මලල ක්‍රීඩා තේරීම් තරගාවලියට දින තීන්දුයි

කනිෂ්ඨ සහ ජ්යෙෂ්ඨ මලල ක්රීඩා තේරීම් තරගාවලිය 2022

151

2022 ආසියානු ක්‍රීඩා උළෙල සහ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය ඉලක්ක කරගනිමින් පැවැත්වීමට නියමිත පළමු මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය පැවැත්වෙන දින වකවානු ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව පළමු තේරීම් තරගාවලිය පෙබරවාරි 10, 11 සහ 12 යන තෙදින තුළ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ලොව පුරා පැතිර යන කොරෝනා වසංගත තත්වය නිසාවෙන් මෙම තරගාවලිය දැඩි සෞඛ්‍යාරක්ෂිත නීති අනුගමනය කරමින් පැවැත්වීමට නියමිත නිසාවෙන් සීමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාවක් පමණක් තරගාවලියට සහභාගී කරවා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

මෙයට සහභාගී වීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ජනවාරි 28ට පෙර සිය අයදුම්පත් මලල ක්‍රීඩා සංගමයට යොමු කළ හැකියි.

2022 ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ චීනයේ දී පැවැත්වීමට නියමිත අතර ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය මෙම වසරේ ජුනි මාසයේ දකුණු කොරියාවේ දී පැවැත්වීමට නියමිතයි.

>>තවත් මලල ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<