400m ශූරයා වසරේ වේගවත්ම කාලය සටහන් කරයි

158

ඇමරිකානු මීටර් 400 ශූරයෙකු වන Michael Norman පසුගිය දා ඇමරිකාවේ ටෙක්සාස් හී පැවති මලල ක්‍රීඩා තරගාවලියක දී මීටර් 100 ඉසව්ව තත්පර 9.86ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්ව සඳහා මෙම වසරේ සටහන් වූ හොඳම කාලය වාර්තා කිරීමට සමත් විය.

හොර පාරෙන් SAG දිනූ පාකිස්තානුවන් තවත් අසරණ වෙයි

එම කාලය ඔහු විසින් එම ඉසව්ව සඳහා වාර්තා කළ පෞද්ගලික හොඳම කාලය ලෙස ද සටහන් වූ අතර එම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ අවසානයේ දී වසර හතරකට පසුව තමන් හට මීටර් 100 තරගයක් නියෝජනය කිරීමට අවස්ථාවක් හිමි වූ බවයි.

මෙම දස්කමත් සමඟින් ඔහු මීටර් 100 ඉසව්ව තත්පර 10 අඩු කාලයකින් ද, මීටර් 200 ඉසව්ව තත්පර 20කට අඩු කාලයකින් ද සහ මීටර් 400 ඉසව්ව තත්පර 44කට අඩු කාලයකින් අවසන් කළ ලොව දෙවැනි ක්‍රීඩකයා බවට පත්වන අතර ඔහුට අමතරව එම දස්කම දක්වා ඇත්තේ මීටර් 400 ඔලිම්පික් පදක්කම්ලාභී Wayde van Niekerk පමණි.

මේ වන විට 22 වැනි වියේ පසුවන Michael Norman පසුගිය වසරේ පැවති රෝම ඩයමන්ඩ් ලීග් තරගාවලියේ දී මීටර් 200 ඉසව්ව ජය ගැනීමට සමත් වූ අතර එම වසරේම පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 400 ඉසව්ව ඔහු ජය ගැනීමට වැඩි ඉඩක් පැවතුණ ද අර්ධ අවසන් පූර්ව වටයේ දී ඔහු ආබාධයකට ලක්වීම නිසාවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.

පැතිර ගිය කොරෝනා වයිරස තත්වය නිසාවෙන් මෙම වසර තුළ මාස ගණනාවක්ම මලල ක්‍රීඩාවට තිත තැබීමට සිදුව තිබූ නමුත් මේ වන විට විවිධ උපක්‍රම භාවිතා කරමින් ලොව පුරා මලල ක්‍රීඩා තරගාවලි නැවත ආරම්භ කිරීමට කටයුතු කරමින් ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<