නාලන්දා ක්‍රීඩකයින්ට පහසු ජයක්

19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022/23

167

පාසල් ක්‍රිකට් පිටිය උණුසුම් කරමින් පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් අද (25) නිමාවට පත් වෙද්දී, තවත් තරග කිහිපයක පළමු දිනය අද ආරම්භ වුනා.

අද (25) නිමාවට පත් වූ තරගවලින් ජයග්‍රහණය ලැබීමට කොළඹ නාලන්දා විද්‍යාලය ක්‍රීඩකයින්ට හැකි වූ අතර අනෙක් තරග සියල්ල අවසන් වුනේ ජය පරාජයෙන් තොරවයි.

සාම්ප්‍රදායික තරග

එරංග ජයකොඩි නොදැවී වාර්තා කළ අගනා ලකුණු 102 සහ මිනෝද් කල්දේරා (5/51) සහ ජනුල ඉඳුසරගේ (3/29) පන්දු යැවීම නිසා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය පරදවා ඉනිමක සහ ලකුණු 83ක ජයග්‍රහණයක් ලබා ගැනීමට නාලන්දා ක්‍රීඩකයින්ට හැකි වුනා.

තිසේන් ඇහැලියගොඩ (61) සහ දිනෙත් ගුණවර්ධන (57) ඇතුළු පිතිකරුවන්ගේ දස්කම් නිසා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් ක්‍රීඩකයින්ට හැකි වුනා. ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් සටන්කාමී පන්දු යැවීමක නිරත වූ තීරණ රණතුංග කඩුලු 6යි.

මාරිස් ස්ටෙල්ලා කණ්ඩායම සමඟ පැවති තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ගාල්ල රිච්මන්ඩ් ක්‍රීඩකයින්ට හිමි වුනා. රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් අගනා ඉනිම් ක්‍රීඩා කළ මල්ෂ තරුපති ලකුණු 72ක් සහ මහීෂ ද සිල්වා නොදැවී ලකුණු 58ක් රැස් කළා.

උවින් පෙරේරා (96), සෙනිතු අමරසිංහ (54) සහ අශාන් සුදර්ශන (53) ලබා ගත් අර්ධ ශතක නිසා පළමු ඉනිමේ ජයක් ලැබීමට වෙස්ලි ක්‍රීඩකයින්ට හැකි වුනා.

නාලන්දා විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය

  • ධර්මපාල පළමු ඉනිම – 144 (29.1): කවිඳු පියුමාල් 67, පසිඳු චාමික 31, මිනෝද් කල්දේරා 3/31.
  • නාලන්දා පළමු ඉනිම – 338 (61.3): එරංග ජයකොඩි 102*, රුසිරු විලෝචන 80, සදෙව් සමරසිංහ 62, නුලාන් සෙනවිරත්න 5/128.
  • ධර්මපාල පළමු ඉනිම – 111 (39.2) – කවිඳු පියුමාල් 17, දිනුද හේරත් 17, මිනෝද් කල්දේරා 5/51, ජනුල ඉඳුසරගේ 3/29.

නාලන්දා විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 83ක ජයක්.

සාන්ත පීතර විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය

  • සාන්ත පීතර පළමු ඉනිම – 366 (88.5): නිමුතු ගුණවර්ධන 141, ඔවීන් සල්ගාදු 110, මනුද චන්තුක 5/116.
  • සාන්ත සෙබස්තියන් පළමු ඉනිම – 373/6 (107): මහේන් සිල්වා 74, සනේෂ් ප්‍රනාන්දු 68, රුවන්නෙත් කුමාරදාස 66, විමත් දින්සර 56, ශෙනොන් රොද්‍රිගෝ 2/104.

තරගය ජය පරාජයෙන් තොරයි.

