සාන්ත සර්වේශස්, ආනන්ද සහ මහින්ද ක්‍රීඩකයින්ට වැඩි ගෞරව

19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022/23

192

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙදින සහ සාම්ප්‍රදායික තරග කිහිපයක් අද (23) ක්‍රියාත්මක වුනා.

සාම්ප්‍රදායික තරග

කිත්ම විතානපතිරණ (4/43) සහ ඉසුරු වීරසූරියගේ (3/20) දක්ෂ පන්දු යැවීම නිසා මහනුවර ධර්මරාජ ක්‍රීඩකයින් ලකුණු 123කට සීමා කිරීමට ආනන්ද ක්‍රීඩකයින්ට හැකි වුනා. ආනන්ද විද්‍යාලය වෙනුවෙන් දිනද අතලගේ නොදැවී ලකුණු 56ක් ලබා ගැනීමට සමත් වුනා.

ගාල්ල සාන්ත ඇලෝසියස් පළමු ඉනිම ලකුණු 118කට සීමා කිරීමට සාන්ත සර්වේශස් ක්‍රීඩකයින්ට හැකි වූ අතර තිසේන් දෙව්මිත් සහ විරාන් චමුදිත අතරේ කඩුලු තුන බැගින් බෙදී ගියා. සාන්ත ඇලෝසියස් විද්‍යාලය වෙනුවෙන් භාෂණ ද සිල්වා ලකුණු 41ක් සහ දිනෙත් නිම්සර ලකුණු 41ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සාන්ත සර්වේශස් ක්‍රීඩක දිනුරු අබේවික්‍රම නොදැවී ලබා ගත් ලකුණු 41 නිසා දිනය අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 115ක් ලබා ගැනීමට සර්වේශස් ක්‍රීඩකයින්ට හැකි වුනා.

ආනන්ද විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය

  • ධර්මරාජ පළමු ඉනිම – 123/10 (52.3) – අරෝෂ මහගෙදර 26, කළණ හේරත් 18, කිත්ම විතානපතිරණ 4/43, ඉසුරු වීරසූරිය 3/20.
  • ආනන්ද පළමු ඉනිම – 123/5 (45) – දිනද අතලගේ 56*, කිත්ම විතානපතිරණ 28, දර්ශික මනුකල්ප 3/38.

සාන්ත සර්වේශස් විද්‍යාලය සහ සාන්ත ඇලෝසියස් විද්‍යාලය

  • සාන්ත ඇලෝසියස් පළමු ඉනිම – 188/10 (49.1) – දිනෙත් නිම්සර 41, භාෂණ ද සිල්වා 41, විරාන් චමුදිත 3/59, තිසේන් දෙව්මිත් 3/32.
  • සාන්ත සර්වේශස් පළමු ඉනිම – 115/4 (33.5) – දිනුරු අබේවික්‍රම 41, විශ්ව සුපුන් 24*.

දෙදින ක්‍රිකට් තරගාවලිය

දනුජ ඉඳුවර (77) සහ හිරුණ ගාල්ලගේ (62) ලබා ගත් අර්ධ ශතක නිසා පළමු ඉනිමට ලකුණු 266ක් ලබා ගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයින්ට හැකි වුනා.

පන්දු යැවීමේ දී මොරටු මහා විද්‍යාලය වෙනුවෙන් ඉසුරු ප්‍රනාන්දු ලකුණු 47කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූ අතර මහිත් අප්පුහාමි සහ යොහාන් ද සිල්වා අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි මොරටු මහා විද්‍යාලයේ පිතිකරුවන්ට දැඩි අභියෝගයක් එල්ල කළ තරූෂ ඩිල්ෂාන් (3/26) සහ රන්මිණ හෙට්ටිආරච්චිගේ (2/10) පන්දු යැවීම හමුවේ දිනය අවසන් වන විට මොරටු ක්‍රීඩකයින් කඩුලු 6ක් දැවී ලකුණු 60ක් ලබා අසීරු අඩියක පසු වුනා.

  • මහින්ද විද්‍යාල පළමු ඉනිම: 266/10 (61) – දනුජ ඉඳුවර 77, හිරුණ ගාල්ලගේ 62, ඉසුරු ප්‍රනාන්දු 3/47.
  • මොරටු මහා විද්‍යාල පළමු ඉනිම: 60/6 (41) – සුකිත දෙව්තිලිණ 25*, තරූෂ ඩිල්ෂාන් 3/26, රන්මිණ හෙට්ටිආරච්චි 2/10.

19න් පහළ පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සියලු තරගවල තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<