රිච්මන්ඩ් සහ ඩී. එස්. සේනානායක ක්‍රීඩකයින් ජයග්‍රහණ ලබයි

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2023

306

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් පිටිය උණුසුම් කරමින් පැවති තවත් සාම්ප්‍රදායික දෙදින ක්‍රිකට් තරග කිහිපයක් අද (14) අවසන් වුනා.

ඒ තරගවලින් ගාල්ල රිච්මන්ඩ් ක්‍රීඩකයින් සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩකයින් ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වූ අතර අනෙක් තරග සියල්ල ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

ආනන්ද දෙවැනි ඉනිමේ ලකුණු 34කට කඩුලු පහක් දවා ගනිමින්, සමස්ත තරගයේ ලකුණු 43කට කඩුලු 9ක් දවා ගෙන රිච්මන්ඩ් ක්‍රීඩක මල්ෂ තරුපති දැක්වූ සුපිරි දස්කම් නිසා මරදාන ආනන්ද ක්‍රීඩකයින් ලකුණු 112කින් පරාජය කිරීමට ගාල්ල රිච්මන්ඩ් ක්‍රීඩකයින්ට හැකි වුනා.

රිච්මන්ඩ් පළමු ඉනිම ඉතා අඩු ලකුණු සංඛ්‍යාවට සීමා වූවත්, දෙවැනි ඉනිමේ පන්දු 246කට මුහුණ දෙමින් ලකුණු 91ක් ලබා ගැනීමට තරින්ද නිර්මාල්ට හැකි වූ අතර මෙම පරාජයත් සමඟ අඛණ්ඩව සිව්වැනි සාම්ප්‍රදායික දෙදින තරගයත් පරාජයට පත් වීමට ආනන්ද ක්‍රීඩකයින්ට සිදු වුනා.

දේශාන් හෙට්ටිගේ (5/41 & 3/30) සහ පූර්ණ සුලක්ෂණගේ (1/18 & 6/62) දක්ෂ පන්දු යැවීම නිසා මරදාන සහිරා ක්‍රීඩකයින් ඉනිමකින් සහ ලකුණු 40කින් පරාජය කරමින් ජයග්‍රහණය ලැබීමට කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට හැකි වුනා.

කවිඳු ශෙහාන් (58) සහ ලහිරු අබේසිංහගේ (48) සටන්කාමී ඉනිම් නිසා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සමඟ පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට කටුගස්තොට සාන්ත අන්තෝනි ක්‍රීඩකයින්ට හැකි වුනා.

තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය සාන්ත තෝමස් ක්‍රීඩකයින් හට හිමි වූ අතර සාන්ත තෝමස් දෙවැනි ඉනිම විනාශ කරමින් ලකුණු 34කට කඩුලු 7ක් දවා ගැනීමට තිසර ඒකනායකට හැකි වුනේ සුපිරි පන්දු යැවීමක් ප්‍රදර්ශනය කරලයි.

විශේන් හැළඹගේ දැක්වූ තුන් ඉරියව් (77, 34*& 5/108 & 1/68) දස්කම් නිසා සාන්ත බෙනඩික්ට් කණ්ඩායමට එරෙහි තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට සාන්ත පීතර ක්‍රීඩකයින්ට හැකි වුනා.

අද දිනයේ බෙනඩික්ට් දෙවැනි ඉනිම සඳහා විශිෂ්ට ඉනිමක් දියත් කළ ශෙනාල් සමරතුංග පන්දු 70ක් තුළ හයේ පහර හයක් සහ හතරේ පහර 8ක් සමඟ නොදැවී ලකුණු 101ක් රැස් කළා.

වෙස්ලි විද්‍යාලය සමඟ පැවති තරගයේ දී අගනා ශතකයක් (106) රැස් කරමින් සිය කණ්ඩායම ඉනිමක පරාජයකින් ගලවා ගැනීමට රුසිරු විලෝචනට හැකි වූ අතර ඔහුට සහයක් ලබා දෙමින් කුස්මිත සිල්වා ලකුණු 54ක් සහ ශෙනාෂ් විජේසිංහ ලකුණු 46ක් රැස් කළා.

දිනයේ ශතක ලාභීන් අතරට එක් වෙමින් මොරටු මහා විද්‍යාලයට එරෙහිව අගනා ලකුණු 126ක් වාර්තා කිරීමට වෙන්නප්පුව ජෝසප් වාස් ක්‍රීඩක විශ්ව රාජපක්ෂට හැකි වුනා.

කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය (Tier A)

  • සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම – 250 (67.3): සේනාධි බුලන්කුලම 63, ආකාශ් ප්‍රනාන්දු 39, කවීෂ පියුමාල් 4/37
  • සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉනිම – 180/10 (52.4): ඉඳුවර ගලපිටගේ 68, ට්‍රේවින් මැතිව් 33, ආකාශ් ප්‍රනාන්දු 3/31.
  • සාන්ත තෝමස් විද්‍යාලය දෙවැනි ඉනිම – 118/10 (40): රොමේෂ් මෙන්ඩිස් 43,තිසර ඒකනායක 7/34.
  • සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉනිම – 135/6 (29): කවිඳු ශෙහාන් 58, ළහිරු අබේසිංහ 48, නේතන් කල්දේරා 3/37.

තරගය ජය පරාජයෙන් තොරයි.

රිච්මන්ඩ් විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය

  • රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිම – 70 (32.4): කවීෂ ඉඳුවර 21, කිත්ම සිත්මල් 5/13
  • ආනන්ද විද්‍යාලය පළමු ඉනිම – 42 (23.2): මල්ෂ තරුපති 4/09.
  • රිච්මන්ඩ් විද්‍යාලය දෙවැනි ඉනිම – 222/7d (76): තරින්ද නිර්මාල් 91, තමිඳු ප්‍රදීප්ත 38, කවිඳු නිර්මාණ 24, කිත්ම විතානපතිරණගේ 5/86.
  • ආනන්ද විද්‍යාලය දෙවැනි ඉනිම – 138/10 (53): විලාෂ් කරුණාරත්න 33, ඉරුත් ගිම්ශාන් 21, මල්ෂ තරුපති 5/34.

රිච්මන්ඩ් විද්‍යාලයට ලකුණු 112ක ජයක්.

ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ සහිරා විද්‍යාලය

  • ඩී. එස්. සේනානායක විද්‍යාලය පළමු ඉනිම – 301/9d (1): සෙනුර සිල්වා 103, ගවිරු සෙන්හස් 57, ඉමිතියාස් ස්ලාසා 4/44.
  • සහිරා විද්‍යාලය පළමු ඉනිම – 237/10 (47.3): මොහොමඩ් ඉජාස් 48, දේශාන් හෙට්ටිගේ 5/41.
  • සහිරා විද්‍යාලය දෙවැනි ඉනිම – 124/10 (33.5): ලක්ෂාන් ද සිල්වා 48, පූර්ණ සුලක්ෂණ 6/62, දේශාන් හෙට්ටිගේ 3/30.

ඩී. එස්. සේනානායක විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 40ක ජයක්.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය

  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමු ඉනිම – 323 (76): ශාරුජන් ශන්මුගනාදන් 137, ශෙරෝන් කන්නංගර 60, විශේන් හැලඹගේ 5/108.
  • සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම – 220/10(60.2): විශේන් හැලඹගේ 77,නේතන් ඩේවිඩ් 35, චමත් චාතුර්ය 4/67.
  • සාන්ත බෙනඩික්ට් දෙවැනි ඉනිම – 258/6d (46): ශෙනාල් සමරතුංග 101*, චමත් චාතූර්ය 45, සීන් රොබර්ට්ස් 2/21.
  • සාන්ත පීතර විද්‍යාලය දෙවැනි ඉනිම – 53/1 (16): විශේන් හැලඹගේ 34, මේවන් දිසානායක 1/21.

තරගය ජය පරාජයෙන් තොරයි.

මොරටු මහා විද්‍යාලය සහ සාන්ත ජෝසප් වාස් විද්‍යාලය

  • මොරටු මහා විද්‍යාලය පළමු ඉනිම – 301/9d (1): දෙනෙත් සිතුමිණ 76, සුකිත දෙව්තිලිණ 65, රවිඳු තුෂාර 3/61.
  • සාන්ත ජෝසප් වාස් විද්‍යාලය පළමු ඉනිම – 325/6 (98): විශ්ව රාජපක්ෂ 129, කවිත් ශෙහාර 83, කවිශ්ක ඔෂාන් 3/78.

තරගය ජය පරාජයෙන් තොරයි.

වෙස්ලි විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය

  • වෙස්ලි විද්‍යාලය පළමු ඉනිම – 315/10 (67.4): සනිතු අමරසිංහ 96, රශ්මික අමරරත්න 57*, ලිනාල් සුබසිංහ 50, මිනෝද් කල්දේරා 7/100.
  • නාලන්දා විද්‍යාලය පළමු ඉනිම – 210/10 (68.4): එරංග ජයකොඩි 85, සදෙව් සමරසිංහ 36, සනිතු අමරසිංහ 5/63.
  • නාලන්දා විද්‍යාලය දෙවැනි ඉනිම – 302/6 (F/O): රුසිරු විලෝචන 106, කුස්මිත සිල්වා 54, ශාකේෂ් මිනොන් 5/111.

තරගය ජය පරාජයෙන් තොරයි.

2023 පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරගවල තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<