යොහාන් ප්‍රනාන්දු, ලහිරු අමරසේකර තුන් ඉරියව් දස්කම් දක්වයි

U19 Division 1 Schools Cricket Tournament 2023/24

199
U19 Division 1 Schools Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (03) දිනයේ දී ක්‍රියාත්මක වුනා.

මෙම තරගවල දී කිසිඳු කණ්ඩායමක් ජයග්‍රණ කරා යාමට සමත් නොවුනත් පාසල් කිහිපයක් ම පළමු ඉනිමේ ජයග්‍රහණ හිමි කර ගත්තා.

එම තරග ක්‍රීඩා කරමින් කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් යෙනුල දෙව්තුස සහ ලහිරු අමරසේකර විසින් තුන් ඉරියව්වෙන් ම දස්කම් දැක්වීමට සමත් වුනා.

එමෙන්ම කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලයේ හිමරු දේශාන්,  ජාඇල ක්‍රිස්තු රාජ විද්‍යාලයේ යසුර ආකාශ්, මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ලක්වින් අබේසිංහ ද පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වුවා.

මේ අතර තිඹිරිගස්කටුව මාරිස් ස්ටෙලා විද්‍යාලයේ යොහාන් ප්‍රනාන්දු දිනයේ වීරයා වෙමින් විශිෂ්ට ශතකයක් ලබා ගැනීමට සමත් වූ අතර පන්දුවෙන් ද කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වුනා.

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය

  • කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය– 393/10 (95.1) සෙනුජ වකුණුගොඩ 97, යෙනුල දෙව්තුස 87, ලහිරු අමරසේකර 53, අභිශේක් ජයවීර 55, මනුජ චන්තුක 117/
  • මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය– 220/10 (73.4) මලින්ත සිල්වා 64, නවෝද් ප්‍රනාන්දු 39, ලහිරු අමරසේකර 5/76, දුනික් පෙරේරා 2/19 & 135/5 (f/o) (32) නදීශ් ප්‍රනාන්දු 39, යෙනුල දෙව්තුස 3/70

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මොරටු මහා විද්‍යාලය සහ කළුතර හොලි ක්‍රොස් විද්‍යාලය

  • මොරටු මහා විද්‍යාලය– 141/10 (53.3) ලකිඳු යහම්පත් 52, කාන්චන නිම්ශාන් 27, හිවින් කෙනුල 5/30, සනුක චෙරාන් 2/34 & 143/10 (71.5) දෙනෙත් සිතුමිණ 45, සඳුන් සුදර්ශන 36, හිමරු දේශාන් 6/33
  • කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය– 96/10 (51.2) හිමරු දේශාන් 31, සනල් අවදික 18, නිශිත ප්‍රනාන්දු 5/21 & 33/1 (20)

මොරටු මහා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

අම්බලන්ගොඩ පී.ද.එස් කුලරතන විද්‍යාලය සහ පානදුර සාන්ත ජෝන් විද්‍යාලය

  • පානදුර සාන්ත ජෝන් විද්‍යාලය– 379/8 (97) දෙනෙත් පීරිස් 127, තරුල් ලක්සඳ 74, සසිඳු කෞශාන් 3/61, ජනිඳු චාමික 1/42 & 136/10 (48.1) ගීත්ම හිමසර 31, ඉනුක ද සිල්වා 4/43
  • අම්බලන්ගොඩ පී.ද.එස්. කුලරතන විද්‍යාලය – 100/10 (41.2) ශවිඳු ආකාශ් 41, සඳුන් මේදිස් 5/8 & 60/3 (14) ධනුෂ්ක මදුශංක 25, සදුන් මේදිස් 2/26

පානදුර සාන්ත ජෝන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

තිඹිරිගස්කටුව මාරිස් ස්ටෙලා විද්‍යාලය සහ ජාඇල ක්‍රිස්තු රාජ විද්‍යාලය

  • තිඹිරිගස්කටුව මාරිස් ස්ටෙලා විද්‍යාලය– 195/10 (65.4) ශවෙන් පෙරේරා 80, සයුර ආකාශ් 5/22 & 222/9 (54.5) යොහාන් ප්‍රනාන්දු 100, නදුක නෙත්මින 5/60
  • ජාඇල ක්‍රිස්තු රාජ විද්‍යාලය– 229/10 (66.2) අවිශ්ක නිර්මාල් 58, ලහිරු ලක්මාල් 50, යොහාන් ප්‍රනාන්දු 5/76 & 51/1 (13.6)

කොළඹ සහිරා විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය

  • කොළඹ සහිරා විද්‍යාලය– 92/10 (31.6) රොශාන් කරීම් 29, ලක්වින් අබේසිංහ 4/21, දක්ශික මනුකල්ප 3/13
  • මහනුවර ධර්මරාජ විද්‍යාලය– 95.2(46) ලක්වින් අබේසිංහ 51, ඉස්මත් සයාන් 1/28

මෙම තරගයේ දෙවන දිනය හෙට (04) ක්‍රියාත්මක වීමට නියමිතයි.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<