ධර්මරාජය පරදවමින් ආනන්ද ක්‍රීඩකයින් ජය පැන් බොයි

19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022/23

261

පාසල් ක්‍රිකට් පිටිය උණුසුම් කරමින් පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් අද (24) නිමාවට පත් වෙද්දී, තවත් තරග කිහිපයක පළමු දිනය අද ආරම්භ වුනා.

අද නිමාවට පත් වූ තරගවලින් ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩකයින් ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වූ අතර අනෙක් තරග අවසන් වුනේ ජය පරාජයෙන් තොරවයි.

සාම්ප්‍රදායික තරග

අයේෂ් ශශිමල් (4/24) ඇතුළු පන්දු යවන්නන්ගේ දස්කම් නිසා මහනුවර ධර්මරාජ ක්‍රීඩකයින් කඩුලු 9කින් පරාජය කිරීමට ආනන්ද ක්‍රීඩකයින් සමත් වුනා. ආනන්දය වෙනුවෙන් දිනද අතලගේ සහ මලීෂ පෙරේරා අර්ධ ශතක රැස් කළා.

දනිරු අබේවික්‍රමසිංහ ලබා ගත් අගනා ශතකය (130) නිසා සාන්ත ඇලෝසියස් ක්‍රීඩකයින්ට එරෙහි තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලබා ගැනීමට සාන්ත සර්වේශස් ක්‍රීඩකයින්ට හැකි වුනා.

එරංග ජයකොඩි (93*), රුසිරු විලෝචන (80) සහ සදෙව් සමරසිංහගේ (62) අර්ධ ශතක නිසා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට එරෙහි තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලබා ගැනීමට නාලන්දා ක්‍රීඩකයින්ට හැකි වුනේ තරගයේ ආරම්භක දිනයේම වීම විශේෂත්වයක්.

සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයින්ට එරෙහිව කැපී පෙනෙන ඉනිමක් දියත් කළ නිමුතු ගුණවර්ධන ලකුණු 141ක් සහ ඔවීන් සල්ගාදු ලකුණු 110ක් රැස් කළා.

ආනන්ද විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය

  • ධර්මරාජ පළමු ඉනිම – 123/10 (52.3): අරෝෂ මහගෙදර 26, කළණ හේරත් 18, කිත්ම විතානපතිරණ 4/43, ඉසුරු වීරසූරිය 3/20.
  • ආනන්ද පළමු ඉනිම – 191 (70.5): දිනද අතලගේ 58, මලීෂ පෙරේරා 51,   කිත්ම විතානපතිරණ 28, දර්ශික මනුකල්ප 4/
  • ධර්මරාජ දෙවැනි ඉනිම – 112/9 (35.4): පුළිඳු පෙරේරා 54, අයේෂ් ශශිමල් 4/24.
  • ආනන්ද දෙවැනි ඉනිම – 45/1 (9.5)

ආනන්ද ක්‍රීඩකයින්ට කඩුලු 9ක ජයක්.

සාන්ත සර්වේශස් විද්‍යාලය සහ සාන්ත ඇලෝසියස් විද්‍යාලය

  • සාන්ත ඇලෝසියස් පළමු ඉනිම – 188/10 (49.1): දිනෙත් නිම්සර 41, භාෂණ ද සිල්වා 41, විරාන් චමුදිත 3/59, තිසේන් දෙව්මිත් 3/32.
  • සාන්ත සර්වේශස් පළමු ඉනිම – 321 (3): දිනුරු අබේවික්‍රමසිංහ 130, තරුෂ දමිදු 57, විඳුර ලක්ෂාන් 3/65.
  • සාන්ත ඇලෝසියස් දෙවැනි ඉනිම – 208/8 (55): චාර්ය පරණවිතාන 46, මෙනෙත් යෙරාන් 40, විශ්ව සුපුන් 2/25.

තරගය ජය පරාජයෙන් තොරයි.

