සාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් පෙරළිකාර ජයක්

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2023

340

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් සහ සාම්ප්‍රදායික තරග රැසක් අද (13) දිනයේ දී ක්‍රියාත්මක වුනා.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය පූර්ණ තරග ජයග්‍රහණ ලබා ගන්නා විට, මලියදේව විද්‍යාලය පළමු ඉනිමේ ජයක් ලබා ගත්තා.

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ සත්කාරක මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය අතර පැවති තරගයේ දී යෙනුල දෙව්තුස කඩුලු 9ක් දවා ගනිමින් ඉනිම් දෙක පුරාවට දක්ෂ පන්දු යැවීමක නිරත වුනා.

ඒ නිසාවෙන් සාන්ත තෝමස් පළමු සහ දෙවැනි ඉනිම පිළිවෙළින් ලකුණු 77කට සහ ලකුණු 76කට සීමා කළ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් මේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 43ක දැවැන්ත ජයක් ලබා ගත්තා.

වේල්ස් කුමර විද්‍යාලයට එරෙහිව පැවති තරගයේ දී සත්කාරක මලියදේව විද්‍යාලයේ අමේෂ් තෙන්නකෝන් ලබා ගත් ශතකය කැපී පෙනුණා. අවසානයේ දී තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවත් පළමු ඉනිමේ වාසිය සහ ඒ සඳහා වන ප්‍රසාද ලකුණු ලබා ගත්තේ සත්කාරක මලියදේව විද්‍යාලයයි.

පළමු ඉනිමේ දී වුනු අඩුපාඩු ඉතාමත් ඉක්මනින් නිවැරදි කර ගත් ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය තර්ස්ටන් විද්‍යාලයට එරෙහිව පැවති තරගයේ දී කඩුලු 7ක පෙරළිකාර ජයක් ලබා ගත්තා.

තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මේ තරගයේ දී වේගපන්දු යවන ක්‍රීඩක කලන පැතුම් ඉනිම් දෙක තුල කඩුලු 7ක් දවා ගත්තා. එසේම පිතිකරණයේ දී හසිත සුරංග සහ විදුර ලක්ෂාන් ලැබුණු ඉලක්කය සාර්ථකව පසුකර යාමට සිය කණ්ඩායමට සවියක් වෙමින් නොදැවුණු අර්ධ ශතක ලබා ගත්තා.

එම තරගවලට අමතරව පළමු දිනයට ක්‍රියාත්මක වුනු තරගවල දී සෙනුර සිල්වා (ඩී. එස්. සේනානායක විද්‍යාලය), ශාරුජන් ශන්මුගනාතන් (සාන්ත බෙනඩික්ට් විද්‍යාලය) ශතක ලබා ගන්නා විට, මිනෝද් කල්දේරා (නාලන්දා විද්‍යාලය), කිත්ම සිත්මල් (ආනන්ද විද්‍යාලය) පන්දු යැවීමේ දී කඩුලු 5කට වඩා වැඩි දස්කම් දැක්වූවා.

එසේම විෂෙන් හැලඹගේ (සාන්ත පීතර විද්‍යාලය) සහ වෙස්ලි විද්‍යාලයේ සනිතු අමරසිංහ පිතිකරණයෙන් ලබා ගත් අර්ධ ශතකවලට අමතරව පන්දු යැවීමෙන් ද කැපී පෙනෙන දස්කම් දැක්වූවා.

දෙවැනි දිනයට පැවැත්වුණු තරග

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය මරදාන (Tier A)

  • සාන්ත තෝමස් විද්‍යාලය – 77 (40.4): පෙසන්ඳු සංජාන් 25, යෙනුල දෙව්තුස 4/38, ලහිරු අමරසේකර 3/14 & 76 (30) – පෙසන්ඳු සංජාන් 33*, යෙනුල දෙව්තුස 5/32.
  • සාන්ත ජෝසප් විද්‍යාලය – 196/9d (28.5): අවින්‍ත ද අල්විස් 42, මනස මධුභාෂණ 35, හිරුන් මතීෂ 34, මනුග යොනල් 3/23.

