කොළඹ රාජකීය විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

U19 Division 1 Schools Cricket Tournament 2023/24

636
U19 Division 1 Schools Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (24) දිනයේ අවසන් වුනා.

මෙම තරගය කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර පැවැත්වුණු අතර ඊයේ (23) ආරම්භ වූ තරගයේ පළමු ඉනිම දියත් කළ සාන්ත ආනා විද්‍යාලය ලකුණු 201ක් ලකුණු පුවරුවට එක් කලා. ඊට පිළිතුරු ලෙස ඊයේ දිනය නිමා වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් රාජකීය පිතිකරුවන් විසින් එක් කඩුල්ලක් දැවී ලකුණු 69ක් ලබා සිටියා.

අද දිනයේ දී රාජකීයයන් විසින් කඩුලු 7ක් දැවී ලකුණු 205ක් ලබා ගැනීමෙන් පසුව ඉනිම අත්හිටවීමට තීරණය කළේ තමන්ට පළමු ඉනිමේ ජයග්‍රහණයක් ස්ථිර කර ගත් පසුයි.

මෙහි දී රාජකීය ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ ඔවින අඹන්පොල ලකුණු 43ක් ලබා ගත්තා. සාන්ත ආනා විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ යශ්මින් ජයසූන්දර කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.

ඉන් පසුව සිය දෙවන ඉනිම ආරම්භ කල සාන්ත ආනා පිතිකරුවන් දිනය නිමා වන තෙක් පිතිකරණයේ යෙදුණු අතර, දිනය අවසන් වන විට ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 98ක් ලබා සිටියා.

මෙහි දී ආනා ඉනිම වෙනුවෙන් නායක බුද්ධිම නන්දසිරි ලකුණු 54ක් එක් කළා. පන්දු යැවීමේ දී රාජකීයයන් වෙනුවෙන් සිනෙත් ජයවර්ධන කඩුලු 2ක් බිඳ හෙළුවා.

  • කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය– 201/10 (72.4) වගීශ රණසිංහ 33, කුශාන් සුභසිංහ 33, සිනෙත් ජයවර්ධන 3/36, බුලන් වීරතුංග 3/32 & 98/6 (25) බුද්ධිම නන්දසිරි 54, සිනෙත් ජයවර්ධන 2/32, නෙත්වින් ධර්මරත්න 1/1
  • කොළඹ රාජකීය විද්‍යාලය– 205/7 (59.1) ඔවින අඹන්පොල 43, රෙශාන් පීරිස් 32, යශ්මින් ජයසුන්දර 3/46, කෙවින් නානායක්කාර 2/46

තරගය ජය පරාජයෙන් තොරයි, කොළඹ රාජකීය විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

පාසල් ක්‍රිකට් පිටියේ උණුසුම් තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<