නාලන්දා විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය

  • ධර්මපාල පළමු ඉනිම – 144 (29.1): කවිඳු පියුමාල් 67, පසිඳු චාමික 31, මිනෝද් කල්දේරා 3/31.
  • නාලන්දා පළමු ඉනිම – 324/7 (55): එරංග ජයකොඩි 93, රුසිරු විලෝචන 80, සදෙව් සමරසිංහ 62, නුලාන් සෙනවිරත්න 4/128.

සාන්ත පීතර විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය

  • සාන්ත පීතර පළමු ඉනිම – 366 (88.5): නිමුතු ගුණවර්ධන 141, ඔවීන් සල්ගාදු 110, මනුද චන්තුක 5/116.
  • සාන්ත සෙබස්තියන් පළමු ඉනිම – 27 (9): සනේෂ් ප්‍රනාන්දු 18.

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

  • මාරිස් ස්ටෙල්ලා පළමු ඉනිම – 236/9 (84.3): කවීන් ප්‍රනාන්දු 79, සදෙව් රත්නායක 36, යූරි කොත්තිගොඩ 2/33.

කිංග්ස්වුඩ් විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය

  • කිංග්ස්වුඩ් පළමු ඉනිම – 205 (65.3): කවිජ ගමගේ 60, බරණ රත්නායක 41, Jathon Wyman 5/53.
  • වෙස්ලි පළමු ඉනිම – 150/3 (34): සනිතු අමරසිංහ 54, අශේන් සුදර්ශන 53, කවිජ ගමගේ 3/15.

ත්‍රිත්ව විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය

  • ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම: 209 (80.4): ජනිත් රවිශ්ක 56*, තරණ විමලධර්ම 33, චාරුක පීරිස් 3/59.
  • සාන්ත තෝමස් විද්‍යාලය: 16/0 (7)

දෙදින ක්‍රිකට් තරගාවලිය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ ක්‍රියාත්මක වූ ගාල්ල මහින්ද විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර තරගය අවසන් වුනේ ජය පරාජයෙන් තොරවයි.

ඊයේ (23) දිනය අවසන් වන විට ලකුණු 60කට කඩුලු 6ක් දැවී අසීරු තත්වයක පසු වූ මොරටු මහා විද්‍යාලය වෙනුවෙන් නායක සුකිත දෙව්තිළිණ නොදැවී ලබා ගත් ලකුණු 81 නිසා පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 168ක් ලබා ගැනීමට මොරටු ක්‍රීඩකයින්ට හැකි වුනා.

පන්දු යැවීමේ දී රන්මිණ හෙට්ටිආරච්චි ලකුණු 43කට කඩුලු හතරක් සහ තරූෂ ඩිල්ෂාන් ලකුණු 43කට කඩුලු තුනක් දවා ගත්තා.

හරීන් අචින්ත ලබා ගත් ලකුණු 98 සහ දනුජ ඉඳුවර නොදැවී ලබා ගත් ලකුණු 60 නිසා දෙවැනි ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 193ක් ලබා සිටිය දී ඉනිම අත්හිටුවීමට මහින්ද ක්‍රීඩකයින් තීරණය කළා.

දිනය අවසන් වන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි මොරටු මහා විද්‍යාල ක්‍රීඩකයින් කඩුලු 2ක් දැවී ලකුණු 47යි.

  • මහින්ද විද්‍යාල පළමු ඉනිම – 266/10 (61): දනුජ ඉඳුවර 77, හිරුණ ගාල්ලගේ 62, ඉසුරු ප්‍රනාන්දු 3/47.
  • මොරටු මහා විද්‍යාල පළමු ඉනිම – 168 (84): සුකිත දෙව්තිලිණ 81*, , රන්මිණ හෙට්ටිආරච්චි 4/43, තරූෂ ඩිල්ෂාන් 3/43.
  • මහින්ද විද්‍යාල දෙවැනි ඉනිම – 193/3 (30.3): හරීන් අචින්ත 98, දනුජ ඉඳුවර 60*,
  • මොරටු මහා විද්‍යාල දෙවැනි ඉනිම – 47/2 (15): ඉසුරු ප්‍රනාන්දු 21, රන්මිණ හෙට්ටිආරච්චි 1/16.

19න් පහළ පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සියලු තරගවල තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<