බොක්සිං වීරයන් තනන පළමු පියවර සඳහා

398
BASL Novices boxing

සෑම වසරකම පැවැත්වෙන ජාතික ආධුනික බොක්සිං තරගාවලිය මෙවරත් ඇරඹී ඇත. 28 වැනිදා ඇරඹුණු තරගාවලිය ජුනි 02 වැනිදා දක්වා කොළඹ MAS රාජකීය බොක්සිං කවයේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දස්කම් දැක්විය හැකි බොක්සිං ක්‍රීඩකයන් හඳුනා ගැනෙන මූලිකම තරගාවලිය ආධුනික බොක්සිං තරගාවලියයි. මෙයින් ජයග්‍රහණය කරන්නන් අන්තර් මධ්‍යම තරගාවලියට ඉදිරිපත් කෙරෙන අතර එහි දී ද අපරාජිත වන්නන්ට ජාතික මට්ටමේ ශූරයන් සහ ශූරියන් සමඟින් සටන් වැදිය හැක.

පසුගිය අප්‍රේල් මාසයේ දී අවසන් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය බොක්සිං තරගාවලියේ දී උසස් දස්කම් දක්වන්නට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමත් වීමත් සමඟින් පිබිදුණු ආධුනික බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර තරග බිමට පිවිස ඇත. උපන් වර්ෂය අනුව වයස් කාණ්ඩ අතරට යොමු කෙරෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ තරගාවලියට පෙර අන් කිසිදු ප්‍රමුඛ පෙළේ තරගාවලියක් ජයග්‍රහණය කර නොතිබීම ද අත්‍යාවශ්‍ය වේ. මේ තරගාවලියේ ජයග්‍රහණ ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ලේටන් කුසලානය, ක්ලිෆර්ඩ් කුසලානය සහ ජාතික බොක්සිං ශූරතාවලිය ආදී දිවයිනේ නමගිය තරගාවලි නියෝජනය කිරීමේ වරම හිමි කර ගනියි.

ජුනි 02 වැනිදා දක්වා සෑම සවසකම 4.00 සිට ඇරඹෙන තරග ඕනෑම ප්‍රේක්ෂකයෙකුට නැරඹීම සඳහා විවෘත ය. මැයි 31 වැනිදා සිට පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරග, අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරගවල පුවත්, ඡායාරූප මෙන්ම විශේෂ අවස්ථා නැරඹීමට සහ කියවීමට ඔබ පැමිණිය යුතු වෙබ් අඩවිය www.thepapare.com/sinhala වෙබ් අඩවියයි. වඩාත් උණුසුම් විය හැකි මැයි 31, ජුනි 01 සහ ජුනි 02 දිනවල පැවැත්වෙන සියලු තරග පුවත් ආවරණය ThePapare.com ඔස්සේ බලාපොරොත්තු වන්න.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<