ඔමේෂ් සහ අමේෂ් අර්ධ ශතක රැස් කරයි

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022/23

231
U19 Schools Cricket Tournament 2022/23

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සම්මේලනය විසින් සංවිධානය කරන අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් දෙදින තරග තුනක් අද (12) ආරම්භ වුනා.

පිතිකරුවන්ට එතරම් වාසිදායක නොවූ අද දිනයේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින් නොදැවී ලකුණු 82ක් රැස් කිරීමට කුරුණෑගල මලියදේව විද්‍යාලයේ අමේෂ් තෙන්නකෝන් සමත් වූ අතර ඔහුට අනගි සහයක් ලබා දෙමින් ගයන වීරසිංහ නොදැවී ලබා ගත් ලකුණු 47 නිසා දිනය අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 171ක් ලබා ප්‍රබල තත්වයක පසුවීමට මලියදේව ක්‍රීඩකයින්ට හැකි වුනා.

මලියදේව ක්‍රීඩකයින්ට එරෙහි තරගයේ පළමු ඉනිමේ දී මොරටුව වේල්ස් කුමර ක්‍රීඩකයින් ලකුණු 184කට සියල්ලන් දැවී ගිය අතර ඔමේෂ් මෙන්ඩිස් ලකුණු 52ක් සහ රවිත් ජයසූරිය ලකුණු 44ක් රැස් කළා.

පන්දුවෙන් දැඩි හිරිහැර කරමින් මාතර සාන්ත තෝමස් පළමු ඉනිම ලකුණු 77කට සීමා කිරීමට සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට හැකි වූ අතර යෙනුල දෙව්තුස කඩුලු හතරක් සහ ළහිරු අමරසේකර කඩුලු තුනක් දවා ගනිමින් දස්කම් දැක්වූවා.

එම ලකුණු සංඛ්‍යාවට පිළිතුරු ලෙස පන්දුවාර 28.1ක් අවසානයේ වේගවත් ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් කඩුලු 9ක් දැවී ලකුණු 196ක් ලබා සිටිය දී ඉනිම අත්හිටවීමට තීරණය කළ අතර අවින්ත ද අල්විස් ලකුණු 42ක් රැස් කළා.

සාන්ත තෝමස් දෙවැනි ඉනිමේ ලකුණු 13කට කඩුලු 5ක් දවා ගනිමින් යෙනුල දැක්වූ දස්කම් නිසා දිනය අවසානයේ සාන්ත තෝමස් ක්‍රීඩකයින් කඩුලු 6ක් දැවී ලකුණු 35ක් ලබා ගනිමින් ඉතා අසරණ අඩියක පසු වුනා.

අද පැවති තෙවැනි තරගයේ දී තර්ස්ටන් ක්‍රීඩකයින්ට පන්දුවෙන් හොඳ අභියෝගයක් එල්ල කරමින් ලකුණු 47කට කඩුලු පහක් දවා ගැනීමට සාන්ත ඇලෝසියස් ක්‍රීඩක කලන පැතුම් සමත් වුනා.

සාන්ත ඇලෝසියස් පන්දු යැවීම හමුවේ තර්ස්ටන් පළමු ඉනිම ලකුණු 156කට සීමා වූවත් තර්ස්ටන් ක්‍රීඩකයින්ගේ දස්කම් හමුවේ සාන්ත ඇලෝසියස් පළමු ඉනිම ලකුණු 111කට සීමා වුනා.

තර්ස්ටන් විද්‍යාලය සහ ගාල්ල ඇලෝසියස් විද්‍යාලය

  • තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිම: 156/10 (43) – අසීම් මොහොමඩ් 30, උෂාන් ඉමේෂ් 29* තෙනුක දේවප්‍රිය 27, කලන පැතුම් 5/47, කවිඳු කේසර 4/6.
  • සාන්ත ඇලෝසියස් පළමු ඉනිම: 111/10 (33.5) – චාර්ය පරණවිතාන 41, ඉඳුවර උදේන 16, විහස් තෙව්මික 4/29, තෙනුග පලිහවඩන 3/25.
  • තර්ස්ටන් විද්‍යාලය දෙවැනි ඉනිම: 42/1 (09) – ශානික්‍ය දේශප්‍රිය 28*, කලන පැතුම් 1/31.

වේල්ස් කුමාර විද්‍යාලය සහ මලියදේව විද්‍යාලය

  • වේල්ස් කුමාර විද්‍යාලය පළමු ඉනිම: 184/10 (51.5) – ඔමේෂ් මෙන්ඩිස් 52, රිවිත් ජයසූරිය 44, දිමත් අබේසිංහ 4/37, තවීෂ බාලසූරිය 2/6.
  • මලියදේව විද්‍යාලය පළමු ඉනිම: 171/3 (46) – අමේෂ් තෙන්නකෝන් 82*, ගයන වීරසිංහ 47*, ප්‍රසන්න ලක්මිණ 2/20.

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය මරදාන

  • සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම: 77/10 (40.4) – පෙසන්ඳු සංජාන් 25, සංජු ඩිල්ෂාන් 19, අබ්දුල් මාජිද් 15, යෙනුල දෙව්සුත 4/38, ළහිරු අමරසේකර 3/14.
  • සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉනිම: 196/9d (28.5) – අවින්‍ත ද අල්විස් 42, මානස මධුභාෂණ 35, හිරුන් මතීෂ 34, මනුග යොනල් 3/23.
  • සාන්ත තෝමස් විද්‍යාලය දෙවැනි ඉනිම: 35/6 (22) – අබ්දුල් මාජිද් 15, යෙනුල දෙව්සුත 5/13.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<