සාන්ත ජෝසප් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 43ක ජයක්

තර්ස්ටන් විද්‍යාලය සහ සාන්ත ඇලෝසියස් විද්‍යාලය (Tier B)

  • තර්ස්ටන් විද්‍යාලය – 156 (43): අසීම් මොහොමඩ් 30, උෂාන් ඉමේෂ් 29*, කලන පැතුම් 5/47, කවිඳු කේසර 4/06 & 162 (56.5) – ශානික්‍ය දේශප්‍රිය 46, තේනුක දේවප්‍රිය 40, කවිඳු කේසර 3/23.
  • සාන්ත ඇලෝසියස් විද්‍යාලය – 111 (33.5): චාර්ය පරණවිතාන 41, විහස් තෙව්මික 4/29, තෙනුග පලිහවඩන 3/25 & 210/3 (38.4): හසිත සුරංග 76*, විදුර ලක්ෂාන් 56*, විහාස් තෙව්මික 2/63

සාන්ත ඇලෝසියස් විද්‍යාලයට කඩුලු 7ක ජයක්

වේල්ස් කුමර විද්‍යාලය සහ මලියදේව විද්‍යාලය (Tier A)

  • වේල්ස් කුමාර විද්‍යාලය – 184/10 (51.5): ඔමේෂ් මෙන්ඩිස් 52, රිවිත් ජයසූරිය 44, දිමත් අබේසිංහ 4/37, තවීෂ බාලසූරිය 2/6. & 258 (64.1): සුමල්ක ප්‍රනාන්දු 61, ඔෂාන් ද සිල්වා 47, තවීෂ බාලසූරිය 3/76
  • මලියදේව විද්‍යාලය – 285/9d (78.1): අමේෂ් තෙන්නකෝන් 137, ගයන වීරසිංහ 63, ප්‍රසන්න ලක්මිණ 2/20.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්.

පළමු දිනයට ක්‍රියාත්මක වුනු තරග

කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය (Tier A)

  • සාන්ත තෝමස් විද්‍යාලය – 250 (67.3): සේනාධි බුලන්කුලම 63, ආකාශ් ප්‍රනාන්දු 39, කවීෂ පියුමාල් 4/37
  • සාන්ත අන්තෝනි විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 105/5 (27): ඉඳුවර ගලපිටගේ 49*, ආකාශ් ප්‍රනාන්දු 2/18

රිච්මන්ඩ් විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය

  • රිච්මන්ඩ් විද්‍යාලය – 70 (32.4): කවීෂ ඉඳුවර 21, කිත්ම සිත්මල් 5/13 & 123/2 (43): තරින්ද නිර්මාල් 65
  • ආනන්ද විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 42 (23.2): මල්ෂ තරුපති 4/09

ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ සහිරා විද්‍යාලය

  • ඩී. එස්. සේනානායක විද්‍යාලය – 301/9d (73.1): සෙනුර සිල්වා 103, ගවිරු සෙන්හස් 57, ඉමිතියාස් ස්ලාසා 4/44
  • සහිරා විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 57/4 (20)

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය

  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 323 (76): ශාරුජන් ශන්මුගනාදන් 137, ශෙරෝන් කන්නංගර 60, විශේන් හැලඹගේ 5/108
  • සාන්ත පීතර විද්‍යාලය (පළමු දිනය අවසානයේ)  – 107/5 (20): විශේන් හැලඹගේ 77, චමත් චාතුර්ය 3/22

මොරටු මහා විද්‍යාලය සහ සාන්ත ජෝසප් වාස් විද්‍යාලය

  • මොරටු මහා විද්‍යාලය – 301/9d (83.1): දෙනෙත් සිතුමිණ 76, සුකිත දෙව්තිලින 65, රවිඳු තුෂාර 3/61.
  • සාන්ත ජෝසප් වාස් විද්‍යාලය (පළමු දිනය අවසානයේ)  – 27/1 (12):

වෙස්ලි විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය

  • වෙස්ලි විද්‍යාලය – 315/10 (67.4): සනිතු අමරසිංහ 96, රශ්මික අමරරත්න 57*, ලිනාල් සුබසිංහ 50, මිනෝද් කල්දේරා 7/100
  • නාලන්දා විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 83/6 (27): සදෙව් සමරසිංහ 36, යසිරු සමරකෝන් 23, සනිතු අමරසිංහ 5/27

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<