Home Sinhala තර්ස්ටන් – ලුම්බිණි සම ශූරයන් වේ

තර්ස්ටන් – ලුම්බිණි සම ශූරයන් වේ

U 19 Division 1 Tier B Inter-Schools Limited Overs Tournament

222

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරනු ලැබූ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ Tier B කාණ්ඩයේ සම ශූරයන් ලෙසින් අභිශේක ලැබීමට කොළඹ තර්ස්ටන් සහ ලුම්බිණි විද්‍යාලයීය ක්‍රීඩකයෝ අද (28) සමත් වූනා.

මග්ගොන Surrey Village ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයට සවස් කාලයේ දී පැවැති අයහපත් කාලගුණ තත්ත්වය බාධා කළ අතර එබැවින් තරගය අතරමග නතර කිරීමට සිදු වූවා. ඒ අනුව කණ්ඩායම් 2 සම ශූරයන් ලෙසින් නම් කෙරෙමින් එම කාණ්ඩයේ තරගාවලිය ද අවසන් වූවා.

ලුම්බිණි විද්‍යාලය: සහන් කෞෂල්‍ය (නායක), නබීල් රාජුඩීන්, ගිහාන් ලක්ෂිත, අශාන් ශානිල්ක, දිනිත ප්‍රභාංක, ප්‍රවීන් මනීෂ, ඉශාත් ඩිල්ශාන් (කඩුලු රකින්නා), දුමිඳු සෙව්මිණ, පසිඳු මහීෂ, වයි. එස්. ලියනගේ, උෂාන් සත්සර.

තර්ස්ටන් විද්‍යාලය: ඩිනාල් ඉඳුවර, නවිඳු ප්‍රනාන්දු, තනුජ රාජපක්ෂ, ශානික්‍ය දේශප්‍රිය (කඩුලු රකින්නා) විහස් තෙව්මික, තනුග පලිහවඩන, ටලීෂ නානායක්කාර, යොවුන් සිල්ප, සෙත්රු ප්‍රනාන්දු, විශ්ව ධනංජය, මුලිත ද කොස්තා.

මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ක්‍රීඩාංගණ පිලිසකර කිරීමෙන් අනතුරුව මෙම තරගයේ ආරම්භය මදක් පමා වූවා. ඒ අනුව තරගය පන්දුවාර 49කට සීමා වූ අතර පළමුවෙන් පන්දුවට පහර දීමට පිවිසියේ ලුම්බිණි විද්‍යාලයයි.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තම ඉනිම අවසන් කරන්නේ කඩුලු 9ක් දැවී ලකුණු 178ක් ලබා ගනිමිනුයි. එහි ප්‍රමුඛ ලකුණුලාභියා වන්නේ දිනිත ප්‍රභාංක. ඔහු පන්දු 143කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 85ක් ලබා ගත්තා.

ඊට අමතර ව දුමින්ඳු සෙව්මිණ පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ලබා ගත් අතර පසිඳු මහීෂ පන්දු 22කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා.

ලුම්බිණි ඉනිමේ පළමු කඩුලු 6 ලකුණු 31ක් තුළ දවා ගනිමින් මෙම තරගයට කදිම ආරම්භයක් ලබා ගැනීමට තර්ස්ටන් පන්දු යවන්නෝ සමත් වූවා. නමුත් ඔවුන්ට එම තත්ත්වය දිගින් දිගට ම පවත්වා ගැනීමට හැකි වෙන්නේ නැහැ.

ඒ අනුව ලුම්බිණි  තනි ඉලක්කමේ පිතිකරුවන් 8 දෙනෙක්  දවා ගැනීමට මෙම සමත් වෙනවා.

පන්දු යැවීමේ දී තනුග පළිහවඩන ලකුණු 51කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යවන්නා බවට පත් වූවා. ඊට අමතර ව විශ්ව ධනංජය සහ යොවුන් ශිල්ප ද කඩුලු 2 බැගින් දවා ගත් අතර විහස් තෙව්මික ද කඩුල්ලක් දවා ගත්තා.

ජයග්‍රහණය සඳහා ලකුණු 179ක හඹා යන ඉනිමකට පිවිසි තර්ස්ටන් ක්‍රීඩකයන්ට අයහපත් කාලගුණ තත්ත්වය මහත් අවාසාවන්ත ලෙසින්  බලැපෑවා.