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

  • මාරිස් ස්ටෙල්ලා පළමු ඉනිම – 238 (86.1): කවීන් ප්‍රනාන්දු 79, සදෙව් රත්නායක 36, යූරි කොත්තිගොඩ 3/34.
  • රිච්මන්ඩ් පළමු ඉනිම – 278/7 (61): මල්ෂ තරුපති 72, මහීෂ ද සිල්වා 58*, ශෙහාන් ආදිත්‍ය 4/91.

තරගය ජය පරාජයෙන් තොරයි.

කිංග්ස්වුඩ් විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය

  • කිංග්ස්වුඩ් පළමු ඉනිම – 205 (65.3): කවිජ ගමගේ 60, බරණ රත්නායක 41, Jathon Wyman 5/53.
  • වෙස්ලි පළමු ඉනිම – 343 (79): සනිතු අමරසිංහ 96, සෙනිතු අමරසිංහ 54, අශේන් සුදර්ශන 53, කවිජ ගමගේ 6/88.
  • කිංස්වුඩ් දෙවැනි ඉනිම – 155/9 (56): මනුල විජේතුංග 34, කවිජ ගමගේ 29, ලිනාල් සුබසිංහ 3/27, ශාකේෂ් මිනොන් 3/32.

තරගය ජය පරාජයෙන් තොරයි.

ත්‍රිත්ව විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය

  • ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම: 209 (80.4): ජනිත් රවිශ්ක 56*, තරණ විමලධර්ම 33, චාරුක පීරිස් 3/59.
  • සාන්ත තෝමස් විද්‍යාලය: 290/8 (102): තිසේන් ඇහැලියගොඩ 61, දිනෙත් ගුණවර්ධන 51, ආකාෂ් ප්‍රනාන්දු 47*, තීරක රණතුංග 6/110.

තරගය ජය පරාජයෙන් තොරයි.

දෙදින ක්‍රිකට් තරගාවලිය

කවිඳු කෞෂල්‍යගේ අගනා පන්දු යැවීම (6/57) කැලණිය ගුරුකුල පළමු ඉනිම ලකුණු 285කට සීමා කිරීමට කඳාන ද මැසනෝඩ් ක්‍රීඩකයින්ට හැකි වුනා. ගුරුකුල කණ්ඩායම වෙනුවෙන් ජනිත ශෙහාන් (90) සහ තත්සර ඒෂාන් (55) ලබා අර්ධ ශතක රැස් කළා.

වේල්ස් කුමර ක්‍රීඩකයින් හමුවේ සාන්ත අන්තෝනි පළමු ඉනිම ලකුණු 116කට සීමා වූ අතර අචල පෙරේරා ලකුණු 49කට කඩුලු 5ක් දවා ගත්තා.

කැලණිය ගුරුකුල විද්‍යාලය සහ කඳාන ද මැසනෝඩ් විද්‍යාලය

  • ගුරුකුල පළමු ඉනිම – ජනිත ශෙහාන් 90, තත්සර ඒෂාන් 55, කවිදු කෞෂල්‍ය 6/57.
  • ද මැසනෝඩ් පළමු ඉනිම – 44/2 (14): නේෂාන් ඩයස් 19, නාරද කාංචන 1/10.

සාන්ත අන්තෝනි විද්‍යාලය සහ වේල්ස් කුමර විද්‍යාලය

  • සාන්ත අන්තෝනි පළමු ඉනිම – 166 (64.4): මොහොමඩ් ආකිල් 37, කවිඳු ශෙහාන් 26, අචල පෙරේරා 5/49.
  • වේල්ස් කුමර පළමු ඉනිම – 51/2 (17) – රිවිත් ජයසූරිය 39*.

සාන්ත ඇන්නීස් විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය

  • සාන්ත ඇන්නීස් පළමු ඉනිම – 200 (86): මනාන් මුසම්මිල් 37, යොමේෂ් සුභසිංහ 35*, යෙනුල දෙව්තුස 3/65.
  • සාන්ත ජෝසප් පළමු ඉනිම – 23/0 (12)

19න් පහළ පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සියලු තරගවල තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<