියනගේ 130, ලහිරු තිරිමාන්න 46, රොෂේන් සිල්වා 42*, චාමික කරුණාරත්න 2/73.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට