මනිඳු හේරත්ගෙන් තුන් ඉරියව් දස්කම්; මලිත පෙරේරාගෙන් ශතකයක්

U19 Division 1 Schools Cricket Tournament 2023/24

332
U19 Division 1 Schools Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (28) දිනයේ පැවැත්වුණා.

මෙම තරග අතුරින් කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර තරගය පමණක් දෙදින (Division I Tier A) තරගයක් ලෙස පැවැත්වුණු අතර අනෙක් තරග සියල්ල ම සාම්ප්‍රදායික දෙදින තරග ලෙසයි පැවැත්වුණේ.

මෙම තරග අතුරින් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සහ ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය අතර තරගය අද දිනයෙන් අවසන් වුනේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය විසින් ඉනිමක ජයක් ලබා ගැනීමත් සමඟයි.

එමෙන්ම අද පැවැත්වුණු අනෙක් තරග වල දී කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය, කඳාන ද මැසනඩ් විද්‍යාලය සහ කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය දිනයේ වාසි ලබා ගැනීමට සමත් වුනා.

මෙම තරග වල දී කණිෂ්ක ඉශාන් මාරිස් ස්ටෙලා විද්‍යාලය වෙනුවෙනුත්, මනිඳු හේරත් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය වෙනුවෙනුත්, කවිශ්ක පියුමාල් ඩඩ්ලි සේනානායක විද්‍යාලය වෙනුවෙනුත් අර්ධ ශතක ලබා ගනිද්දී, මලිත පෙරේරා ඩී.එස්.සේනානායක විද්‍යාලය වෙනුවෙන් වේගවත් ශතකයක් ලබා ගැනීමට සමත් වුනා.

මේ අතර කවීශ කල්හාර ඩඩ්ලි සේනානායක විද්‍යාලය වෙනුවෙනුත්, දිනුග දුලන්මිත් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය වෙනුවෙනුත්, අභීද් පරණවිදාණ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙනුත් පන්දු යැවීමෙන් කඩුලු පහේ දක්ෂතා දැක්වීමට සමත් වුනා.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සහ ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

  • ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය– 298/10 (63.2) මනිඳු හේරත් 75, දෙනෙත් දුලක්ෂ 45, කවීශ කල්හාර 5/73, විහඟ උදාර 1/1 & 229/6 (45.4) මනිඳු හේරත් 92, අශේන් වික්‍රමසිංහ 43, දිනෙත් තේමිය 2/36
  • ඩඩ්ලි සේනානායක විද්‍යාලය 174/10 (52.5) කවිශ්ක පියුමාල් 74, විහඟ උදාර 37, දිනුග දුලන්මිත් 5/19, මනිඳු හේරත් 4/57 & 2/1 (2)

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය සහ කොළඹ සාන්ත පීතර විද්‍යාලය

  • මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය– 171/10 (41.5) කණිෂ්ක ඉශාන් 59, ලෙවින් ප්‍රනාන්දු 29, ලෂ්මික පෙරේරා 4/57, සදීශ කාරියවසම් 2/25 & 2/1 (2)
  • සාන්ත පීතර විද්‍යාලය– 50/1 (16) ඔවීන් සල්ගාදු 32, කණිශ්ක ඉශාන් 1/9

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය සහ කොළඹ කේරි විද්‍යාලය

  • කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය – 227/10 (53.2) නෙලිත් නිම්දිය 39, පෝශිත මදනායක 39, දිනෝත් ගාල්ලගේ 4/49, අර්ශෙල් වල්ගමගේ 2/35
  • කොළඹ කේරි විද්‍යාලය–  23/2 (10.2) කවින් කුලේන්ද්‍රන් 11*, පෝශිත මදනායක 2/7

කඳාන ද මැසනඩ් විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය

  • කඳාන ද මැසනඩ් විද්‍යාලය– 166/10 (51.4) ශරිත් සුදීන 42, නිකලෝ ශරෝන් 37, තරුශ්ක අශෙල් 4/35, දසිත් සෙනාල් 3/29
  • කොළඹ ඉසිපතන විද්‍යාලය– 61/5 (32) තරුශ්ක අශෙල් 42, කවිඳු කෞශල්‍ය 2/9

කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය

  • කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය– 219/10 (43.4) මලිත පෙරේරා 100, චෙනුල් පින්සර 45, අභීද් පරණවිදාන 5/62, අන්ශෙන් ද සිල්වා 3/41
  • ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය– 120/10 (41.1) මහිත් පෙරේරා 42, මිතිල චාර්ල්ස් 31, චෙනුක රන්දුල 5/32, රන්දීශ බණ්ඩාරනායක 2/14

මෙම තරගවල දෙවන දිනය හෙට (29) ක්‍රියාත්මක වනු ඇති.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<