ඔවුන්ට ක්‍රීඩා කිරීමට හැකි වූයේ පන්දුවාර 11ක් පමණයි. පැවැති කාලගුණ තත්ත්වය යටතේ තරගය එතැන් සිට තරගය නතර කරන ලද අතර ඒ වෙද්දී තර්ස්ටන් ක්‍රීඩකයෝ ලබා සිටියේ කඩුලු 2ක් දැවී ලකුණු 48ක් පමණයි.

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු දිනාල් ඉඳුවර පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 27ක් ලබා ගත්තා.

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය

අවසන් මහා තරගය, නොවැම්බර් 28, 2023, U 19 Division 1 Tier B Inter-Schools Limited Overs Tournament

o ක්‍රීඩාංගණය – Surrey Village, මග්ගොන

o කාසියේ වාසිය – තර්ස්ටන් විද්‍යාලය

ලුම්බිණි විද්‍යාලය – කඩුලු 9ක් දැවී 178 (49.0) දිනිත ප්‍රභාංක නොදැවී 85, දුමිඳු සෙව්මිණ 26, පසිසු මහිෂ 20, විශ්ව ධනංජය 2/21, තනුග පලිහවඩන 3/51, යොවුන් සිල්ප 2/18

තර්ස්ටන් විද්‍යාලය – කඩුලු 2ක් දැවී 48 (11.0) දිනාල් ඉඳුවර නොදැවී 27

තරගයේ විසඳුමක් නෑ.

දෙස් විදෙස් පිටියේ තරග තොරතුරු සජීවී ව දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අපගේ වෙබ් අඩවිය සමඟින්.

Result


Lumbini College
178/9 (49)

Thurstan College
48/2 (11)

Batsmen R B 4s 6s SR
Nabeel Rajudeen lbw b Thanuga Palihawadana 1 2 0 0 50.00
Gihan Lakshitha c Navidu Fernando b Yovun Silpa 13 20 0 0 65.00
Ashan Shanilka b Thanuga Palihawadana 0 3 0 0 0.00
Shahan Kaushalya lbw b Vihas Thevmika 2 15 0 0 13.33
Dinitha Prabanka not out 85 143 5 0 59.44
Praveen Maneesha c Mulitha De Costa b Yovun Silpa 0 2 0 0 0.00
Ishath Dilshan run out (Thanuja Rajapaksha) 1 12 0 0 8.33
Dumindu Sewmina b Thanuga Palihawadana 26 63 1 1 41.27
Pasindu Mahisha lbw b Vishwa Dhananjaya 20 22 0 1 90.91
Y S Liyanage c Yovun Silpa b Vishwa Dhananjaya 0 1 0 0 0.00
Ushan Sathsara not out 2 1 0 0 200.00


Extras 28 (b 0 , lb 1 , nb 0, w 27, pen 0)
Total 178/9 (49 Overs, RR: 3.63)
Bowling O M R W Econ
Vishwa Dhananjaya 8 0 21 2 2.62
Thanuga Palihawadana 10 1 51 3 5.10
Vihas Thevmika 10 3 37 1 3.70
Yovun Silpa 4 1 18 2 4.50
Sethru Fernando 10 0 30 0 3.00
Talisha Nanayakkara 7 0 20 0 2.86


Batsmen R B 4s 6s SR
Dinal Induwara not out 27 34 2 1 79.41
Navidu Fernando run out (Pasindu Mahisha) 0 3 0 0 0.00
Thanuja Rajapaksha lbw b Ushan Sathsara 7 17 2 0 41.18
Shanikiya Deshapriya not out 9 12 0 1 75.00


Extras 5 (b 0 , lb 0 , nb 0, w 5, pen 0)
Total 48/2 (11 Overs, RR: 4.36)
Bowling O M R W Econ
Pasindu Mahisha 6 0 29 0 4.83
Dinitha Prabanka 1 0 6 0 6.00
Shahan Kaushalya 1 0 3 0 3.00
Ushan Sathsara 2 0 7 1 3.50
Y S Liyanage 1 0 3 0 3.00