කොරෝනා නැති තවත් හයක් එංගලන්තයට

168

COVID-19 පරීක්ෂණය සමත් වූ තවත් පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් හය දෙනෙකු එංගලන්තයේ සිටින පාකිස්තාන සංචිතය සමඟ එක්වන බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරියෙක් AFP වෙත පවසා සිටිනවා.

පාකිස්තානය ඒ ක්‍රිකට් ක්‍රීඩකයෝ බලා ගන්න ඕන – හිටපු නායක

මුලින් COVID-19 යැයි පරීක්ෂණවලින් තහවුරු වූ ක්‍රීඩකයින් 10 දෙනාගෙන් සිව් දෙනෙකු තවදුරටත් පරීක්ෂණවලට භාජනය කරන අතර ඔවුන් තවමත් ස්වයං නිරෝධායනයේ සිටිනවා. 

මොහොමඩ් හෆීස්, වහබ් රියාස්, මොහොමඩ් හසනයින්, ෂදාබ් ඛාන්, මොහොමඩ් රිස්වාන් හා Fakhar Zaman හට COVID-19 වයිරසය ආසාදනය වී නැති බව තහවුරු වී ඇති නිසා ඔවුන් ඉතා ඉක්මනින්ම, පසුගිය ඉරිදා එංගලන්තය බලා පිටව ගිය ක්‍රීඩකයින් 20 දෙනෙක්ගෙන් සමන්විත පාකිස්තාන සංචිතය හා එක්වනු ඇත.

“පසුගිය සඳුදා නැවතත් COVID-19 පරීක්ෂණයට භාජනය කළ ක්‍රීඩකයින් 6 දෙනාගේම ප්‍රතිඵල පසුගිය 26 වැනිදා ලැබුණා. ඔවුන්ට රෝගය වැළඳී නැහැ” පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා සිටියා.

කෙසේ වෙතත් ඉම්රාන් ඛාන්, කාශිෆ් භට්ටි, හයිදර් අලි හා හැරිස් රෞෆ් දෙවන වතාවටත් COVID-19 පරීක්ෂණය අසමත් වී තිබෙනවා.

අඛණ්ඩව පවත්වන COVID-19 පරීක්ෂණ දෙකකින් සමත් වන තුරු ඔවුන්ට එංගලන්තය කරා පිටව යන්නට ඉඩක් ලැබෙන්නේ නැහැ.

පාකිස්තාන ක්‍රීඩකයෝ එංගලන්තයට ගොඩබහින්න සූදානම්!

අගෝස්තු මාසයේ දී පාකිස්තානය හා එංගලන්තය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියත්, තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියත් පැවැත්වීමට නියමිතයි.

පාකිස්තාන සංචිතය පසුගිය ඉරිදා එංගලන්තයට පැමිණි අතර දින 14ක් Worcester හිදී නිරෝධායනය වීමෙන් අනතුරුව ඔවුන් ජූලි 13 වැනිදා ඩර්බි හිදී පුහුණු තරගයක් ක්‍රීඩා කිරීමට නියමිතයි. 

AFP ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<