මනුජගේ විශිෂ්ට පන්දු යැවීම සෙබස්තියන් විද්‍යාලයට ජය ගෙන දෙයි

U19 Division 1 Schools Cricket Tournament 2023/24

416
U19 Division 1 Schools Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (23) දිනයේ දී ක්‍රියාත්මක වුනා.

මෙම තරගවලින් මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය කඩුලු තුනක ජයග්‍රහණයක් ලබා ගනිද්දී, මාතර සාන්ත තෝමස් විද්‍යාලය ඉනිමක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා.

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වුණු තරගයේ සිව් වන ඉනිමේ දී ජයග්‍රහණය සඳහා ලකුණු 113ක ඉලක්කයක් හඹා ගිය සෙබස්තියන් පිතිකරුවන් කඩුලු 7ක් දැවී නියමිත ඉලක්කය සපුරා ගත්තා.

මෙම තරගයේ දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සෙබස්තියන් විද්‍යාලයේ මනුජ චන්තුන ඉනිම් දෙකේ දී කඩුලු 11ක් බිඳ හෙළීමට සමත් වුනා.

මීට අමතරව තෝමසුවන් වෙනුවෙන් අභීත් පරණවිදාන කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වුනා. තරගයේ එකම අර්ධ ශතක ලාභියා වූ සාන්ත තෝමස් විදුහලේ දිනෙන් ගුණවර්ධන පළමු ඉනිමේ ලකුණු 59ක් ලබා ගැනීමට සමත් වුනා.

මේ අතර ඊයේ දිනයේ ආරම්භ වූ සාම්ප්‍රදායික තරගයක් වූ මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය අතර තරගය අද ජය පරාජයෙන් තොරව අවසන් වූ නමුත් පළමු ඉනිමේ ලද ලකුණු තුනක සියුම් ඉදිරිය නිසා තෝමසුවන්ට පළමු ඉනිමේ ජයක් හිමි වුනා.

මෙම තරගයේ දී තෝමසුවන් වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක් වූ පෙසඳු සන්ජන් පළමු ඉනිමේ දී ලකුණු 72ක් වාර්තා කළ අතර, නවිජ ද සේරම් සහ ඔචින්ත චාමික දෙවන ඉනිමේ දී අර්ධ ශතක වාර්තා කළා.

එමෙන්ම දේවානන්ද විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ කවීශ් හන්සක කඩුලු 5 දස්කමක් සමඟ ඉනිම් දෙකේ දී කඩුලු 6ක් බිඳ හෙළීමට සමත් වුනා.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය

  • ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය– 131/10 (42.1) දිනෙත් ගුණවර්ධන 59, මනුජ චන්තුක 7/40 & 155/10 (71.5) සේනාධි බුලන්කුලමේ 48, දිනෙන් ගුණවර්ධන 40, මනුජ චන්තුක 4/60, රයන් දිසානායක 3/21
  • මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 174/10 (58.4) නදීශ් ප්‍රනාන්දු 44, උශේන් සිල්වා 23, අභීත් පරණවිදාන 5/35, දිනෙන් ගුණවර්ධන 3/33 & 116/7 (26.1) උශේන් සිල්වා 44, නවෝද් ප්‍රනාන්දු 29, අශේන් පී. පෙරේරා 2/13

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට කඩුලු 3ක ජයක්.

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය

  • මාතර සාන්ත තෝමස් විද්‍යාලය– 196/10 (71) පෙසඳු සන්ජන් 72, ජිමුත් ඉද්දමල්ගොඩ 28, කවීශ් හන්සක 5/54, රවිඳු ද සිල්වා 3/34 & 137/2 (40.2) නවිජ ද සේරම් 64, ඔචින්ත චාමික 59, කවීශ් හන්සක 1/42, සිතුම් සත්සිඳු 1/23
  • අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය– 193/10 (83.5) මයුර මල්ශාන් 53, චමෝද් චන්දූප 28, නවිජ ද සේරම් 23/3, පුනල් පමුදිත 2/33

මාතර සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මේ අතර කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර තවත් දෙදින තරගයක් අද ආරම්භ වුනා.

මෙම තරගයේ දී සාන්ත ආනා විද්‍යාලය වෙනුවෙන් කුශාන් සුභසිංහ සහ වගීශ රණසිංහ පිත්තෙන් දස්කම් දැක්වූවා.

රාජකීයයන් වෙනුවෙන් සිනෙත් ජයවර්ධන සහ බුලන් වීරතුංග කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වුනා.

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය

  • කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය– 201/10 (72.4) වගීශ රණසිංහ 33, කුශාන් සුභසිංහ 33, සිනෙත් ජයවර්ධන 3/36, බුලන් වීරතුංග 3/32
  • කොළඹ රාජකීය විද්‍යාලය – 69/1 (16) රෙහාන් පීරිස් 26*, යසිදු දිසානායක 29, යශ්මින් ජයසුන්දර 1/17

තරගයේ දෙවන දිනය හෙට (24) පැවැත්වීමට නියමිතයි.

දිනෙන් දින උණුසුම් වන දේශීය පාසල් ක්‍රිකට් පිටියේ උණුසුම් තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<